අවුරුද්දකට පෙර
" කොහෙද පගෝ ඉන්නෙ "
අම්මෝ සුමිහිරි වොයිස් එක
" ඉදපන් ඉදපන් විනාඩි පහෙන් ඔතන "
" අනේ මෙව් උබේ විනාඩි පහ "
පෝන් එකත් කනේ තියන් හතර වටේ කැරකෙන මගෙ බේසිකයා ගෙ පිටට දඩාන් ගාලා එකක් අත ඇරියා..
" මොකද හු..... උබ මෙතන නම් උන්නෙ විනාඩි පහෙන් එන්නම් කිව්වෙ අහවල් එකටද "
" ආතරේට "
මන් විරිත්තුවා.
" අනෙ උබෙ ආතරේ ..යමන් ඉදගන්න "
" උබ ගිහින් ඉද ගනින් සුද්දො . මන් ගිහින් පට ගාලා බීම එකක් අරන් එන්නම් "
" හ්ම්ම් "
අම්මේ ඉතිම් මේකගෙ ලස්සන . සුදුයි . උසයි හැබැයි මට වඩා අගල් දෙකක් විතර කොටයි ඇග ගානට . ක්රේල් කොන්ඩෙ . බළල් ඇස් . මූ මේ ඇස් වලින් තමා හැම එකීවම පිස්සු වට්ටන්නෙ. කාටත ආඩම්බර ඉතින් . සෙංකඩගල නුවර ඉන්න ලොකු අත්තක පුතෙක් . නෙශිල් චේතන විජේසුන්දර . ඒ හැන්ඩි කොල්ලගෙ බොක්කෙ පිට් එක තමා මම .. නෙශිල් හැන්ඩියා වෙන්න ඇති එහෙමයි කියලා මාත් එහෙම්ම වෙන්න ඕනේ කියලා නීතියක් නෑනේ. මළ විකාර . මම එකෙම්ම තලෙලුයි .කෙට්ටුයි උසයි. මට තියෙන්නෙ තිස්සෙම මූණට වැටෙන කරදර කාර කොන්ඩෙකුයි . නිකම්ම නිකන් කලු ඇස් දෙකකුයි. සරලයි සුගමයි. අරූගෙ සම්පූර්ණ අනිත් පැත්ත . එකෙම්ම මම දුප්පත් කොල්ලෙක්.
" බරා....ස්" ටවුකනවා තව ඩිංගෙන් ඌවයි මාවයි සන්සන්දනය කර කර උඩ බලාගෙන ගිහින් චේතට අමුතුවෙන් යාලුවෙක් මවන්න වෙනවා.
දොරත් ඇරගෙන බැස්සෙ හැන්ඩි කොල්ලෙක් වයස 25 ක් විතර වගේ
"ආර් යූ ඕකේ " ඕකනේ ඕකනේ බැරි ඉතින් මුන්ට රෝද හතරක් ගත්ත ගමන් නිකම්ම සුද්දො වැහෙනවා. මොනා වුණත් පොර හැන්ඩියා. ජිම් යනවද කොහෙද ඇග ගානට මේන්ටේන් කරලා. මාත් ජිම් ගියා නම් හරි වගේ මේ කටු බොඩියට මස් කලදක් දා ගන්න . චැඃ!! මට මොන ජිම්ද මේ ඉන්න විදිය හොදයි.
" හේයි! මන් ඔයාට කතා කරන්නෙ "
" ආ..ඔව්..ඔව්ව්.. මන් හොදින් අව්ලක් නෑ "