හාදුවෙන් ඈත් උනාට පස්සෙ තමයි තරු පෙනුනේ . තිබ්බ තරහට මට පෙනුනේ ඩබේ වයි අර අක්කණ්ඩිවයි විතරයි නෙ . දැන් තමයි කිචන් එකේ ඉන්න අනිත් උන් ටික ව පේන්න ගත්තේ . මන් හැරිලා බලනවත් එක්කම එකපාරට කට්ටියට ලොකේ නැති වැඩ පහල උනා . වැඩක් නැතුව අසරණ වුණ නේතන්ගේ ලොකු අයියා වහලෙ උලු ගනින හැටි මන් දැක්කා . උලු නෑත් එක්ක සිවිලිමනෙ තියෙන්නෙ ."ක්.හැම් . මේ මේ මන් සුද්දව බලලා එන්නම් " කට ඇතුලෙන් වගේ කියලා පිලිකුල් විදිහට බලාගෙන හිටපු අක්කන්ඩිටත් දෙකක් රවලා මන් එතනින් පැන ගත්තා.
මොකද්ද යකෝ ඒ කරේ !!
"ආව් ආව්ව් ශේශාන් අයියෙ !! වැඩේ නැගලම යනවා වගෙ " මට ඇහුනා සුදු අයියා කුස්සියේ හෙන පැණි ඇබල කටහඩකින් කින්ඩිය දානවා .
ඉතින් ඕක තමයි දවල් උනේ . අක්කණ්ඩි නම් ඊට ටික වෙලාවකට පස්සෙ ගියා යාලුවෙක් ගෙ පාටි එකක් කියලා . නෙතා බෝලෙව තියලා ගියෙ . කොහොමත් වයින් එකක් ඇරෙන්න මෙයාලා බඩගාන්න බොන්නෙ නැති නිසා ප්‍රශ්නයක් නෑ . හිච්චි අයියන්ඩි තමා එක සොට් එකෙන් ඩව්න් වෙන ඩයල් එකකට ඉන්නෙ .
"ආයෙත් මොන ලෝකෙද අතුරු දහන් උනේ "
ඩබේ මගෙ නහය මිරිකුවා ."ආයි මනුස්සයො ඉන්න දීපන්කො "
එයා තාමත් උන්නෙ මගෙ ඉණ වටේ අතක් පටලගෙන .මාත් ඉතින් හොදට එයාගෙ ඇගට හේත්තුව දාගෙන පපුව උඩ අත් දෙක තියාගෙන හිටියා ."ඕයි කටකෑ මුදියාන්සේ ලගෙ කපල් එක!! මෙහෙ වරෙන් තෑගි බලන්න ඕනේ "
චේතා කෑ ගහනවා . ඒව් අක්කණ්ඩි නිසානේ මේ සේරම .
වෙලාව හවස පහ මාරට වගේ . අපි කට්ටිය හිටියේ නත්තල් ගහ වටේ .
මගේ වන දෙබරා නම් වයින් ග්ලාස් එකකුත් අතෙ තියාගෙන පැත්තකට වෙලා ඉන්නවා .
කොහොම හරි එතන වැඩි පුරම තෑගී තිබ්බෙ අපේ සුද්දටයි චූටි නෙතා බෝලෙටයි .
නෙතා බෝලෙට නම් අපි ගත්තේ පොඩි ටෙඩි බෙයාර් කෙනෙක් දුබුරු පාට . කෙල්ල ඒක ට ආස උනා .
චේතටයි ශේන් අයියටයි එකටම පැක් කරලා ටීසර්ට් දෙකක් දුන්නා .
අර අයියා මලෝ තුන්දෙනාටත් එහෙමම එක වගේ ටීසර්ට් තුනක් දුන්නා .