එතකොට මූද මෙච්චර වෙලා පාර දිගේ කරක් ගැහුව දෙදාහෙන් පස්සෙ සුනාමි ඩයල් එක .
දවල් සි යූ සූන් කිව්වට මෙච්චර ඉක්මනට එහෙම කියලා නම් හිතුවේ නෑ හැබැයි .
මුලු හිතම සතුටින් පිරිලා යනකොට කට කනට යන හිනාවක් එක්ක මන් කොල්ලාව කිටි කිටියේ අත් දෙකෙන්ම මගේ පපුවට තුරුල් කරගත්තේ ඌත් ලෝභ නැතුව මගේ ඉණ වටේන් දාලා මට තුරුල් වෙනකොට .
මන් බොරුද කියන්නෙ මූ නම් වවුල් පැටියෙක්ම තමයි .
මන් ඒ හිස්මුදුනෙන් තොල් තදකරගෙන විනාඩි ගානක් හිටියේ ඇස් වලට උනන කදුලු වේල ගන්න හයියෙන් ඇස් පිල්ලම් ගහන ගමන් .
ටිකකින් අපි දෙන්නම ඈත් වුණා . ම්ම්හ් දැන් තමයි පොඩ්ඩක් අපහසු වාතාවරණයක් ඇති වෙන්නෙ . ඇයි යකෝ අපි කිස් කරා නේද . ඒකත් අවුරුද්ද කට විතර හම්බෙලා කතා කරන්නත් දෙයක් දැන් නම් හිතා ගන්න බෑ .
" කැහ් ! කැහ් !! අර ගහේ පොල් නම් තාම කලටි වගේ නේද " මන් යශෝදර දිහා බැලුවේ සතෙක් දිහා බලන ගානට . ඇයි යකෝ මූ මොනාද මේ කියන්නෙ .මෙච්චර මේ රෝමාන්තික මූඩ් එකක ඉදගෙන කලටි පොල් ගෙඩියක් ගැන කතා කරන්නෙ .
"මොකද "
"උබට පිස්සුද බන් " ඔන්න දැන් නම් ටික ටික ආයෙම නෝමල් උනා .
"නෑ ඉතින් නිකන් "
"තමුසෙ කොහොමද මේ රෑ ආවේ " ආයෙමත් කොල්ලව ඉණ වටේ අත දාලා මගෙ ළගට ඇදලා ගන්න ගමන් ඇහුවා .
"බයික්කෙ " මන් හිතුවා හරි මූ තමයි දෙදාහෙන් පස්සෙ සුනාමි ඩයල් එක ආ නෑ සුනාමියට කලින් ඩයල් එක .
එයත් මන් දිහා බලන් ඉන්නවා මාත් එයා දිහා බලන් ඉන්නවා . මට එයා දිහා බලන්න බෑ හිනා යනවා . කොල්ලටත් මන් දිහා බලන්න බෑ හෙන මනමාල හිනාවක් යනවා .
"මොකො හිනාව ආ " මන් ඒ තොල් උඩින් පෙක් එකක් තියලා මූණට එබිලා ඇහුවා .
"මුකුත් නැහ් " මුකුත් නෑ කිය කිය ආයෙ හිනා වෙනවා . 'නැහ්' එකෙන්ම තේරෙනවා මොකුත් නැද්ද මොකුත් තියෙනවද කියලා .
" මේ ඕයි " මන් ආයෙම පෙක් එකක් තිබ්බා . කොල්ලට ලැජ්ජා හිතිලා හිනායන්න එනකොටම තොල් කට ඇතුලට ගත්තා.