"හෆොයි පිට උගුරේ ගියා නේත "
හිච්චි අයියණ්ඩි මන් ලගට ඇවිත් පිටට තට්ටු කරා . ..
."මේ මන් යනවා . උබල දෙන්නත් යන දේවලෙක පරිස්සමට ආ " සුදු අයියත් මොකද්දෝ හරුපයක් කියාගෙන යන්න ගියා .
"ආ කියන්න බැරි උනානේ මල්ලි .. මන් මල්ලි ට එන්න කිව්වෙ ඩේට් එකකට යන්න "
"ඩේට් ?? කා එක්කද " මන් ඉතින් හිත හිතා හිටියේ නෑ අහලා දැන්මා.
"වෙන කව්ද අනේ ඔයා එක්ක "
"ක්.හැ..ක්.හැ.." ජයග්‍රාහී දෙවෙනි වතාවටත් මට පිට උගුරෙ ගියා..
මගෙ වෙලාව මේ දවස් වල හොද නෑ වගේ . වෙලාව පොඩ්ඩක් බලා ගත්තා නම් හරි .
"මොකද අනේ මේ පොඩි එකෙක් වගේ . ඔන්න නෑ බෑ ගාන්න නම් ලෑස්ති වෙන්න එපා හොදේ . මන් කෙලිම ඔයාලගෙ මාමාගෙන් ඇහුවා එයා කිව්වා අද ඔයාට වැදගත්ම...කියලා වැඩ නෑ කියලා . එහෙනම් ඔයා ඔහොම ඉන්නකො මන් පට ගාලා ලෑස්ති වෙලා එන්නම් "
මගෙන් උත්තරයක් වත් බලන්නෙ නැතුව කියවගෙන කියවගෙන ගියපු හිච්චි අයියණ්ඩි ඊට පස්සෙ පඩි පෙල නැගගෙන උඩට ගියා .
මේ මොන මරාලයක් ද මේ කඩන් පාත් උනේ . යකෝ මන් උදේ ගෙදරින් ආවේ වැඩට යන්න නේද .දැන් එතකොට මන් මේ මොකද්ද කරන්නෙ .
අපි ඉන්නෙ ශොපින් මෝල් එකක එයා ඇදුම් තෝරනවා . එයාට නම් මොකද හොද ඕව සයිස් ටීශර්ට් එකකුයි කොට කලිසමකුයි ගහගෙන රියල් කියුට් බොටමක් ..ඒකට මම ඩර්ක් බ්ලූ ඔෆිස් ට්‍රවුසර් එකට සුදු ශර්ට් එක ඇදලා ..දාලා හිටපු ටයි එකයි කොට් එකයි මන් වාහනෙන් ගලවලා තියලා ආවා ඇයි යකෝ මේ රස්නෙට නැත්තන් මාව තැම්බිලාම මැරෙයි .
දවල් එක විතර වෙනකන් කරේ අරහෙටයි මෙහෙටයි දුව දුවා ඇදුම් ගත්ත එක . මන් ඕන මගුලක් කර ගනින් කියලා පැත්තකින් ඉදගෙන හිච්චි අයියණ්ඩියා දිහාම බලන් උන්නා . ඇයි යකෝ බැරි වෙලාවක් වත් මොකෙක් හරි සාක්කුවෙ දාගෙනවත් ගියොත් මන් අර මාර පුත්තු දෙන්නට මක්ක කියන්න ද අනික අර සුදු අයියා කියන එකා නම් අද උදේ වෙච්ච දේ හැටියට මගෙන් කට උත්තර අරගෙන නතර වෙන එකක් නැති වෙයි .