"ස්ටාට් වෙන්නෙ නෑ නේ ළමයො "
මන් මට එහා පැත්තෙන් පැසෙන්ජර් සීට් එකේ හිටපු කොල්ලට කිව්වා..
" බස් එකේ යමු ද සර් "
"ඔව් දැන් එහෙමවත් කරමු .මේ වැස්සෙ මේක හදන්න අය හොයන්නත් බෑනේ .ඉන්න මන් ආයතනෙට කියලා එන්නම් "
මන් වැහි පොද ගහන අස්සෙම බැහැලා වේගෙන් අඩි තිබ්බේ ආයතනයේ ඔෆිස් එක අස්සට . ක්ලාස් එක ඉවර වෙලා .ශෙනුඇවිත් චේත් ව එලියට එක්ක ගියා සුද්දත් එක්ක . ඒක නිකන් ඩේට් එකක් වගේ . යශෝදර සුද්දව ගෙදර එක්ක යන්න හැදුවත් ශේනු ඒකට කැමති උනෙ නෑ . කොහොම හරි ඒ කට්ටියව පිටත් කරලා අපි දෙන්නා ගෙදර එන්න ලෑස්ති වෙනකොට වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ."ආ ශේශාන් සර් මොකෝ මේ තාම ගියෙ නැද්ද " මාව දැකලා එහෙම අහගෙන ඉස්සරහට ආවේ මේ ආයතනයේ අධ්‍යක්ෂක තුමා..එයාගෙ ගේ තියෙන්නෙත් මෙතනම තියෙන බුක් ශොප් එකේ උඩ තට්ටුවෙ . ඒ නිසා ලොකු අවුලක් නෑ .
" නෑ මිස්ටර් සේනාදීර . මගේ වාහනෙ ස්ටාට් වෙන්නෙ නෑ.මන් මේ කියන්න ආවෙ අද වාහනේ දාලා යනවා කියලා "
"ආ . එහෙමද . මේ වැස්සෙ හදන්න කෙනෙක් හොයා ගන්නත් අමාරු වෙයි ."
"ඒක තමයි "
"හරි සර් !! සර් බය වෙන්න එපා . වාහනේ පරිස්සමට තියෙයි "
"ඕකෙ මිස්ටර් සෙනාදීර .මන් එහෙනම් යන්නම් "
සෑහෙන කාලෙකට පස්සෙ මන් බස් එකෙ යන්නෙ ..ඒකත් ගිහිල්ලම නැති තරම් . පොඩ වැස්ස ටික ටික මහ වැස්සක් උනේ අපි දෙන්නා බස් හෝල්ට් එක යටට එනවත් එක්කමයි..වැස්සෙ සද්දෙයි යාන්තමට ඇහෙන ගෙරවිල්ලයි ඇරෙන්න අපි අතරේ තිබ්බෙ නිහැඩියාවක් . අපිට කතා කරන්න කියලත් මහා දේවල් තිබ්බෙ නෑනේ ඉතින් කොහොමත්.
ටිකකින් ලොකු ප්‍රයිවට් බස් එකක් ඇවිත් නැවැත්තුවම වැස්සෙම දුවගෙන ගිහින් යශෝදර නැග්ගා ඒ පස්සෙන්ම මාත් බස් එකට නැග්ගා.නැග්ග ගමන්ම පිටිපස්සෙ දොර ලග තිබ්බ සීට් එකේ කොල්ලව ඉන්දවුනේ බස් එක වේගෙන් අද්දනකොට . කොල්ලා බොග් ගාලා ඉදගත්තා ඒකත් වතුර ගොඩේම .ඒ නිසාමද මන්දා කොල්ලගෙ මූනත් තැලිච්ච සතපහා වෙලා ගියා.