🍁🍁 Chapter 02 🍁🍁

59 13 0
                                    


මං එහෙමම ඇස් ඇරලා බලද්දි දැක්කේ මට එහාපැත්තේ හිටපු හායුන්ගේ අතට ලීශින් සර් වේවැලෙන් ගහන විදිහ.

ඒත් මට මතක විදිහට හායුන් අභ්‍යාස කරලා තියෙනවා මං ඇස් කොනෙන් වගේ දැක්කා. ඒ පමාවටම මං බැලුවේ ඩෙස් එක උඩ තිබුනු මගේ සටහන් පොත දිහා. පොතේ හිස් වෙලා තිබුනු පිටු වෙනුවට ගණන් අභ්‍යාස ටික කරලා තිබුනු පිටු පේන්න ගද්දි මං බැලුවේ මට එහාපැත්තේ හායුන්ගේ පොත දිහා.

එයාගේ පොතේ පිටුව හිස්වෙලා තියෙද්දි මං ඇසුත් ලොකුකරන් ලීශින් සර්ගෙන් ගුටි කන හායුන් දිහා බැලුවා.

හායුන් එයාගේ සටහන් පොතයි මගේ සටහන් පොතයි මාරුකරලා.

" තමුන්ගේ හැසිරීම දැන් එන්න එන්නම හරිම නරකයි හායුන්! ඉස්කෝලෙට පරක්කු වෙලා එනවා මදිවට දැන් මං දෙන අභ්‍යාසත් මඟඅරිනවා නේද තමුන්?..යනවා පංතියෙන් එලියට! ගිහින් අත්දෙක උස්සන් දනගහනවා! මගේ පීරියඩ් දෙක ඉවර වෙනකන් තමුන්ට පංතිය ඇතුලට එන්න බෑ! දැන් යනවා! "

ලීශින් සර් කෑගහනවත් එක්කම මං හායුන් දිහා බලද්දි හායුන් ඇස්වලින් 'හැමදේම හරි' කියන්න වගේ මං දිහා බලලා ලාවට හිනාවෙලා පංතියෙන් එලියට ගිහින් කොරිඩෝවේ දන ගහගත්තා.

ඒ වෙලාවේ මට සර්ට ඇත්ත කියන්න හිතුනත් කවදාවත් සර් කෙනෙක්ගෙන් මිස් කෙනෙක්ගෙන් බැනුමක්වත් මං අහලා තිබුනේ නැති නිසා මගේ හිතට ඒක මදිකමක් වගේ දැනුනා. ඉතිං මං එහෙමම හායුන්ගේ ඩෙස් එකේ තිබුනු මගේ ගනන් පොත අරන් වාඩිවුනේ සර් අනිත් ලමයිගෙත් පොත් බලලා ඉවරවෙලා පාඩම පටන් ගද්දි.

මං ගණන් පීරියඩ් දෙක පුරාම සැරින් සැරේ හායුන් දනගහන් හිටපු දිහා බලද්දි හායුන් කරේ හිනාවෙවි එලියේ ඉඳන් මට අත වනපු එක.

ලීශින් සර්ට බයේ පංතියේ හැම ලමයෙක්ම වගේ අභ්‍යාස කරලා තිබුනු නිසා හායුන්ව විතරයි පංතියෙන් එලියට දාලා තිබුනේ. ඒත් මේ කෙල්ලට නම් ගානක්වත් නැද්ද කොහෙද. පංතියෙන් එලියට දාලා තියෙද්දිත් දත් තිස්දෙකම එලියේ දාගෙන හිනාවෙවි ඉන්නවා.


ට්‍රීං...ට්‍රීං...

ඉන්ටවල් එකට බෙල් එක වදිනවත් එක්ක මං එහෙමම නැඟිටලා කැන්ටිමට යන්න පිටත් වෙද්දි මං ඇස් කොනෙන් දැක්කේ ටිකක් අමාරුවෙන් වගේ ඇවිදන් මගේ පිටිපස්සෙන් එන හායුන්ව.

REMORSE || KSJ ✔️Where stories live. Discover now