🍁🍁 Chapter 01 🍁🍁

105 13 0
                                    

~~ 1965 වර්ෂය ~~

" ජිනී! "

" ජිනී! පොඩ්ඩක් ඉන්නකෝ! "

ආශ්! මේ වදකාර කෙල්ලට නම් කොච්චර කිව්වත් අහන්නේ නෑනේ.

මං හිතින් මුමුනන ගමන් පිටිපස්ස හැරිලා රවලා බලද්දි දැක්කේ මං හිටපු දිහාට අඩි දහයක් පහලවක් ඈතින් ඉඳන් දනිස් වලටත් අත් තියාගෙන නැමිලා හති අරින හායුන්ව.

" ඔයා නම් මහ නපුරෙක් ජිනී! මං ටිකක් ඉන්න කියද්දිත් ඔයා මං එනකන් හිටියේ නෑනේ! "

හායුන් හති අරින ගමන්ම හිමීට මං ලඟට දුවගෙන ඇවිත් මූනත් බෙරි කරගෙන කියද්දි මං කරේ ආයෙමත් එයා කියන දේවල් නෑහුන ගානට ඉස්සරහට ඇවිදන් ගියපු එක.

" යාහ්! ජිනී!! ටිකක් හිමීට යන්න කියලා නේද කිව්වේ මං!..යාහ්! කිම් සොක්ජින්!! තමුන්ට වගේ දිග කකුල් දෙකක් මට නෑ! ඒ නිසා ටිකක් හිමීට යනවකෝ! "

හායුන් ආයෙමත් සද්දෙන් කෑගගහා මගේ පස්සෙන් ආවත් මං එකපාරක්වත් එයා දිහාට හැරෙන්නේ නැතුව ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ගියා.




" මින් හායුන්! තමුන් ඔය කොහෙද දුවන්නේ? තමුන් අද හරියටම විනාඩියක් පරක්කුයි! යනවා පිට්ටනියට! ගිහින් පිට්ටනිය වටේ වට දහයක් දුවනවා! "

මං අපේ පංතිය පැත්තට ඇවිදන් යද්දි මට ලාවට වගේ ඇහුනේ ලීශින් සර් හායුන්ට කෑගහන සද්දේ. හායුන්ගේ බෙරිවුන මූන මතක් වෙද්දිත් මගේ කට කොනකට හිනාවක් යද්දි මං ඔලුවත් දෙපැත්තට ගසන ගමන් පංතිය ඇතුලට ගියේ පලවෙනි පීරියඩ් එක පටන් ගන්න බෙල් එක වදිනකොට.

________________

ට්‍රීං...ට්‍රීං...

පලවෙනි පීරියඩ් එක ඉවරවෙලා දෙවෙනි පීරියඩ් එක පටන් ගන්නකොට තමයි හායුන් මූනත් ඇදකරන් පංතිය ඇතුලට ආවේ.

ඒ ඇවිත් මගේ දිහා එකපාරක් රවලා බලලා මට එහාපැත්තේ තිබුනු එයාගේ ඩෙස් එකෙන් බෑග් එකත් සද්දෙට තියලා වාඩිවුනා. උදේම පිට්ටනියේ දුවපු නිසාද මන්දා හායුන්ගේ මූන චෙරි ගෙඩියක් වගේ රතුපාට වෙලා තිබුනේ. එයාගේ නලලෙන් තාමත් දාඩිය බිංදු දෙක තුනක් බේරෙනවා.

REMORSE || KSJ ✔️Where stories live. Discover now