🍁🍁 Chapter 07 🍁🍁

47 10 0
                                    


මං දන්නේ නෑ යුංගියි හායුනුයි කොහොමද මේ වෙලාවේ මං ජේන්ගේ කාර්යාල කාමරේ ඉන්නවා කියලා දැනගත්තේ කියලා.

ආශ්! වූෂික්!..

අනිවාරෙන්ම වූෂිකා තමයි කියන්න ඇත්තේ. මොකද වූෂික් විතරයි දැනගෙන හිටියේ මං මේ වගේ වෙලාවල් වලට ජේන් ලඟට යනවා කියලා. කොහොමත් මිනිහා පහුගිය දවස් ටිකේ හායුන්ගේ ප්‍රශ්නේ නිසා මාත් එක්ක එච්චර හිත හොඳින් නෙමෙයිනේ හිටියේ.

" මං උඹව විශ්වාස කරා සොක්ජින්! මගේ නංගිගේ බඩට දරුවෙකුත් දීලා උඹ ඒකිව කුනු ගොඩක් ගානට අතෑරලා දානකම්ම මං උඹව මෝඩයෙක් වගේ විශ්වාස කරා! උඹ මෙච්චර පහත් මිනිහෙක් කියලා මං කවදාවත් හිතුවේ නෑ! ශිට්! අසමජ්ජාතියා! "

යුංගි කෑගහලා කියන ගමන් ආයෙමත් මගේ මූනට අතින් පාරවල් කීපයක්
ගැහුවේ පාරවල් වල සැරට මගේ මුලු මූනම ඇදුම් කද්දි.

" අනේ ඔප්පා! චෙබල්! ඕක නතර කරන්න!..ජිනීට ගහන්න එපා! චෙබල්.."

යුංගි තවත් මට ගහන්න හදද්දි හායුන් අඬ අඬාම යුංගිගේ අතේ එල්ලිලා යුංගිව මගෙන් අයින් කරන්න හැදුවා.

" හායුන් මගේ යකා අවුස්සන්නේ නැතුව එහාට වෙනවා! මං අද මූව ඉතුරු කරන්නේ නෑ තමුසෙට කරපු දේට! "

යුංගි හායුන්ගේ අතගසලා දාන්න හැදුවත් හායුන් යුංගිගේ අත බදාගෙනම හිටියා.

" ජිනීගේ වැරැද්දක් නෑ ඔප්පා!..එයා..එයා මුලින්ම බෑ කියද්දි මට තමයි එයාව ඕනවුනේ..ඒ හින්දා චෙබල්..එයාව අතාරින්න! "

හායුන් අඬ අඬාම යුංගිගේ අත තදකරලා අල්ලගෙන කියද්දි යුංගි අල්ලන් හිටපු මගේ කමිස කොලර් එක යුංගිට ඉබේටම අතඇරැනා. තවත් තප්පර කීපයක් යද්දි යුංගි මගේ ලඟින් අයින් වුනේ ලඟ තිබුනු පුටුවකටත් වේගෙන් පයින් ගහන ගමන්.

" බලපන්! ඒ අහිංසකී තාමත් ගන්නේ උඹේ පැත්ත! "

යුංගි හායුන්ව පෙන්නලා කියද්දි මිස් ජේන් මගේ ලඟට ඇවිත් මට නැඟිටින්න උදව් කරා.

" උඹ දන්නවද අද උදේ වෙනකම්ම මං දැනගෙන හිටියේ නෑ හායුන්ට උඹෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා! වෙලාවට මට සේරි අද උදේ හරි විස්තරේ කිව්වේ හායුන් දිගටම අසනීප වෙන නිසා මං එයාව හොස්පිට්ල් ගෙනියන්න ලෑස්ති වෙද්දි.. හායුන් කොච්චර එපා කිව්වත් මං මේ ගමන ආවේ උඹව බලෙන් ඇදගෙන ගිහින් හරි හායුන්ට බන්ඳලා දෙනවා කියලා හිතාගෙන..ඒත් වටේම ඉන්න ගෑනුත් එක්ක ලගින උඹ වගේ තිරිසනෙක් මගේ අහිංසකීටවත් ඒකිට ලැබෙන්න ඉන්න දරුවටවත් කොහෙත්ම ඕනවෙන්නේ නෑ!! "

REMORSE || KSJ ✔️Where stories live. Discover now