🍁🍁 Final Chapter 🍁🍁

95 10 1
                                    

" ඔ...ඔයා___"

" ඕහ්! ඇත්තටම මං සර්ගේ ලොකු රසිකයෙක්..ඉතිං..සර්ගේ කතාව අහන් ඉද්දිම මට හිතුනා සර් තමයි මං කියවන්න ආසම පොත් ලියන 'යථාර්ථවාදී විත්තිකාරයා' කියන නමින් ඉන්න ලේඛකයා කියලා "

මං වචන ගලපගන්න ලොකු උත්සාහයක යෙදෙද්දි එයා කිසි ගානක් නැතුව හිනාවෙලා කතා කරන්න ගත්තා.

" අම්...සර්ගේ අකැමැත්තක් නැත්තන් මට සර්ගේ සමරු අත්සනක් දෙනවද? "

මං ලියපු පොතකුත් මගේ ඉස්සරහට දිග්කරන ගමන් එයා හිනාවෙලා කියද්දිත් මං ගල්වෙලා වගේ එයා දිහා බලන් හිටියා.

" හා..හායුන්! "

අන්තිමේදි මං වචන ගැටගහත්තා. ඇත්තටම මං දන්නේ නෑ මං මේ දකින්නේ හීනයක්ද එහෙමත් නැත්තන් මට ඇත්තටම පේන දෙයක්ද කියලා. ඒත් මගේ ඉස්සරහා උපාධි ප්‍රදානෝත්සවේට දාන ලෝගුවකුත් ඇඳගෙන හිනාවෙලා මගේ දිහා බලන් හිටියේ හායුන්.

ඒක වෙන්නේ කොහොමද?..මේ ලමයා හායුන් වගේමයි..හායුන්ගේ සුදුමැලි පාට හම..වීදුරුමහ පේන හුරතල් හිනාව..තද කලුපාට කැරලි කොන්ඩේ..ඒ හැමදේමත් එක්ක මේ ලමයා හායුන්ගෙම අනුරුවක් වගේ.

" ඕහ්! හායුන් කියන්නේ මගේ ඔම්මා..මං හාජින්..සර් මගේ ඔම්මව දන්නවද?"

එයා ඇසුත් ලොකුකරන් අහද්දි මට ඒ වචන ටික ඇහුනේ හීනෙන් වගේ.

හා..හායුන්ගේ දරුවෙක්?...

මගේ පපුව හිරවෙන්න තරම් වේදනාවක් දැනුනත් මං එයාට වෙනසක් පෙන්නන්නේ නැතුවම 'ඔව්' කියන්න ඔලුව වැනුවා.

" වාහ්! දෙබග්!..සර් ඔතනටම වෙලා ඉන්නකෝ!..ඔම්මයි අප්පයි එයාලට වෙන්කරපු හෝල් එකේ ඇත්තේ..සර් මේ පැත්තට එනවා දැකපු නිසා මං ඔම්මලා ලඟටවත් යන්නේ නැතුව සර්ව හම්බවෙන්න ආවේ..මං ඉක්මනට ඔම්මව එක්කන් එන්නම්.."

එයා එහෙම කියලා එයාගේ ලඟ තිබුනු පොතත් මගේ අතට දීලා එහෙමම උත්සව ශාලාව පැත්තට ලොකු උද්යෝගයකින් වගේ දුවන් යන හැටි මං ඔහේ බලන් හිටියා.

" අනේ දරුවෝ ටිකක් හිමීට යමුකෝ! ඔයා වගේ නෙමෙයිනේ..මං වයසයි දැන්.."

REMORSE || KSJ ✔️Where stories live. Discover now