තප්පර කීපයක් යනකන්ම හායුන් ඇස් ලොකුකරන් මගේ දිහා බලන් ඉන්නවා මං ඇස් කොනකට දැක්කත් ටික වෙලාවකට පස්සේ හායුනුත් හිමීට මගේ හාදුවට පිලිතුරැ දෙන්න ගත්තේ එයාගෙත් ඇස් පියවෙලා යද්දි.
තමුන් මේ කරන වැඩේ වැරදියි සොක්ජින්! හායුන් අහිංසකයි!..
විනාඩි කීපයක්ම මං හායුන්ගේ හීනි තොල් අස්සේ අතරමං වෙලා ඉද්දි එකපාරටම වගේ මගේ යටි හිත කෑගහලා කිව්වා.
ඒ ක්ෂනයෙන්ම මං හායුන් ලඟින් අෑත්වුනේ විදුලි වේගෙන්.
" ඇ..ඇයි ජිනී? "
හායුන් පුදුම වෙලා මගේ දිහා බැලුවේ මං පැත්තකට වෙලා වේගෙන් හුස්ම ගද්දි.
" අම්..මං ඇහුවේ..ඇයි නැවැත්තුවේ? "
මං උත්තර නොදී ඉද්දි හායුන් එයාගේ මූනට වැටුනු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සට කරගන්න ගමන් මගේ දිහා හොරෙන් බල බල ඇහුවා.
හායුන්ගේ මුලු මූනම රෝස පාටට හැරිලා. මං දන්නේ නෑ මට හායුන්ව එහෙම පේන්නේ මං බීපු සෝජු වල සැරටද කියලා. ඒත් ලා කහ පාටට හුරු දනහිසෙනුත් අඟල් කීපයක් උඩට වෙන්න හායුන් ඇඳලා හිටපු දුහුල් රෑ ඇඳුමට මට හායුන්ව පෙනුනේ ඉදුනු පීච් ගෙඩියක් වගේ ගොඩක් ලස්සනට. හරියට නිකන් එයාව රස බලන්න මට කතා කරනවා වගේ.
ආශ්! සොක්ජින්! හොඳ සිහියට එනවා මනුස්සයෝ! තමුන් ඔය හායුන්ට කරන්න යන්නේ වැරැද්දක්!..
මං කට ඇතුලේ දිව රෝල් කරන ගමන් හායුන් දිහා බලාගෙන ඉද්දි ආයෙමත් මගේ හිත කෑගැහුවා.
" මට..මට සමාවෙන්න හායුන්..මං ටිකක් drinks අරන් ඉන්නේ. ඒකයි..ඒකයි මට ටිකක් මාව පාලනේ කරගන්න බැරිවුනේ.."
මං මගේ නලල දෙපැත්ත අතකින් තෙරපගන්න ගමන් කියද්දි හායුන් මගේ දිහා බලන් හිටියේ මං කවදාවත් එයගෙන් දැකලා තිබුනු නැති බැල්මකින්.
" මං දැන් යන්නම් හායුන්.. ඔයා..පරිස්සමට දොර වහගෙන___"
මට තවත් මුකුත් කියාගන්න බැරිවුනේ හායුන් එකපාරටම මගේ බෙල්ල වටේට අත් යවලා මගේ තොල් වලට බරවුනු නිසා.
මං හායුන්ව මගෙන් අෑත් කරන්න හැදුවත් හායුන් තව තවත් මාව එයාට ලංකරගෙන මාව තදින් සිපගත්තා.
YOU ARE READING
REMORSE || KSJ ✔️
Fanfictionඅවසානයේ මා සියලුදේ වටහාගත් විට මා හට පසුතැවිල්ලක් පමනක් ඉතුරු විය..☘️ Starting Date - 28 - 06 - 2023 Ended Date - 31 - 07 - 2023 ✍️ Nishyoon 💜️