🐱 කුකී , හ්යුන්ග්ගේ මේ තත්ත්වෙත් එක්ක ඔයාගේ යාලුවා මෙහෙට එන එකේ ප්රශ්නයක් නැද්ද ??
හොබිගේ තුරුලේ නින්ද ගිහින් ඉන්න ජිමින් දිහා දුකින් බලාගෙන යූන්ගි අහනකොට ජන්ග්කුක් උනත් හිටියේ ඒ ගැන දෙගිඩියාවෙන්...මුලදි එයාලා ජින්ට තියෙන්නේ ලෙඩක් කියලා හිතුවත් ජිමින්ට උන දේත් එක්ක එයාලා තේරුම් ගත්තා ඒක අසනීපයක් නෙමෙයි කියන එක..ජිමින්ගේ ඇස් ඉස්සරහම ජින්ගේ දිව පොලව තෙල් දික් වෙනකොට, ඒ ඇස් ගිනි බෝල වගේ රතුපාට වෙනකොට ඒක අසනීපයක් නෙමෙයි කියන්න අමාරු උනේ නෑ...මේ වගේ වෙලේක ජිමින් බොරු කියන්නේ නෑ කියලා දන්න නිසාම වෙව්ලන ගමන අඩ අඩ උන හැමදේම ජිමින් කිව්ව විදියට හැමෝටම ඒක විශ්වාස කරන්න සිද්ද උනා..
🐰 මන් දන්නේ නෑ හ්යුන්ග්...ඒත් එයා එන එකෙන් අඩුම අපිට මේකට කරන්න පුලුවන් දෙයක් හරි දැනගන්න පුලුවන් හ්යුන්ග්...නොදන්න රටක අපි මොනවා කරන්නද ??
🐯 ඒක ඇත්ත හ්යුන්ග්..එයා මෙහෙ කෙනෙක්නේ..එයාට පුලුවන් වෙයි අපිට උදව් කරන්න..අඩුම ජින් හ්යුන්ග් එවෙලෙට කියන දේවත් තේරුම් ගන්න එයාට පුලුවන් වෙයි..
ටේහ්යුන් කිව්වාට පස්සේ එතනින් එහාට තිබ්බේ ලොකු නිශ්ශබ්දතාවක්..මේ වෙන කිසිම දෙයක් ගැන කාටවත්ම කතා කරන්න උවමනාවක් තිබ්බේ නෑ..ඉදලා හිටලා ජින්ගේ කාමරෙන් එක එක ඒවා පෙරලෙන සද්ද හැරෙන්න මුකුත්ම සද්දයක් මුලු වලව්ව පුරාම තිබ්බෙ නෑ..ජින්ට සිහිය ආපු ගමන් ආයි අමුතු විදියට හැසිරෙන්න පටන් ගත්ත නිසා කට්ටියම ජින්ව බලෙන්ම ඇදේ තියලා ගැට ගැහුවට පස්සේ දොර ලොක් කරලා එලියට ආවේ කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරුවයි..
🐨 මන් වලව්ව ගැන ටිකක් සර්ච් කරලා බැලුවා..මේක ඇත්තටම භූත ගුහාවක්ද කොහෙද ?? බලන්න මිනිස්සු කියන්නේ මෙහෙ හොල්මන් ඉන්නවා කියලා...
එතන තිබ්බ නිශ්ශබ්දතාවය නම්ජුන් ෆෝන් එක දිහා බලන් කියනකොට හැමෝම ෆෝන් එකට එබුනා..
🦄 සෝශල් මීඩියාවල තියෙන හැමදේම විශ්වාස කරන්න බැහැනේ ජූන්...මේ වලව්ව එලියට පේන්නෙවත් නැතුව , කවුරුත් මේකට එන්නෙවත් නැතුව කොහොමද මිනිස්සු මේකේ හොල්මන් ඉන්නවා කියලා කියන්නේ ??

YOU ARE READING
Fantasy World || Ot7 || Completed
Truyện Ngắn🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ අක්කා, නංගි,බිරිද, ගර්ල්ෆ්රෙන්ඩ් , බෝයිෆ්රෙන්ඩ් වෙන්න ඕනද ?? ඔයාගේ ජිවිත උන සිදුවීමක් ලියන්න ඕනද ?? මෙන්න ඔයාලට ලැබෙන චාන්ස් එක...ඔයාගේ හ...