File No.39 -Chapter 04

118 17 4
                                    

🐱 මේ..මේ මොකක්ද හ්‍යුන්ග් ??

යූන්ගි ජින් එයාට පෙන්නපු වීඩියෝ එක දිහා ඇස් ලොකු කරගෙන බලන් අහනකොට ජින් නැගිටලා ගිහින් ජනේලෙන් පේන රෑ අහස දිහා බැලුවා.

🐹 ඒ කුකීගේ ඔම්මායි අප්පායි..

🐱 එ..ඒත් මේ මේක මර්ඩර් එකක්නේ හ්‍යුන්ග්...එයාගේ ඔම්මායි අප්පායි මැරුනේ ඇක්සිඩන්ට් එකකින් නෙමෙයිද ??

විඩියෝ එකේ පැහැදිලිව පේන මිනීමැරුම දිහා හිතාගන්න බැරුව යූන්ගි ඇහුවේ පුදුමෙන්..ඒ ඉන්නේ ඇත්තටම ජන්ග්කුක්ගේ ඔම්මායි අප්පායි නම් ඒ දෙන්නා මැරෙන මොහෙතෙත් දුක් විදලයි මැරිලා තිබ්බේ..මොකද විඩියෝ එකෙන් පැහැදිලිවම පේනවා කන්දක් උඩින් ඒ කෙල්ලව පන පිටින්ම ඒ කොල්ලා ඉස්සරහ පහලට තල්ලු කරනවා වගේම ටිකකින් වීඩියෝ කරන කෙනා ඒ කොල්ලාටත් වෙඩි තියනවා..

🐹 ඔයා තාම මුලු විඩියෝ එකම බැලුවේ නෑ යූන්ගියා..ඔක්කොම බලන්න..!!

ජින් කියනකොට කොල්ලාට වෙඩි තිබ්බ තැනින් නතර කරපු යූන්ගි වීඩියෝ එක දිගටම ප්ලේ කරත් කැමරා කරපු කෙනා කැමරා එක එයාගේ මූනට හැරෙව්වාම යූන්ගි අතින් ෆෝන් එක ඉබේටම ඇතෑරුනා..

🐱 හ්...හ්‍යුන්ග් මේ...

🐹 එයා තමයි යූන්ගියා..ආහ් මේකත් බලන්න..ඔයාගේ ප්‍රශ්න ඔක්කොම ඒවට උත්තර මේ ෆයිල් එකේ තියෙනවා..

යූන්ගි ගල් ගැහිලා වගේ බලන් ඉන්නකොට කබඩ් එක ඇරලා file no.39 කියලා ගහලා තියෙන ෆයිල් එක යූන්ගිගේ අතට දුන්නා..හිතේ ඇදුනු ප්‍රශ්න ගොඩක් එක්ක ෆයිල් එක ඉක්මනට දිගෑරිය යූන්ගි ෆයිල් එකේ තියෙන ඩොකියුමන්ට් කියවන් ගියේ වෙව්ලන අත්වලිනුයි..

🐹 එදා මගේ බර්ත් දේ එක දවසෙයි නොදන්න නම්බර් එකකින් ඔය ඔක්කොම මට ආවේ....හරියටම මට අවුරුදු 25ක් වෙනකොට..අප්පාගේ ඩීල් එක අනුව හරියටම ශෙයාර්ස් වලින් 30%ක් මගේ නමට ලියවෙන දවසට..

ජින් කිව්වාම යූන්ගි පුදුමෙන් ජින් දිහා බැලුවා..එයාලා කවුරුත් දැනන් හිටියේ නෑ එදා බර්ත් දේ එක ජින්ට ගොඩක් විශේෂයි කියලා..ඒකෙ පුදුමෙකුත් නෑ..කොරියාවේ නමක් දිනාගත්ත බිස්නස්මන්ට්ලා අතර මුල් 10 දෙනාගේ අතර ඉන්න කිම් දේහ්‍යුන්ගේ පුතා කිම් සියොක්ජින් කියන්න හුගක් අය දන්නෙවත් නෑ..ජින්ට කොච්චර සල්ලි, බලය තිබ්බාත් ජින් ඒවා ගැන කෙයාර් කරේ නෑ..අඩුම එයා එයාගේ අප්පාගේ සල්ලිවලින් ජීවත් වෙන්නවත් ඕන උනේ නෑ..ඒත් ජින්ගේ අප්පා හුගක් තද පුද්ගලයෙක් නිසාම ජින්ට සිද්ද උනා එයාගේ පුතා විදියට අප්පා කියන පදේට නටන්න..ජින්ගෙයි එයාගේ අප්පාගෙයි අතර ලොකු සම්බන්ධයක් තිබ්බේ නැති උනාට ජින්ට ඕන හැම දෙයක්ම එයාගේ අප්පා දුන්නා..ආදරේ හැරෙන්න..සල්ලිවත් බලයවත් නෙමෙයි ජින්ට ඕන උනේ.. ඔම්මාත් නැතුව හැදුන පුංචි ජින්ට ඕන උනේ අප්පාගේ ආදරේ..ඒත් ජින්ට නොලැබුනේම ඒක..ඉතින් ජින් අප්පාගෙන් ටිකෙන් ටික ඈත් උනා..ලොකු වෙනකොට ගෙදරින් ඇවිල්ලා වෙනම ගෙදරක හිටියත් පාලුවක් දැනුන නිසායි එයා මුලින්ම නම්ජුන්ව ගෙන්න ගත්තේ..නම්ජුන්ගේ යාලුවෙක් උන හොබීටත් එන්න කියලා ටිකෙන් ටික ජින් නිසාම එයාට ලස්සන පුංචි පවුලක් හදාගන්න පුලුවන් උනා..ජින්ට නොලැබුන ඔම්මාගේ අප්පාගේ ආදරේ ජින් එයාට පුලුවන් විදියට එයාගේ පුංචි පවුලට දුන්නා..ජින් කියන්නේ සල්ලිවලට ඔලුව උදුම්මගත්ත කෙනෙක් නෙමෙයි..ජින් කියන්නේ හුගක් නිහතමානි චරිතයක්..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now