Flashback
Students 1 : ඒයි අනාථයා..ඔහොම ඉන්නවා !!
ලෙක්චර් හෝල් එකේ ඇවිදගෙන ගියපු ජන්ග්කුක් හිමීට හැරිලා බැලුවේ කතා කරේ කවුද බලන්නයි..පුංචි කාලේ ඉදන්ම ඔම්මායි අප්පායි නැතුව හැදුන ජන්ග්කුක්ට ඒ වචනේ සාමාන්‍ය දෙයක් උනා..මුල් කාලේ හිත් රිදුනත් දැන් ඒ වචන ජන්ග්කුක්ට ගානක්වත් නෑ..ජන්ග්කුක් කැම්පස් එකේ කැපී පෙනෙන තරුවක් නිසාම හැම අතින්ම දක්ෂ නිසාම එයාට ඉරිසියාකාර මිනිස්සු ජන්ග්කුක්ව වට්ටන්න පාවිච්චි කරපු වචනේ තමයි අනාථයා කියන එක
Student 2 : කෝ උබේ මහ ලොකු බොඩිගාර්ඩ්ස්ලා හය දෙනා ?? අද මොකද තනියම ??
එක කොල්ලෙක් ජන්ග්කුක්ගේ මූනට එබෙන ගමන් අහනකොට ජන්ග්කුක් එයාට රැව්වා මිසක් කිසිම දෙයක් කිව්වේ නෑ..එයා දන්නවා මේ වගේ අය එක්ක කතා කරලා තේරුමක් නෑ කියලා.
Student 2 : උබ ඔය මට රවනවාද ?? කේන් බලපන්කෝ මූ...අනාථයා..කිම් පවුලත් එක්ක හිටියා කියලා තමුසේ හිතන් ඉන්නේ තමුසෙත් කිම් කෙනෙක් කියලාද ??
🐹 එයා කිම් කෙනෙක් තමයි...ඇයි තමුසෙට මොකද ??
ඒ කොල්ලා අහපු එකට ජන්ග්කුක්ගේ ඇස්වල කදුලු පිරුනත් එකපාරටම පිටිපස්සෙන් ජින්ගේ කටහඩ ඇහුනාම ජන්ග්කුක්ගේ මූනේ ලස්සන හිනාවක් මතු උනා..
🐰 හ්‍යුන්ගී...
🐹 කුකී මෙහෙට එන්න !!
ජින් අත් දික් කරලා හිනා වෙලා අඩගහනකොට ජින් එක්ක හිනා උන ජන්ග්කුක් දුවලා ගිහින් ජින්ගේ තුරුලට ආවා..ජන්ග්කුක් ඉගෙන ගන්නේ මියුසික් නිසාත් ජින් ඉගෙන ගන්නේ බිස්නස් මැනේජ්මන්ට් නිසාත් ඉදලා හිටලා මේ වගේ අකරතැබ්බයන් වලට ලක් වෙන අවස්තා හුගක් තිබ්බා..ඒත් එහෙම වෙලේකට හැමදාම වගේ ජින් නැත්තම් එයාගේ හ්‍යුන්ග්ලා කවුරුම හරි ඇවිල්ලා එයාව බේරගන්නවා..
🐨 ආයි කුකීට වචනයක්වත් කියන්න ලෑස්ති වෙන්න එපා..දැන් යනවා !!
නම්ජුන් ඒ ආපු කොල්ලන්ට වෝර්නින්ග් එකක් දෙනකොට ඒ කොල්ලො බයටම ඉක්මනට පැනලා ගියා..එයාලට කොහොමටත් ඕන නෑ කිම් සියොක්ජින් එක්කයි කිම් නම්ජුන් එක්කයි හැප්පෙන්න..එයාලගේ කැම්පස් එකම අයිති වෙන්නේ කිම් සියොක්ජින්ට වෙනකොට කිම් නම්ජුන් කියන්නේ ජින්ගේ මමාගේ පුතා වෙනවා..

YOU ARE READING
Fantasy World || Ot7 || Completed
Historia Corta🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ අක්කා, නංගි,බිරිද, ගර්ල්ෆ්‍රෙන්ඩ් , බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න ඕනද ?? ඔයාගේ ජිවිත උන සිදුවීමක් ලියන්න ඕනද ?? මෙන්න ඔයාලට ලැබෙන චාන්ස් එක...ඔයාගේ හ...