🐯 මේට් මාත් එක්ක ගමනක් යමු !!
ජන්ග්කුක් එක්ක තරහ වෙලා ගිය ටේහ්‍යුන් ආයි ගෙදර ආවේ හොදටම හවස් වෙලායි..දවල්ටවත් කන්න ටේහ්‍යුන් ගෙදරට ආපු නැති එකට ජන්ග්කුක් හිටියේ දුකෙන්..එයාට ඕන උනේ නෑ මොන හේතුවකටවත් ඒ නිල් පාට ඇස්වල කදුලු දකින්න..ඇරත් ටේහ්‍යුන් කියපු දේවල් ජන්ග්කුක්ගේ ඔලුවට තදින්ම වැදුනා..ඒ නිසා ජන්ග්කුක් දවසෙම හිටියේ ලොකු කල්පනාවක..කොහොම හරි ඉතින් ජන්ග්කුක්ගේ කල්පනාව බිදුනේ හවස දුවගෙන ආපු ටේහ්‍යුන් නිසායි..
🐰 කො..කොහෙද ??
🐯 කැලේ බලන්න !!
ටේහ්‍යුන්ගේ දිලිසෙන ඇස් සතුටින් කියනකොට ජන්ග්කුක් කොහොමද ඒ පපී ඇස් දිහා බලන් බෑ කියලා කියන්නේ..කොහොම හරි ඉතින් ජන්ග්කුක් ඒ පපී ඇස්වලට රැවටිලා යන්න කැමති උනා..
🐰 පොඩ්ඩක් ඉන්න..
🐯 වේ ??
🐰 ඔයා මෙච්චර දවස් දාගෙන හිටියේ නිල්පාට කාච දෙකක්ද ??
ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ දුඹුරු ඇස් දිහා බලන් අහනකොට ටේහ්‍යුන් බෙල්ල ඇල කරලා ජන්ග්කුක් දිහා බැලුවේ එයා කියපු එක නොතේරුන නිසායි.
🐰 ඔයාගේ ඇස් දැන් දුඹුරු පාටයි..
🐯 ආහ් ඒකද ??
ටේහ්‍යුන් හිනා වෙලා ආයි එකපාරටම එයාගේ ඇස් නිල්පාට කරාම ජන්ග්කුක්ගේ අත ඉබේටම ටේහ්‍යුන්ගේ අතින් ගැලවුනා..ඇත්තටම ජන්ග්කුක්ට බය හිතුනා..මන් කියන්නේ ජන්ග්කුක් කියන්නේ එහෙම බය කෙනෙක්, දුර්වලයෙක් නෙමෙයි..ඒත් අසාමාන්‍ය දෙයක් උනාම පොඩ්ඩක් බය වෙනවානේ..
ඒ නිසාම ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙන් ඈත් උනේ ටේහ්‍යුන් කියන්නේ කවුද කියලා ජන්ග්කුක්ට හිතාගන්න බැරි උන නිසායි..🐰 ඔ..ඔයා කවුද ??
🐯 ටේහ්‍යුන් !!
ජන්ග්කුක් අහන අමුතු ප්‍රශ්නෙට බෙල්ල ඇල කරලා හුරතලේට ටේහ්‍යුන් කිව්වාත් ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බලන් හිටියේ මේ මොන පිස්සෙක්ද ලුක් එකෙන්..
🐰 අයිශ් !! ටේහ්‍යුන් ඔයා මනුස්සයෙක් නෙමෙයිද ??
ජන්ග්කුක් ඇස් බෝල කරන් අහනකොට ටේහ්‍යුන් එකපාරක් ඔව් කියලා ඔලුව වනලා ආයි නෑ කියලා ඔලුව වැනුවේ ජන්ග්කුක්ට ඔලුව බිත්තියේ ගහගන්න හිතෙන විදියට වැඩ සලස්වලයි.
![](https://img.wattpad.com/cover/342643252-288-k637754.jpg)
YOU ARE READING
Fantasy World || Ot7 || Completed
Cerita Pendek🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ අක්කා, නංගි,බිරිද, ගර්ල්ෆ්‍රෙන්ඩ් , බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න ඕනද ?? ඔයාගේ ජිවිත උන සිදුවීමක් ලියන්න ඕනද ?? මෙන්න ඔයාලට ලැබෙන චාන්ස් එක...ඔයාගේ හ...