ඔමෝ අද තමයි මාස තුනකට පස්සේ LA ආවේ . නලියනවා නලියනවා වගේ අප්පා . මගේ නම ජියූ හරිත. වයස විසි එකක අහින්සක ලමිස්සියෙක් .
කියලා කිව්වට මන් වසයි . ඒක පැත්තකට දාලා මාතෘකාවට බහිමු. මට LA වල ඉන්නේ හැල්මොනි විතරයි .කොරියා වල නම් කවුරුත් නෑ . ම්.. මන් ඔම්මා , අප්පා නැති කෙල්ලෙක් තමා .
ඔක්කොම හපන් හැල්මොනි . එයාට බෑනේ මගේ මූන අදුර ගන්න . එයා ගොඩක් දුරට මාව අදුරගන්නේ මන් මීට අවුරුදු පහකට කලින් හිටපු විදිහට ගියොත් විතරයි .
ඒ කිව්වේ වෙන්ඩ්ස් ඩේ වගේ කොන්ඩෙ පීරලා ගවුමක් ඇදන් ගියොත් තමා . හිරිකිතයි නේ . කරන්න දෙයක් නෑ
ඉතීඊඊඊඊඊඊන් ගෙස් වට් ....
මන් කොන්ඩෙ දෙකක් බැදලා හැල්මොනි බලන්නයි යන්නේ .
එහ් මිනිස්සු ගොඩක් ඉන්නවා වගේ නේ . කා පහකුත් තියේ . සමහර විට සම්චොන්ලා එන්න ඇති .
ඒම හිතාගෙන ෆුල් ඩම දාලා දොරට වැරෙන් පා පහරක් ගහලා "ගෝල්" කියාගෙන ගේ අස්සට පැන්නා පැන්නමයි මට කරකියාගන්න දෙයක් නැති උනා
අනේ දෙයියනේ එතන මිනී පෙට්ටියක් තිබුනා .මගේ අඇස් වල කදුලු පිරුනේ ඉබේටමයි . "හැල්මොනී!!" කියාගෙන මන් ඒ මිනී පෙට්ටිය ගාවට දිව්වා .මිනී පෙට්ටිය අල්ලගෙන මන් කෑ ගැහුවා . ඒත් අනිත් අය මට පිස්සු වගේ බලන් ඉන්නේ . ඇයි මේ . මට විතරද දුක..අනේ මට ඉන්නෙත් එයා විතරයි .
ඒත් ඒ මිනී පෙට්ටිය ඇරුනා එතන හිටියේ
ජන්කූක් ඔප්පා !🥲
මොන &@&# ද BTS ජන්කූක් මෙතන කරන්නේ . ඒ මදිවට මන් පොඩි එකෙක් වගේ වගේ ඇදම් ඉන්නේ .ඕ යෑස් හතර විලි ලැජ්ජාවයි
අනේ!!! ඇයි මේ . මන් කන්ෆියුස් උනා .
" අනියෝ කට් කට් කට්! '
එහෙම කියාගෙන කෙනෙක් එනකොටයි මට නෝට් උනේ එයාලා මොනා හරි රෙකෝඩ් කරනවා කියලා .
හම්මට සිරි බාගෙට ඇදගත්ත කෙම්ලෙකුත් ඉන්නවා . මෙතන අහවල් එකක්ද වෙන්නේ . (එයාගෙ ඇදුමෙ වරදක් නෑ ඒයි )
"shit බලන්නකෝ ඔයා කෑවා නේ . මෙතන මියුසික් වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා . අනික මේ පස් වෙනි ටේක් එක අසාර්තක උනේ " කවුදෝ මන්දා කිව්වා . ඒ මනුස්සයා එයාගේ තරහත් මගේ පිටින් නේ යවන්නේ . ශිබල්
"ම් මියනේඒ" මන් නිකන් ඩ්රාමා වල ගෑනු අය මියනේ!! කියලා කෑ ගහනවා වගේ කිව්වා .අඩෝ නෝ මන් රතු වෙනවා . අනේ දෙයියෝ කම්මුල් දනවෝ මට බෑ මේක දරා ගන්න . අනේ මගේ බයාස් කුක්කෝ තප්පර අරික්කාලකට ඔය මිනී පෙට්ටිය දියෝ . මට වැලලෙන්න ඕනේ . අනේඒඒඑ!!
ඕවා මන් හිතුවා විතරයි .
" ඔය ලමයා මේ තොරතුරු එලියට එහෙම දෙන්නේ නෑ . අනික මේ ගෙදර අපි දවස් දෙකකට ගත්තා . ඔයා යන්න " අන්න එහෙම මැනේජර් කාරයා කිව්වා .
එහ් බලපල්ලකෝ බයාස් කාරයයි අර කෙල්ලයි මට නෙලන්න වගේ ඉන්නවා . කම්මුල් දෙක දන නිසා මම දිව්වා දිවිල්ලක් අන්තිමේදි රතු හැට්ටකාරි වගේ මන් කැලේ පැත්තට ගියේ .කැලයක් කිව්වට ඒක කැලයක් ම නෙවේ . මිනිස්සු හදපු එකක් (LA වල එහෙම එකක් ඇත්තටම නෑ හරිද)
" අනේ මගේ දෙයියෝ . ඇයි මෙහෙම නින්දා . මේතරම් නොවින්දා"
නොදෝමකින් මට කවි නිසදැස් poem අරවා මේවා ඔක්කොම මතක් වෙනවා .
ලගම තිබ්බ පොකුණට මූන එබුවගෙන් පස්සේ තමා මට බාශා තිහකින් වගේ කුනුහරප මතක් උනේ . ඇයි යකෝ ඉස්ගෙඩියොන්ටත් රින්ගන්න ඔනේ මගේ නහයෙ හිලටද . උන්ට වෙන හිල් ඇත්තෙම නැද්ද!
" දැන් මොකද කරන්නේ . හැල්මොනි කොහේ ගිහින්ද . මන් එයාව සප්රයිස් කරන්න ආවා මදැයි " .
හිමීට කැලෙන් එලියට ඇවිත් එහා ගෙදර ඇන්ටි ගාවට ගියේ ඒ දවස එහෙ ඉන්නයි. එයත් ඉතින් අපේම නෑදෑයො හින්දා හොදයි මන් බිම දිගේ බඩගාපු එක විතරයි කරේ නැත්තේ එහෙට යන්න. අනේ වැලලෙන්න තිබ්බා නම්..

YOU ARE READING
Aish that "seven" |JJK | completed
Hayran Kurgufan × idol .Seven song එකේ behind the scenes වටා ගෙතුන funny (කියලා හිතන් ඉන්න) කතාවක් . කියවලාම බලන්න බොරු නම් 😒 බය වෙන්න එපා JJK ට actress han soo-hee ව ශිප් කරලා නෑ 🙃