[04]

412 67 4
                                    

"අප්පා...  තේතේ එනකොත ගොදක් රෑ වෙනෝද???? මත දොයි මත වෙන්න කලින් තේතෙ එයිද අප්පා..!!?

මිලී හෝබිගෙන් ආපු වෙලාවෙ ඉඳන් අහන්නෙ ඔය ටික.
අද හෝබි ලා ටේහ්‍යුන්ගෙ ගෙදර ආවා.
ටේහ්‍යුන් ඉන්නෙ තනි අපාර්ට්මන්ට් එකක. 
ටේහ්‍යුන් කොච්චර සීතල චරිතයක් උනත් එයාගෙ අයියලා ඉස්සරහදි එයා වෙනස් කෙනෙක්..

එතකොට මිලී!! ටේහ්‍යුන් ගිනිගන්න ඕනම වෙලාවකදි මොහොතකින් සීතල කරලා දාන්න මිලීට පුලුවන්.. ඒ වගේම මිලීට රිදවන ඕනම දෙයක් පුච්චලා අළු කරලා දාන්නත් ටේහ්‍යුන්ට පුලුවන්..

ටේහ්‍යුන් සාමාන්‍යයෙන් උදේ ගෙදරින් පිට උනාම දවස් ගනන් පිට ඉඳලයි ගෙදර එන්නෙ..  තමන්ගෙ බිස්නස් වෙනුවෙන් ටේහ්‍යුන් නොසෑහෙන්න කැප කිරීම් කරනවා..  කිසිම වරදක් වෙන්න නොදී හැමදේම ටේහ්‍යුන් සෙට්ල් කරනවා.. ඒකයි ටේහ්‍යුන්ගෙ මේ තරම් සාර්ථක.

අදත් උදෙන්ම ටේහ්‍යුන් ඔෆිස් ගියා..
ටේහ්‍යුන් අද ගෙදර එන්න නෙවෙයි හිටියෙ,  ඒත් හවස හෝබිගෙන් ආපු කෝල් එක ඒ තීරනේ වෙනස් කලා..
මිලී එනවා කියපු ගමන් ටේහ්‍යුන් ශෙඩුල්ස් ඔක්කොම වෙනස් කරලා රෑ වෙන්න කලින් ගෙදර යන්න ප්ලෑන් කලා..  යන ගමන් මිලී කැමති දේවල් අරන් යන්නත් ටේහ්‍යුන් අමතක කලෙ නෑ.

"තේතේ.........

ටේහ්‍යුන්ගෙ කාර් එක ගේට් එකෙන් ඇතුලට දාද්දිම මිලී එලියට දුවලා ඉවරයි..

"බේබී.... "

ටේහ්‍යුන්  එක අතකින් බෑග්ස් ඔක්කොම අරගෙන අනිත් අතින් දුවන් ආපු මිලීව වඩා ගත්තා..

"Woow my beauty queen..., give me some kisses right here.. here... here..."

මිලී ටේහ්‍යුන්ගෙ මූණ පුරාම හාදු තිබ්බා.. ඇත්තම කිව්වොත් ටේහ්‍යුන්ගෙ මුළු මූණෙම කෙල තලි පිටින්... ඒ තමයි ඉතින් මිලීගෙ ආදරේ....

ටේහ්‍යුන් මිලීවත් අරන් ගේ ඇතුලට ආවා..

"ඔහ්.. නූනත් ඇවිත්!  මොකෝ මේ පැත්ත මතක් උනෙ ආ..!? "

සෝහිත් ඇත්තටම හුඟක් බිසී කෙනෙක්.  ගොඩක් වෙලාවට මිලී, හෝබි දෙන්න තමයි ටේහ්‍යුන්ගෙ ගෙදර ආවොත් එන්නෙ.. ඉතින් ටේහ්‍යුන්ට චුට්ටක් විතර කේන්තී සෝහි එක්ක..
ඒක කේන්තියක්මත් නෙවෙයි, ටේහ්‍යුන්ට ඉන්න එකම නුනා සෝහි නිසා ටේට දුකයි..
සෝහිත් ටේට සලකන්නෙ දරුවෙකුට, සහෝදරයෙකුට වගේ.

The Rich Innocent (On Hold)Where stories live. Discover now