[07]

382 61 5
                                    

"කුකී..!!  හහ්,
මොන ජාතියෙ විකාර නමක්ද ඒ..!"

ටේහ්‍යුන් හිතුව නෙවෙයි, ටේහ්‍යුන්ට ටිකක් සද්දෙන් කියවුනා..

යොන්ජුන් ටේහ්‍යුන්ගෙ ඔෆිස් රූම් එකට
එද්දි තනියම කියව කියව ඉන්න එයාගෙ බොස්ව දැකලා ටිකක් පුදුම උනා.
යොන්ජුන් ඇතුලට ආවා කියලවත් ටේහ්‍යුන් තාම දන්නෙ නෑ. 

"අහ්ම්.. සර් මොනවහරි කිව්වද?

යොන්ජුන් ටිකක් උගුර පාදලා ඇහුවෙ එයාගෙ බොස්ව ආපහු මේ ලෝකෙට ගන්න හිතන්.

"අහ්, යොන්ජුන්..  කොයි වෙලාවෙද ආවෙ!?  ඇයි මේ වෙලාවෙ?" 

ටේහ්‍යුන් ගැස්සිලා ගිහින් පුටුවෙ කෙලින් වෙන ගමන් ඇහුවා.

"සර් මේ ෆයිල්ස් ටික චෙක් කරන්න ඕන කියලා දැන් ටිකකට කලින් මට කෝල් කරලා අරගෙන එන්න කිව්වෙ!!!

යොන්ජුන් ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කරන් ඇහුවෙ අද එයාගෙ බොස්ගෙ හැසිරීම අමුතු නිසා.

"ආආහ්... හරි ඔය ටික තියලා යන්න යොන්ජුන්,තව පැය දෙකකින් ඇවිත් ෆයිල්ස් ටික අරගෙන යන්න right!!"

ටේහ්‍යුන් එයාට මුකුත් අමතක උනේ නෑ වගේ යොන්ජුන් දිහා නොබලා කියලා දැම්මා.

"හරි සර්..

යොන්ජුන් ටේහ්‍යුන්ට බෝ කරලා ඔෆිස් රූම් එකෙන් එලියට ගියා.

"මේ දවස් වල සර්ට මොනවා වෙලාද මන්දා... කුකී කියලා නේද සර් කිව්වෙ..!??
ටැනී ඉද්දි තව බල්ලෙක් ගෙනල්ලවත්ද?? ආආආයිශ්.. ඒ ගෙනාවත් මටනෙ බලාගන්න වෙන්නෙ...

යොන්ජුන් elevator එකේ පහලට යන ගමන් අඬන මූණකුත් හදන් ඔලුවට එකක් ගහගත්තා.






"ආආආහ්හ්හ්... what the hell!!!!"
ටේහ්‍යුන් බල බල හිටපු ෆයිල් එක  මෙසේ එහා කොනටම විසික් කරලා පුටුවට බර උනා.
හොඳ හුස්මක් අරන් අත් දෙකෙන්ම කොන්ඩෙ පිටිපස්සට කරලා හදාගෙන,
එයා විසික් කරපු ෆයිල් එක ආපහු අතට අරන් චෙක් කරන්න ගත්තා.

ටේහ්‍යුන්ට හිත එක තැනක තියන් වැඩ කරන්න බෑ.. එයාට කාවද මන්දා මැවි මැවි පේන්න පටන් අරන්..

"මොන වදකාරයෙක්ද මේ..!!  ආහ්හ්... මේක තවත් කරන්න බෑ..!
මට ගෙදර යන්න ඕන.." 

The Rich Innocent (On Hold)Where stories live. Discover now