[13]

516 60 9
                                    

ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හරියටම සති දෙකක් ජන්කුක්ට හොස්පිට්ල් ඉන්න වුනා..  ඒ ඉඳලා ජන්කුක් ගෙදර ආවෙ පෙරේදා.. කකුලට වෙච්ච ඩැමේජ් එක නිසා ජන්කුක්ට තාම තනියම ඇවිදින්න බෑ..  මේ වගේ දේකට ජන්කුක් මුහුණ දීපු පලවෙනි වතාව මේක නොවුනත් එයා තවමත් ඉන්නෙ මොකක් උනාද කියලා හිතාගන්න බැරුව ශොක් එකෙන්..

ඇක්සිඩන්ට් එක වෙන්න විනාඩි කිහිපයකට කලින් ආපු ෆෝන් කෝල් එක ගැන ජන්කුක් තවමත් ඉන්නෙ බයෙන්..
ජන්කුක්ගෙ ගෙදර අය පවා මේ දවස් වල ඉන්නෙ හුඟක් විමසිල්ලෙන්..

මේ අතරෙ ටේහ්‍යුන්ගෙ තත්වය ඊට ගොඩක් වෙනස් එකක් වුණා..
ටේහ්‍යුන් දැන් දවසින් වැඩි හරියක් ගෙවන්නෙ ජන්කුක්ගෙ ගෙදර නැත්තන් යොන්ජුන් එක්ක කොයි වෙලෙත් එහෙ මෙහෙ යනවා.. ඔෆිස් එක පැත්තෙ නොයන තරම්..  ටේහ්‍යුන් යොන්ජුන් එක්ක කොහේ යනවද කියලා කවුරුවත් දන්නෙ නෑ.. ජන්කුක් කීපවතාවක්ම ටේහ්‍යුන්ගෙන් ඇහුවත් එයා කිව්වෙ බිස්නස් වැඩ කියලා..

ඒත් ඇත්තටම ටේහ්‍යුන් මේ කරන්නෙ එදා වුණ ඇක්සිඩන්ට් එක ගැන හොයන එක.. යුන්ගි, ජිමින් දෙන්නා පොලීසිය පැත්තෙන් වෙන්න ඕන දේවල් කලා වුණත් එයාලට මහලොකු දෙයක් හොයා ගන්න බැරි වුණා.. ට්‍රක් එකේ අයිතිකාරයව අල්ල ගත්තත් ඒ මනුස්සයගෙන් කිසිම තොරතුරක් දැනගන්න යුන්ගිලට බැරි වුණා.. ඇත්තටම ට්‍රක් එකෙ අයිතිකාරයා කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ..
යුන්ගිලා පස්සෙ ඒ මනුස්සයව රිලීස් කරලා දැම්මා..

ටේහ්‍යුන් කොහොමත් පොලීසිය විශ්වාස කරල නිකන් ඉන්න කෙනෙක් නෙවෙයි.. එයා ප්‍රශ්න විසඳන්නෙ එයාගෙ ක්‍රමයට..
මේ කේස් එක ටේහ්‍යුන් කොහොමත් නිකන්ම අත අරින්නෙ නෑ..
ජන්කුක්ට අනතුරක් වුණේ තමන් නිසා කියලා ටේහ්‍යුන් හැමදාම තමන්ටම දොස් පවර ගත්තා..
ජන්කුක් ඇවිදගන්න බැරුව වේදනා විඳින හැටි ටේහ්‍යුන්ට මැවි මැවි පේන්න ගත්තා..
ඒ හැම මොහොතෙම ටේහ්‍යුන්ගෙ හදවත රිදෙන්නෙ ඇයි කියන්න ටේහ්‍යුන් තවමත් හරියට දන්නෙ නෑ..
එයාට ඕන මේ දේ කරපු උන්ව ඉක්මනින් හොයන් රිටන් එකක් දෙන්න..
ටේහ්‍යුන්ට මේවා නුපුරුදු දේවල් නෙවෙයි උනත් මේ පාර තමන් නිසා තවත් කෙනෙක් අමාරුවෙ වැටුන එක ගැන ටේහ්‍යුන් ඉන්නෙ කනස්සල්ලෙන්..විශේෂයෙන්ම ඒ ජන්කුක් වුණ නිසයි..
ඉතින් ටේහ්‍යුන් මේපාර ලේසියෙන් මේක අත අරීවිද?

The Rich Innocent (On Hold)Where stories live. Discover now