[06]

414 63 5
                                    

"ඊඊඊඊව්ව්... මොනවද ඕයි මේ ගෙනත් තියෙන්නෙ!!? බ්වෑක්කා ජරාවක් මහ..

අද ජන්ග්කුක්, සන්ග්වූ පාක් ආවා. නිවාඩු දවසක් ලැබුන ගමන් දෙන්නම කරන්නෙ දවස පුරා රවුම් ගහන එක.

පැය ගානක් එක එක ජාතියෙ ගේම්ස් ගොඩක් ප්ලේ කරලා අන්තිමට ෆුඩ් සයිඩ් එකට ආවෙ බඩට මොනවහරි දාගන්න.

"ඕවට කියන්නෙ බනානා මිල්ක්.. බා..නා..නා මි..ල්..ක්.... තේරුනාද??, හොඳට ඇහුනනෙ!!?
අනිත් එක මේක ජරාවක් නෙමේ..
ඔහේ ආපහු මගෙ නානා වලට මොනාහරි කිව්වොත්..!, මම නරක මිනිහයි කියන්න එපා.."

ජන්ග්කුක් සන්ග්වූ දිහා බලන් රත් වෙච්ච ඇස් වලින් වෝර්න් කලා.
ජන්ග්කුක් පුපුරන්න ඔන්න මෙන්න ඉන්න ටයිම් බෝම්බයක් වගේ..

"ඉතින් කුකෝ මේකෙන් මහ අමුතු පල් රහක් එනවනෙ.. ඒක ඇත්තටම ජරාවක්!!!..

සන්ග්වූ මූණ ඇඹුල් කරන් කිව්වෙ ජන්ග්කුක් අවසාන වතාවට දීපු වෝර්න් එක අමතක කරලා..

ජන්කුක් ඇස් රෝල් කරලා හොඳ හුස්මක් ගත්තා.

"හොඳයි සන්ග්වූ අන්තිම වතාවට ඔහේට මොනවද මං ගැන කියන්න තියෙන්නෙ?
ආඅහ්... ඊට කලින් තමුන් මේ වෙනවකන් මගෙන් ගත්තු මක්ක කෑල්ලෙ ඉඳන් හැමදේම මට දැන් ආපහු ඕන..
අපි මේක අදින් ඉවර කරලා දාමු.."

ජන්ග්කුක් හරිම වැදගත් විදිහට කියලා එයාලා වාඩි වෙලා හිටපු බෙන්ච් එකෙන් නැගිට්ටා.
සන්ග්වූ කන්ෆියුස්ඩ් ලුක් එකකින් ජන්ග්කුක් දිහා බැලුවෙ මේ යකාට එකපාර මොකක් උනාද කියලා හිතන ගමන්.

"කුකෝ..!!? ඒපාර උඹට මොන යකෙක් වැහුනද ආආආ.. අනික ලැජ්ජ නැද්ද දීපු දෙයක් ආපහු ඉල්ලන්න!!! මම හිතුවෙ නෑ උඹ ඔච්චර කුනෙක් කියලා..!
අ..අනික මොකද්ද උඹ දැන් අදින් ඉවර කරනවැයි කිව්වෙ..!?

"හරි එහෙනම් උඹට ඒවා ආපහු දෙන්න බෑනෙ!!??
ඕකේ.. ඉට්ස් ඕකෙ..
මම ඒවා උඹට පිනට දුන්නා කියලා හිතාගන්නම්කො ම්ම්ම්ම්...
ආඅහ්හ් මම ඉවර කරනවා කිව්වෙ අපේ යාලුකම.,
මේ දැන් ඉඳන් උඹ මගෙවත්, මම උඹේවත් යාලුවෙක් නෙවෙයි.. රයිට්!!

ජන්ග්කුක් කිව්වෙ බොහොම සීරියස් ලුක් එකකින්.
සන්ග්වූ එකපාරටම කලබලා උනා ජන්ග්කුක් ඉන්න මූඩ් එක දැකලා..

The Rich Innocent (On Hold)Where stories live. Discover now