[02]

427 65 13
                                    

"ජිමින්ශී........."

"ආයිශ්ශ්.. මේ හා තඩියා නම්,
ජන්ග්කුක් මං තමුන්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් තේරුනා ද???
ගරු කරලා කතා කරනවා.

ජන්ග්කුක් පඩිපෙළ බැස්සා නෙවෙයි
පඩිපෙළින් පැන්නා.
ජිමින් තමයි ජන්ග්කුක්ගෙ ෆේවරිට්.
දුවන් ආපු ජන්ග්කුක් නැවතුනෙ ජිමින්ගෙ බෙල්ලෙ එල්ලිලා.

"කොයි වෙලාවෙද ආවෙ ජිමිනී.... ඇයි මාව ඇහැරුවෙ නැත්තෙ, කෝ මොනාද මට ගෙනාවෙ,
කෝ මන් ගේන්න කිව්ව බඩු ටික ගෙනාවානේ.. ම්වාහ්හ්.."

"ඊයා ජන්ග්කුකී... ඔය කෙල මගෙ මූණෙ උලන්න එපා දෙයියෝ...
රත්තරනේ දැන්වත් බහිනවද මගෙ කරෙන්

"හීහී.. තැන්කිව් හ්‍යුන්ගී.."

ජන්ග්කුක් එයාගෙ මැජික් ස්මයිල් එකෙන් එයාගෙ හා දත් දෙක පෙන්නලා හිනා උනා.

ජන්ග්කුක් ජිමින්ගෙ කරෙන් බැහැලා මෙලෝ සිහියක් නැතුව දුවගෙන ගියේ සාලෙ සෝෆා එක ලගට. එතන තමයි ජිමින් ගෙනාපු බඩු බෑග්ස් තිබ්බෙ.

" යකෝ දැන් එකපාරටම මම හ්‍යුන්ග් උනාද!!!!  මගෙ credit card එකට එච්චර හරියක් කරන්න පුලුවන් ඒ කියන්නෙ.
කුකී ඔයා දන්නවද මගෙ මාසෙ පඩියෙන් භාගයක් දැනටම ඉවරයි.
කොහොමද දෙයියනේ ඔච්චර කෑම ගොඩක් සතියකින් තනියම කාලා ඉවර කරන්නෙ ආ...!!! 

ජිමින් අඬන්න ඔන්න මෙන්න ඉන්න මූණකුත් හදාගෙන ජන්ග්කුක්ගෙ පැත්තට හැරුනා.

ජිමින් ලොකු හුස්මක් අරන් පහළ දාලා.
ආයෙම කතා කලා.

"ජන්ග්කුකී ඔයා මන් කියපු දේවල් අහන් නෙවෙයිද හිටියෙ??

ජන්ග්කුක් නෙවෙයි පැත්තවත් බැලුවෙ, එයා ලිස්ට් එක, එක අතකට අරන් ගෙනාපු බඩු හරිද කියලා ඩබල් චෙක් කරන ගමන් හිටියෙ.
අන්තිමට සේරම බඩු හරී කියලා කන්ෆර්ම් කර ගත්තට පස්සෙ ජන්ග්කුක් හිටපු තැනින් නැගිට්ටා.

"ජිමිනී.. කෝ හ්‍යුන්? කොහේහරි ගිහින් ද?"

"හ්‍යුන් එළියට ගියා කුකී
ඇයි මොකෝ බඩගිනී නේද දැන්.
ඒකනෙ හ්‍යුන්ව හොයන්නෙ.
මම කෑම ඔර්ඩර් කලා තව ටිකකින් එයි

"ම්ම්ම්  හරි ජිමිනී  මම එතකන් වොශ් එකක් දාගෙන් එන්නම්"

"ඊයා කුකී ඔයා උදේ ගිය ගමන්ද ඔය තාම ඉන්නෙ!!!! මගෙ ඇගෙත් එල්ලුනා නේද??? ඔයා ලඟ ගඳයි කුකී..

"ජිමින්ශී.... මම ගඳ නෑ පළෙවනි කාරනෙ.
දෙවනි කාරනේ, මම පිවිතුරුයි.
මම වොශ් දැම්මත් එකයි, නොදැම්මත් එකයි"

ජිමින්ටත් ගස්සලා එයා එයාගෙ බඩු බෑග්ස් ඔක්කොම අතින් කටින් එල්ලන් ආයෙම පඩිපෙළ නගින්න ග‍ත්තා.

ඒ දිහා හිනාවෙවී ජිමින් බලාගෙන හිටියා.

"හැමදාම ඔය විදියට සැහැල්ලුවෙන්, ජීවත් වෙන්න කුකී.

ජිමින් එහෙම හිතන ගමන් එලියට යන්න හැරුනෙ ගෙදර ඩෝ බෙල් එක එක දිගට වැදුන නිසා.















අඩුපාඩු කියන් යන්න readers ලා..
Vote, comment and plzz share💜

Sanie_02me



😂super star,  jeon jungkook💜️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😂super star,  jeon jungkook💜️

The Rich Innocent (On Hold)Where stories live. Discover now