"කුකී.. නැගිටින්න ළමයෝ... බලන්න දැං වෙලාව කීයද ආ!!!!"
මීරා ජන්ග්කුක් ඔලුව ඉඳන් පොරොවගෙන ඉන්න සීට් එකෙන් ඇදලා කතා කරාම ජන්ග්කුක් ඇඳේ එහෙට මෙහෙම ඇඹරී ඇඹරී ඉඳලා ඔන්න යන්තම් ඇඳේ වාඩි උනා..
අවුල් වෙච්ච කොන්ඩෙයි චූටි වෙලා තියෙන බෝල ඇස් දෙකයි දැකලා මීරා හිනා වුණාම ජන්ග්කුක්ද ආපස්සට මීරා එක්ක හිනා වුනේ හා දත් දෙක එලියට දාලා.."ගුඩ් මෝනිං ඔම්මා.."
"ගුඩ් මෝනිං??? යස ගුඩ් මෝනිං.. දැං වෙලාව කීයද දන්නවද???"
මීරා බොරු කේන්තියක් අරන් සැරට කිව්වම ජන්ග්කුක් නම් ඒක සත පහකට ගනන් ගත්තෙ නැතුව මීරාගෙ කර වටේ අත දාලා බදා ගත්තේ මීරාව චප්ප චුරුප්පං වෙලා යද්දි..
"අනෙ අනේ කුකී මේ.. එන්න එපා මට අලි හුරතල් පෙන්නගෙන... ඕවා හොඳයි ඔයාගෙ අර අප්පට නම්.... නැගිටලා එන්න දරුවෝ දැං දවල්ට කන වෙලාවත් හරි.."
මීරා මුල් ටික සීරියස් කියලා අග හරිය හිනා වෙලා කිව්වෙ ජන්ග්කුක්ගෙ අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ ඉතිරි ටිකත් අතින් අවුස්සලා දාලා..
"අද ඉතිං මගෙ නිවාඩු දවසක්නෙ.. ඉතින් පොඩ්ඩක් නිදා ගත්තම මොකද වෙන්නෙ අනේ..... අනේව් මගෙ ඔම්මගෙ බොරු තරහ.... ඌව්ව්ව්ව්ව්....."
ජන්ග්කුක් දත් විරිත්තං හිනා වෙවී මීරගෙ මූණ දෙපැත්තෙන් අල්ලන් හොලවන්න ගත්තා..
"හොඳ පොඩ්ඩ...
ඒයී.... අත අරින්නයි කිව්වෙ කොල්ලෝ....."මීරා තමන්ගෙ මූණ ජන්ග්කුක්ගෙ අත් වලින් නිදහස් කරගන්න දඟලන ගමන් ජන්ග්කුක්ව කුචි කවන්න ගත්තම ජන්ග්කුක්ද කිතියට දඟල දඟල මීරා එක්ක විකාර කරන්න පටන් ගත්තා..
මේ ඉන්නෙ අවුරුදු 24ක් වෙන අලි කොල්ලෙක් කියලා ජන්ග්කුක්ට මතකත් නෑ, මීරටත් ඒක අමතක වෙලා..
විකාර කර කර ඉඳලා අන්තිමට මීරාගෙ අණට කීකරු වෙලා ඔන්න පැය බාගෙකට විතර පස්සෙ ජන්ග්කුක් පහලට ඇවිත් කෑම මේසෙන් වාඩි උනා. ඒ වෙද්දි මීරාගෙ අතින් හදපු කෑම ගොඩ ලස්සනට මේසෙට ඇරලා තිබ්බා.. ජන්ග්කුක් ආස කෑම ජාති වලින් මේසේ පිරිලා තියෙනවා දැක්කම ජන්ග්කුක් කටින් කන්න කලින් ඇස් වලින් ඔක්කොම කෑම ගිලලයි හිටියෙ..