[14]

217 35 24
                                    

After 6 months➡️➡️➡️➡️➡️

ජන්ග්කුක්ට හොඳටම සනීප වෙලා පරණ පුරුදු විදිහට ආපහු යුනිවර්සිටි යන්න පටන් අරගෙන අදට මාස 6ක්.  ඒ වගේම ජන්ග්කුක් ටේහ්‍යුන් ලඟ ඩ්‍රයිවර් ජොබ් එකෙන් අයින් වෙලත් අදට මාස 6ක්..
හැබැයි ඉතින් ජන්ග්කුක් අකමැත්තෙන් තමයි එයාගෙ ජොබ් එකෙන් අයින් උනේ.. මොකද ටේහ්‍යුන්ගෙම බල කිරීමට තමයි ජන්ග්කුක් එයාගෙ ඩ්‍රයිවර් පට්ටම අත් හැරියේ.. හේතුව තමයි ටේහ්‍යුන් බය උනා ආපහු කරදරයක් වෙයි කියලා.
මේ වෙද්දි ටේහ්‍යුන් වෙන ඩ්‍රයිවර් කෙනෙක්ව වැඩට අරගෙන තිබුනා.

සාමාන්‍ය විදිහට මාස 6ක්ම ගෙවිලා ගියා..  ජන්ග්කුක් යුනි එකේ වැඩ එක්ක හුඟක් බිසී උනා. ටේහ්‍යුන් එයාගෙ ඔෆිස් වැඩ එක්ක ඊටත් වඩා බිසී උනා.
ටේහ්‍යුන්ට හුඟ කාලෙකින් ජන්ග්කුක්ලගෙ ගෙදර එන්න වෙලාවක් හම්බ නොවෙන තරමට බිසී වෙලා.
අන්තිමටම ටේහ්‍යුන්ට ජන්කුක්ලගෙ ගෙදර අය එක්ක එකට ඉන්න හම්බ උනේ නම්ජුන්ගෙයි ජින්ගෙයි වෙඩින් එක දවසෙ.  මීට මාස 4කට ඉස්සෙල්ලා ජින් සහ නම්ජූන් ලස්සන වෙඩින් එකක් එක්ක එයාලගෙ මැරේජ් එක සිද්ද උනා.
මේ වෙද්දි ඒ දෙන්නම කොරියාවෙ නෑ. මැරි කලාට පස්සෙ ඒ දෙන්නා ස්විස් ගියා. ජින් නම් ඒ දේට මුලින් අකමැති උනත් නම්ජූන්ගෙ ඔෆීශියල් වැඩ කීපෙකුත් එහෙ යෙදිලා තිබුන නිසා පස්සෙ දෙන්නගෙම කැමැත්තෙන් අවුරුද්දකට එයාලා රට ගියා.

මේ අතරෙ හෝබි මාස කීපෙකට ටේහ්‍යුන්ගෙ ගෙදර ඇවිත් නතර වෙලා තිබුනා. සෝහි වගේම එයාලගෙ මිලී බබත් දැං ඉන්නෙ ටේහ්‍යුන්ගෙ ගෙදර. ඉස්සර නම් ටේහ්‍යුන් එයාගෙ ගෙදර ඉන්න කැමති උනේ තනියම.. හැබැයි සෝහී බලෙන්ම වගේ ටේහ්‍යුන්ගෙ ගෙදර ඇවිත් නතර උනේ ටේහ්‍යුන්ට තර්ජනේ කරලා.  සෝහි, හෝබි හොඳින්ම දන්නවා ටේහ්‍යුන් වැඩ එක්ක බිසී උනාම පිස්සුවෙන් වගේ ඒව එක්කම ඉන්නවා මිසක් කෑම බීම ගැනවත් හිතන්නෙ නැති වග. 
හැමදාම උදේට සෝහිගෙ වදේට ටේහ්‍යුන් කෑම කාලා ලන්ච් එකත් අරගෙනම යන්න දැං පුරුදු වෙලා.. ඒ වගේම සෝහිත් ටේහ්‍යුන්ගෙ ඔෆිස් එකෙ වැඩ කරන්න පටන්ගෙන තිබුනා. ටේහ්‍යුන්ට ඒක ටිකක් හරි සහනයක් වේවි කියලා හෝබි සෝහි දෙන්නම හිතුවා.  සෝහි දැං ඔෆිස් ගිහිල්ලත් ටේහ්‍යුන්ගෙ කෑම බීම ගැන වද වෙනවා.  අම්මා කෙනෙක් වගේ සෝහි ටේහ්‍යුන්ව බලා ගන්නවා. ටේහ්‍යුන් උනත් දැං ඒ දේට කැමති වෙලා. සෝහි මිලී බබාට සලකනවා වගෙ ටේහ්‍යුන්ටත් සලකන්නෙ දැං හුඟ වෙලාවට.

The Rich Innocent (On Hold)Where stories live. Discover now