ජන්ග්කුක් පැයක වෙලේ ඉඳන් තමන්ගෙ ෆෝන් එක දිහා සැරින් සැරේ බලමින් මොනවදෝ කටින් මතුර මතුර එහා මෙහාට ඇවිදිනවා.
පේන විදිහට ජන්ග්කුක් කාටහරි හොඳටෝම බනින ගමන් ඉන්නෙ. තනියම කියව කියව ඉඳපු ජන්ග්කුක් ඇඳට පැනලා කොට්ටෙ බදාගෙන ෆෝන් එක ඇඳේ කොනකට විසි කලා."මහ පුදුම මිනිහෙක් තමයි හුහ්.. අඩු තරමෙ එක කෝල් එකක්!!! ඒ ඔනෙත් නෑ... අඩුම එක මැසේජ් එකක්වත්... අපි මැරිලා ගියත් මේකා මුකුත් දන්නෙ නෑ.... වැරදිලා මනුස්සයෙක් වෙලා ඉපදිච්ච මහ නපුරු මිනිහෙක් හුහ්... "
ජන්ග්කුක් මේ දෙහි කපන්නෙ ටේහ්යුන්ට. ජින්ගෙයි නම්ජුන්ගෙයි වෙඩින් එකෙන් පස්සෙ ටේහ්යුන්ව ජන්ග්කුක්ට මේ වෙනකන් දකින්නවත් හම්බ උනේ නෑ.. ජන්ග්කුක් අහේතුකව හරි ගෙවුණු මාස කීපය පුරාවටම ටේහ්යුන්ගෙන් කෝල් එකක් එනකන් බලාගෙන හිටියා.
ඒත් ඉතින් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් ටේහ්යුන්ගෙන් නැති කොට ජන්ග්කුක් හොඳටම අවුල් වෙලයි හිටියෙ.ඒත් ඇයි ජන්ග්කුක් අවුලෙන් ඉන්නෙ..? ටේහ්යුන් නිසා ඇයි?
"එක්කො ඔන්න ඔහේ මංම ගන්නවා කෝල් එකක්..."
ජන්ග්කුක් කල්පනා කර කර ඉඳලා එකපාරට එහෙම හිතුවා.
ඇඳ කොනක තිබුන ෆෝන් එක අතට අරන් contacts වලට ගිහින් ටේහ්යුන්ගෙ නම්බර් එක ඩයල් කරන්න හදනකොටම..."මොන කෙහෙල් මලකටද මං ඒකට කතා කරන්නේ???? ආයිශ්...... මෝඩ මිනිහා...
ඕන නෑ... ඕන නෑ ඕනම නෑ.......
ඔහෙට වඩා මට මගෙ නම්බුව ලොකුයි.. මොන එහෙකටද මං මුලින් කතා කරන්නෙ !! ඕන නෑ...
ඒකාගෙ ආඩම්බරකමට මං මොකටද සෙකන්ඩ් වෙන්නෙ... ඕනම නෑ........."ජන්ග්කුක් ආපහු ෆෝන් එක පැත්තකට විසික් කලා.
ඒ එක්කම ෆෝන් එක ring වෙන්න ගත්තා. ජන්ග්කුක් මොහොතකට හිතුවා ඒ ටේහ්යුන් වෙන්න ඇති කියලා..
එයාට මුලින්ම හිතට ආවෙ ටේහ්යුන්ව..
කටේ හිනා මල් කිනිත්තක් පුප්පගෙන ජන්ග්කුක් ඇඳේ හාන්සි වෙලා ෆෝන් එක අතට ගත්තා..
ඒ එක්කම ජන්ග්කුක්ගෙ ඇස් පොල් ගෙඩි සයිස් උනේ call id එක දැකලා..
ඔව්.. ජන්ග්කුක් හිතින් ගෙස් කරපු විදියටම කෝල් එක ටේහ්යුන්ගෙන්..