Chapter 01 - New home 🏠️🍀

1.4K 56 2
                                    

බුසාන් හරිම ලස්සනයි....සෝල් වලට වඩා....ඔවුන්ට හිතුනෙ එහෙමයි....

" මමී....බුසාන් මාර ලස්සනයි නේ....අපරාදෙ අපිට කලින්ම එන්න තිබ්බෙ...."

සාමාන්‍ය වේගයකින් ධාවනය වුන මෝටර් රථයේ පැසෙන්ජර් ශීට් එකේ වාඩි වෙලා ශටර් එකෙන් එලිය බලාගෙන හිටපු කෙල්ල බුසාන් වලට එන මගදිගේම කිව්වෙ එකම එකයි...." මමී සෝල් වලට වඩා බුසාන් ලස්සනයි නේ "
මෝටර් රථය ධාවනය කරගෙන ආපු Mrs.Tak sehi ටත් එයාගෙ සදාධරණීය දූ පොඩ්ඩගෙ කන් කරච්චලේ අහගෙන ඉදලම එපා වෙලා තිබ්බෙ....

" oh god freya , දැන් ඇති නේද....ඔයා ඕක සිය සැරේකට වඩා දැන් කියෙව්වා...."

" come on මමී....ඇයි ඇත්තටම අපි කලින් බුසාන් වලට ආවෙ නැත්තෙ....."

" මොකද කලින් මට transfer එක හම්බුනේ සෝල් වලට නේ....පස්සෙ නේ එයාල මාව බුසාන් වලට transfer කරේ...."

" plz මමී....ආයෙ නම් වෙන කොහේටවත් transfer වෙන්න එපා right ? මන් ආසයි බුසාන් වලට.....i love u busan...."

කෙල්ල මුලු කාර් එකම දෙදරන්න කෑගැහුවා....ටික වෙලාවකින් කාර් එක හැරෙව්වෙ ප්‍රධාන පාරෙන් දකුණු පැත්තට වගේ වෙන්න තිබ්බ අතුරු පාරකට....
ඒත් එක්කම කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන පාර දෙපැත්තෙ ලස්සන බලනවා....

" වාහ්....මෙහෙත් ඇමරිකා වගේමයි...හැබැයි ඊට වඩා ලස්සනයි...."

පාර දෙපැත්තෙම ලස්සන ලස්සන තට්ටු දෙකේ තුනේ ගෙවල්....ඒ ගෙවල් වෙන්වෙන්න තාප්ප ගහල තිබ්බ මිසක් ගෙවල් ඉස්සරහින් තාප්ප ගහල තිබ්බෙ නැතිව සුදු ලී වලින් වට කරල පොඩි ගේට් එකක් විතරක් දාලා තිබ්බ නිසා garden එකේ ඉදන් හැමදේම ලස්සනට පෙනුනා....සමහරක් ගෙවල් ඉස්සරහ තණකොළ බිස්සෙ පවුල් පිටින් වාඩි වෙලා සතුටු සාමීචියේ යෙදෙනවා....වැඩිහිටි උදවිය පත්තර කියවද්දි තරුන අය garden එක ලස්සන කරනවා....පොඩි ලමයි සෙල්ලම් කරනවා....හැමෝම සතුටින් වගේ....ඒ පාරෙ ටිකක් දුර ගියාම තමයි මිසිස් සේහි යි , ෆ්‍රෙයා යි ඉන්න ගෙදර තිබ්බෙ....ඒ ගෙදරත් අනිත් ගෙවල් වගේමයි.... ඒ පැත්තෙම වගේ හිටියෙ ටිකක් සල්ලිකාර පවුල් වුනත් වාහන හරි අඩුයි වගේම ගොඩක් අය ගමන් යන්නෙත් පයින්....

කාර් එකේ තිබ්බ බඩු ටිකත් අරගෙන ගෙදර ඇතුලට ගියපු ෆ්‍රෙයා & මිසිස් සේහි කාමර බලන්න ගියා.... කාමර හතරක් තිබ්බ ගෙදර එක කාමරයක් තෝරගන්න එකනම් දෙන්නටම අමාරුවුනා....ඒ තරමටම හැම කාමරයක්ම ගොඩක් ලස්සනයි....

" මමී....මන් මේ රූම් එක තෝරගන්නවා...."

කෙල්ල උඩ තට්ටුවෙ ඉදන් මහ හයියෙන් කෑගැහුවෙ පහල තට්ටුවෙ කාමර දෙකෙන් එක කාමරයක් තෝර තෝර හිටපු මිසිස් සේහි ට....

" මම පහල එකක් තෝරගත්ත....ඔයා උඩ තනියම....බය නැද්ද...."

" නෑ...නෑ....මන් බය නැතෝ...."

කෙල්ල අල්ලපු ගෙදරටත් ඇහෙන්න මහ හයියෙන් කෑගැහුවා....ඇත්තටම ෆ්‍රෙයාගෙ කට නම් ටිකක් සද්දයි.... ගිය ආත්මෙ ඝාන්ටාර පූජ කරල වගේ....

ෆ්‍රෙයා ගෙ කාමරේ අනිත් කාමර තුනටම වඩා ටිකක් ලොකුයි....අනිත් balconies වලට වඩා කෙල්ලගෙ balcony එක ලස්සනයි....හැබැයි ඒ Balcony එකට කෙලින්ම වගේ තිබ්බෙ තවත් bAlcony එකක්....අල්ලපු ගෙදර.....
කෙල්ලට ඒක ගානක් වුනේ නෑ හැබැයි....
මොකද එයා ඇමරිකා ඉන්නකොටත් මෙහෙම එක ලග තමයි ගෙවල් තිබ්බෙ....

Tak Freya
ෆ්‍රෙයා කියන්නෙ කොරියානුවෙක් උනත් කෙල්ල පොඩිකාලෙ ඉදලම හැදුනෙ වැඩුනෙ ඇමරිකා වල....මාස දෙකකට උඩදී කොරියා ආපු ෆ්‍රෙයා යි එයාගෙ මමී වෙච්ච මිසිස් සේහි යි දෙන්නම හිටියෙ සෝල් වල....ඇමරිකාවෙ ocean gate company එකේ las vegas main branch එකේ manager post එක දරපු මිසිස් සේහිට ආරන්චි වුනේ අලුතින් කොරියන් branches දෙකක්ම open කරපු බව....කොරියාවට යන්න තිබ්බ ආසාවටම මිසිස් සේහි ඇමරිකාවෙ ඉදන් කොරියාවට transfer එකක් හදාගත්ත....මුලින්ම සෝල් branch එකේ manager post එක දරපු ඇය ඒක සාමාන්‍ය මට්ටමට ගෙනාවට පස්සෙ බුසාන් branch එකට මාරුවුනා....
Mr.lee එහෙමත් නැත්නම් Mrs.Tak sehi ගේ husband ගෙන් එයා divorce වෙන්නෙ ෆ්‍රෙයා ට යාන්තම් අවුරුදු අටේ දි වගේ....එතැන් පටන් Mrs.lee නාමය අතෑරපු මිසිස් සේහි එයාගෙ surname එකම තමන්ගෙ දුවටත් දාලා අවුරුදු ගානක්ම ඒ කෙල්ලවත් තනියෙන් බලාගෙන කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් උනා.... දැන් අවුරුදු 20 ක් වුන ෆ්‍රෙයා තාම හරියට ජීවිතේ ගැන ඉගෙනගෙන නැති බොලද කෙල්ලෙක්....ඒකට ප්‍රදානම හේතුව උනේ එයා ජීවත් වුන වටපිටාව....las vegas කියන්නෙ ඇමරිකාවෙ වැරදි දේවල් වැඩිපුරම වෙන නගරයක්....las vegas වල නැති දෙයක් ගැන හිතාගන්න බැරි තරම්.... එහේ ජීවිතයට , ඒ සන්ස්කෘතියට හුරුවුන ෆ්‍රෙයා ට නම් කොරියාවෙ ඉන්න ටිකක් අමාරුයි....හැබැයි කෙල්ල හොයපු කලබලකාරී නැති නිදහස් ජීවිතය කොරියාවෙ තියන නිසාම කෙල්ල පුදුම විදියට කොරියාවට ආදරෙයි.....

____________________________________________

හිතට ආපු ක්ශනික අදහසට ලියන කතාවක්.....අනිත් ඒවට වඩා නම් ගොඩක්ම වෙනස් එකක් වෙයි.....
Miss . Jjk
නමින්ම තේරෙනවා ඇතිනේ....
Mr.queen වගේ කියල හිතාගන්නකෝ.....🌚

MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 ) Where stories live. Discover now