Chapter 03 - shit boy 😡💩

543 48 1
                                    

ෆ්‍රෙයා යුනි ඇවිල්ලා අදට දවස් හතරක් විතර වෙනවා....ඒ දවස් හතරට එලා , ෆ්‍රෙයා ගේ හොදම යාලුවා වුනා වගේම එලා ගෙත් හොදම යාලුව වුනේ ෆ්‍රෙයා.... ෆ්‍රෙයා ට කලින් එලා යුනිවසිටි එකට ආවත් එයාට යාලුවො හිටියෙ නෑ මොකද එයා rich family එකකින් නොවන නිසා....කෙල්ල බුසාන් වල තියන හොදම යුනිවසිටි එකට ආවෙත් scholarship එකකින්.... මේ යුනිවසිටි එකට පුලුවන් එක්කො scholarship එකකින් නැත්නම් සල්ලි වියදම් කරලා.... ඒක නිසා මේකෙ ගොඩක්ම ඉන්නෙ සල්ලිකාර පවුල් වල ලමයි වගේම සමාජෙ පිලිගත් ලොකු ලොකු තැන් තියන දෙමව්පියන්ගේ ලමයි.... ඒ ලමයි අතර දුප්පත් පවුල් වලින් scholarship අරගෙන එන ලමයි ප්‍රමානය අඩු නිසා ගොඩක් වෙලාවට ඒ වගේ ලමයි සල්ලිකාර පවුල් වල ලමයින්ගෙන් බුලී වෙනවා.... ඇත්තටම සමහරක් අය සල්ලි නැත්නම් scholarship එකක් අරගෙන මේ යුනි එකට එන්න පුලුවන්කම තිබ්බත් එන්නෙ නෑ.... මොකද ඒ තරමටම නසරානි , අසමජ්ජාති වැඩ වලට Busan national university එක ප්‍රසිද්ධයි.....බුසාන් වල විතරක් නෙවෙයි මුලු කොරියාවෙම ප්‍රසිද්ධයි.....
ඒ වගේම යුනිවසිටි එකේ ලමයි section හතරකට බෙදිලා ඉන්නවා....

4th section එකේ ඉන්නෙ scholarships වලින් ආපු දුප්පත් පවුල් වල ලමයි.....

3rd section එකේ ඉන්නෙ company managers , bank managers ලා වගේ ටිකක් ලොකු ලොකු positions දරන අයගෙ ලමයි....

2nd section එකේ ඉන්නෙ සාමාන්‍යයෙන් ටිකක් ලොකු ලොකු shops වල අයිතිකාරයින්ගේ ලමයි සහ lawyers , doctors , engineers ලගේ ලමයි.....

1st section එකේ ඉන්නෙ high level businessman's ලගේ ලමයි වගේම politicians & most famous celebrities වගේ rich families වල ලමයි....

මේ අතර එලා අයිති වුනේ 4rth section එකට නිසා එයාට කරදර වැඩියි.....
ෆ්‍රෙයා අයිතිවුනේ 3rd section එකට.....
ඒක නිසා එයාට කරදර අඩු වුනත් එලා නිසා ගොඩක් ප්‍රශ්න වලට ෆ්‍රෙයා ට මූන දෙන්න වුනා....ඒත් ෆ්‍රෙයාට ඒක ගානක් වුනේ නෑ....මොකද එයා කැමති නෑ යාලුව ව නැති කරගන්න....

Jungkook , taehyun , jimin තුන්දෙනාම අයිති වුනේ 1st section එකට.....jungkook තමයි මුලු යුනිවසිටි එකේම ඉන්න rich ම කෙනා....කොල්ලට සල්ලි තියනවා පීනන්න....තනිකරම රන් කදක්....ඒකත් ලොකු හේතුවක් කොල්ලගෙ මහන්දත්ත කමට.....

____________________________________________

උදේම යුනිවසිටි ආපු එලා පිස්සෙක් වගේ දුවගෙන ගියේ ෆ්‍රෙයා ව හොයාගෙන....ඒත් කෙල්ලට එහෙම වැඩිදුරක් යන්න බැරිවුනේ එලාගෙ ඔලුව කළු ගලක වැදෙද්දි....ඒ වැදුන වැදිල්ලට කෙල්ල එතනම ඩවුන් ද පල්ලම් ගැහුවෙ කොෆී ටිකකුත් යස අගේට නාගෙන....
අපරාදෙ කියන්න බෑ , එලා හරිම ලස්සනයි දැන්....බලන්න වටිනවා කෙල්ලගෙ මූන....ඒක නිකම් දාහට අරගෙන සීයට දීලා වගේ....

MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 ) Where stories live. Discover now