ෆ්‍රෙයා දවල් වෙලා එයාගෙ ගෙදරට ගියා.... කාමරේට ආපු ගමන් ඇදට වැටුන කෙල්ල එහෙම්මම තව පැය දෙක තුනක් නිදාගත්තෙ කරන්න වැඩකුත් තිබ්බෙ නැති නිසා....
Message
ෆ්‍රෙයා....
ඕ....
මන් තව ටිකකින් එනවා....ගමනක් යන්න තියනවා අපි දෙන්නට.....
කොහේද? මේ හදිස්සියෙ...
හදිස්සියක් නෙවෙයි ඕයි.....තමුසෙ පන්ඩිතකම් කියවන්නෙ නැතුව රෙඩි වෙලා ඉන්නවකො.....20 minutes දෙන්නම්....රෙඩි වෙලා ගේට් එක ලගට එන්න....
යා....ජන්ග්කූක් ....
Message end
ජන්ග්කූක් කිව්ව විදියට ෆ්‍රෙයා අතට අහුවුන ඇදුමකුත් දාගෙන විනාඩි විස්සක් ඇතුලත ගේට් එක ලගට ගියේ කොල්ලගෙ කාර් එක ෆ්‍රෙයා ඉස්සරහම රේස් කරලා නවත්තද්දි....
ශටර් එක පහත් කරපු ජන්ග්කූක් ෆ්‍රෙයා ට කාර් එකට නගින්න කියලා සන් කරද්දි කෙල්ලත් ඔරව ඔරවම කාර් එකට නැග්ගෙ ජන්ග්කූක්ගෙ තොල් අතරට සමච්චල් සහගත හිනාවක් ඇදෙද්දි...." කොහෙද යන්නෙ.... යන තැනක්වත් කියනවකො...."
" ඔම්ම කිව්ව තමුසෙ මේ පලාතට අලුත් නිසා ටිකක් වටේපිටේ පෙන්නන්න කියල...."
ජන්ග්කූක් කිව්වෙ කෙල්ලගෙ දිහා බලාගෙනමයි.... තත්පර කිහිපයකට පස්සෙ ජන්ග්කූක් ෆ්‍රෙයා පැත්තට බරවුනේ කෙල්ලත් ශීට් එකට බරවෙද්දි.....
"මො....මොකටද තමුසෙ එන්නෙ....යාහ් මේක කාර් එක...."
කෙල්ල කෑගහගෙනම ශීට් එකට ඔලුව තද කරගෙන ඇස් දෙකත් තදින් වහගනිද්දි ජන්ග්කූක් හිනාවෙලාම කෙල්ල නොදා හිටපු ශීට් බෙල්ට් එක දැම්මා....
විනාඩියක් විතර ගියත් ජන්ග්කූක් මුකුත් නොකරපු හින්දා කෙල්ල යන්තම් එක ඇහැක් ඇරලා බැලුවෙ කොල්ල දිහා....ඒ වෙද්දිත් ජන්ග්කූක් ශීට් එකට හේත්තු වෙලා කට කොනකින් හිනාවෙවී ඉන්නකොට ෆ්‍රෙයාට වැඩිවෙලාවක් නොගිහින්ම වෙච්ච දේ තේරුනා.... කෙල්ලට ලැජ්ජ හිතුනත් මුකුත් නොවුන ගානට මූඩ් එක හදාගෙන ඉස්සරහට හැරුනෙ ජන්ග්කූක් දිහාත් හොරැහින් බලන ගමන්....
YOU ARE READING
MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 )
Fanfiction𝘔𝘐𝘚𝘚 𝘑𝘑𝘒 𝘑𝘑𝘒 𝘧𝘢𝘯 𝘧𝘢𝘤𝘵𝘪𝘰𝘯 𝘚𝘪𝘯𝘩𝘢𝘭𝘢 𝘴𝘵𝘰𝘳𝘺 Don't copy my work 🚫 Read on ur own risk ❌ Not for kids❌ 18+🔞 Published date - 25/07/2023 End date - 20/11/2023 Written by - @xhumii _ Tani