ෆ්‍රෙයාකූක් දෙන්න ආයෙමත් ගෙදර යද්දි රෑ නවයත් පහු වෙලා තිබ්බ.... කෙල්ලවත් උකුල උඩින් තියාගෙනම පැය ගානක් ඩ්‍රයිව් කරපු ජන්ග්කූක්ට නම් හොදටම මහන්සියි....කොල්ලට දැන් ඕනෙ ගෙදර ගිහින් වොශ් එකක් දාලා හොදට ඇද බදාගෙන මැරිල වගේ නිදාගන්න....
ඒ අතරෙ ෆ්‍රෙයා නම් ජන්ග්කූක්ගෙ උනුහුමට ගුලි වෙලා හොදට නිදි....කොච්චර හොදද කියනවා නම් කොල්ලගෙ ශර්ට් එක කෙල්ලගෙ කුනු කෙල නිසාම හොදටම තෙත් වෙලා , ශර්ට් එක ජන්ග්කූක්ගෙ පපුවට ඇලිලා ගිහිල්ල....ෆ්‍රෙයාගෙ ගෙදර ඉස්සරහින් කාර් එක නවත්තපු ජන්ග්කූක් කෙල්ලවත් වඩාගෙනම ගෙදර දොර ලගට ගිහිල්ලා බෙල් කරා.... වැඩි වෙලාවක් නොගිහින් මිසිස් සේහි දොර ඇරියේ ජන්ග්කූක්ට ඇතුලට එන්න කියන ගමන්....
" ආන්ටි මන් මෙයාව room එකෙන් තියලා එන්නද?"
කොල්ල මී පැටියෙක් වගේ හෙමීට මිසිස් සේහිගෙන් ඇහුවෙ හරියට හොර වැඩක් කරල ආවා වගේ....
" හරි පුතා....කෙල්ලව කාමරෙන් තියලා එන්න.... "
එහෙම කියපු මිසිස් සේහි කිචන් එකට ගියේ ජන්ග්කූක් පඩිපෙල නැගලා ෆ්‍රෙයාගේ room එකට යද්දි....කොල්ල ෆ්‍රෙයාව ඇද උඩින් තියලා ඩුවට් එකත් පෙරෙව්වෙ කෙල්ලට සීතල නිසා....ඒ වෙද්දිත් එලියෙ හොදටම වහිනවා....
" හොල්මන්,සොම්බි,මල පෙරේතයන් පේන සුබ රාත්‍රියක් කෙල්ලේ...."
ජන්ග්කූක් හෙමීට කෙල්ලගෙ කන ලගට පහත් වෙලා යන්තම් කෙදිරුවේ කට කොනකින් සෙල්ලක්කාර හිනාවක් දාන ගමන්.... ඊලගට කොල්ල ෆ්‍රෙයාගේ කම්මුලක් සිපගෙන ඉක්මනට පල්ලෙහාට ගියේ ගෙදර යන්න තිබ්බ හදිස්සියට....
" පුතා...මේ....මේව ඔම්මටත් දීලා කන්න ඕනෙ හොදද?"
ජන්ග්කූක් ගෙදරින් එලියට යනවත් එක්කම මිසිස් සේහි කොල්ල අතට පොඩි බොක්ස් එකක් දීලා එයාව හග් කරා.....කොල්ලත් බොක්ස් එකත් අරන් ගෙදර ගිහින් මිසිස් සේහි දුන්න කෑම වගේම මිසිස් ජියොන් හදල තිබ්බ කෑම ටිකත් කාලා වොශ් දාගෙන නිදාගත්තෙ අද දවසෙ උදේ ඉදන් වුන දේවල් ගැන හිත හිතමයි....ඒ වෙද්දිත් වැස්ස පොඩ්ඩක්වත් අඩුවෙලා තිබ්බෙ නෑ.....
YOU ARE READING
MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 )
Fanfic𝘔𝘐𝘚𝘚 𝘑𝘑𝘒 𝘑𝘑𝘒 𝘧𝘢𝘯 𝘧𝘢𝘤𝘵𝘪𝘰𝘯 𝘚𝘪𝘯𝘩𝘢𝘭𝘢 𝘴𝘵𝘰𝘳𝘺 Don't copy my work 🚫 Read on ur own risk ❌ Not for kids❌ 18+🔞 Published date - 25/07/2023 End date - 20/11/2023 Written by - @xhumii _ Tani