Body transition
Now
Body ____ the soul
Jungkook jungkook
Freya freyaIcu එක ඉස්සරහට වෙලා මිසිස් ජියොන් එක්ක වාඩිවෙලා හිටපු ජන්ග්කූක් ලගට ගිය ජිමින් ජන්ග්කූක්ව පොඩ්ඩක් එහාට එක්කගෙන ගියේ ටේහ්‍යුන් සහ ජිමින්ට ජන්ග්කූක් එක්ක කතා කරන්න ඕනෙ උන නිසා....
" හරි , දැන් අපිට ඇත්තම කියපන් ජන්ග්කූක්.... ඇත්තටම ෆ්‍රෙයා , එලා දෙන්නට මොකක්ද උනේ....සේරටම වඩා උබ කොහොමද ඒක ගැන දැනගත්තෙ....උබ දවසම වගේ හිටියෙ අපිත් එක්කනේ....ඒක නිසා උබ පොලීසියට කියපුවා අපිට විශ්වාස කරන්න බෑ....."
ජිමින් එහෙම කිව්වෙ ජන්ග්කූක් දිහාවට බැරෑරුම් බැල්මක් දාන ගමන්....
" හරි මන් කියන්නම්....මොකද උබලට විතරයි මේ වෙලාවෙ මට උදව් කරන්න පුලුවන්....හැබැයි කලබල වෙන්න එපා මේක ඇහුවම...."
උදේ පහ වෙද්දි දෙන්නගෙ ආත්ම ආයෙම මාරුවෙන නිසා ඇත්තටම ෆ්‍රෙයා මේ ගැන මුකුත් නොදන්න නිසාත් මේ වෙලාවෙ ෆ්‍රෙයාට වගේම ජන්ග්කූක්ටත් උදව් කරන්න පුලුවන් ටේහ්‍යුන් , ජිමින් දෙන්නට විතරක් බව ජන්ග්කූක්ට තේරුනා....ඒක නිසා ජන්ග්කූක් එයාලා දෙන්නට වෙන හැමදේම ටේහ්‍යුන් , ජිමින් දෙන්නට කිව්වෙ ඒ දෙන්න ඇසුත් ලොකු කරගෙන ඒවා අහගෙන ඉද්දියි....
" උබ කියන්නෙ දැන් අපිට ඕක විශ්වාස කරන්න කියලද?"
" මන් දන්නෑ උබලට මේවා කොහොම තේරුම් කරන්නද කියලා....ඒත් මේ වෙලාවෙ මට උබලගෙ උදව් ඕනෙ....උදේ පහ වෙද්දි අපි දෙන්නගෙ ආත්ම මාරු වුනාම ෆ්‍රෙයා මගෙ ඇගට එනවා....ඒ වෙලාවට කෙල්ලට මේක තේරුම් කරල දීපන්.... ෆ්‍රෙයා දැනටත් මේ මුකුත් දන්නෙ නෑ...."
ජන්ග්කූක් එහෙම කියන ගමන් ජිමින් , ටේහ්‍යුන් දිහාවට අසරන බැලමක් දැම්මා....
ආයෙත් ඒ තුන්දෙනා icu එක ලගට එද්දි එලාට සිහිය ඇවිල්ලා තිබ්බ....මිසිස් ජියොන් හිටියෙ එලා ලග....
" එලා, දැන් ඔයාට කොහොමද?"
ජන්ග්කූක් , එලා ලගට ගිහින් ඇයගෙන් එහෙම ඇහුවෙ එලා ජන්ග්කූක්ට හොදම එකෙන් ඔරවද්දියි....
YOU ARE READING
MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 )
Fanfiction𝘔𝘐𝘚𝘚 𝘑𝘑𝘒 𝘑𝘑𝘒 𝘧𝘢𝘯 𝘧𝘢𝘤𝘵𝘪𝘰𝘯 𝘚𝘪𝘯𝘩𝘢𝘭𝘢 𝘴𝘵𝘰𝘳𝘺 Don't copy my work 🚫 Read on ur own risk ❌ Not for kids❌ 18+🔞 Published date - 25/07/2023 End date - 20/11/2023 Written by - @xhumii _ Tani