දෙසැම්බර්......ශීත ඍතුවේ ඇරබුම් මාසය. ගස්වල තැබිලි පැහැ කොල වැටිලා හරි අපූරුවට මග දෙපස සරසද්දි ගතට නැවුම් මිහිරක් එක්කරමින් අමුතුම තාලයකට වැයෙන සුලග කියාපාන්නේ සීතල දෙසම්බරේ හෝරාව ඇරබෙන බවයි 🌬️🌀........හිමපතනයක මිහිකත සිපගැනීමේ පලමු පියවර ලෙස ඉතා කුඩා හිමකැටියක් පුන්චි ගමක එක්තරා පුන්චි නිවසක ගෙවත්තක හිද සිටින තරුනයකුගේ හිස මතට පතිත වුනේ ඉතා සියුම් අන්දමින්. හරියට එයින් ඔහුට යම්කිසි වේදනාවක් හට ගනීදෝ යන බියකින් එම පුන්චි හිමකැටිය පතිත උනා කීවොත් මා නැවැරදියි.
උනුසුම් කෝෆි කෝප්පයක් පානය කරමින් සිටි තරුනයා, හිස මත තිබූ හිම කැටිය අතට ගෙන හිනැහුනේ මුලු ලොවම ඔහු අත පවතින්නක් මෙනි. සීතල සුලගට එය පාකරමින් දැමූ ඔහු දෑස් පියාගත්තේ නැවුම් සුලග තරුනයාගේ ශරීරයේ ඉගිබිගි පාමින් ගමන් ගන්නා අතරතුරයි. ඔහු එම නැවුම් බව නිතැතින්ම විදගනිමිනුයි සිටිනුයේ.
සීතලට කිසිදු ආවරනයක් නොමැතිව තිබූ ඔහුගේ ශරීරයට උනුසුමක් වූයේ ඔහු හැද සිටි දුහුල් කමිසය පමනයි. බැලූ බැල්මට නිදහස් මනසකින් සිටිනවා කියා අනුමාන කල හැකි නමුත් ඒ සතුට උතුර දෑස් තුල යම්කිසි වේදනාවක් ගැබ්ව පවතින අයුරු සන්වේදී හදකට වටහාගැනීම ඒතරම් අපහසුවක් නොවෙයි.
"ටේ....ටේහ්යුන්ග් "
ඔව් එයයි ඔහුගේ නාමය 'ටේහ්යුන්ග්' වයස අවුරුදු 19 ක පොඩි කොලුගැටයෙක්. නමුත් වේදනාව.... ඔව් වේදනාව , දුක කියන හැගීම් ඔහුව වෙලාගෙන අවසානයි.
ඉදිරියට නෙරා ආ ඒ කුස හෙමින් පිරිමදිමින් ඔහුට ආමන්ත්රනය කල හඩ ඇසූ දෙසට ගමන් කලේ මීට සුලු මොහොතකට පෙර දෑස් තුල තිබූ පියකරු සිනහව වේදනාබර කදුලකට හරවමින්.
🐯එනවා ඔම්මා....😔
ඔහුටවත් නෑහෙන පරිදි හඩ නැගූ ටේහ්යුන්ග් හිද සිටි අසුනෙන් නැගිට තම මෑනියන් වෙත පිය නැගුවේ හද තුල පසුතැවීම ඉතිරි කරමින්.
"මගේ දරුවෝ.... එලියට වෙලා ඉන්න එපා කෝ එන්න මගේ වස්තුව. "
ඔහුගේ මව ඉතා කාරුනික වදනින් ඔහුට සන්ග්රහ කලේ ඒ සියුමැලි හද වචනකින්වත් රිදවීමට අකැමැත්තෙන්.
YOU ARE READING
𝙻𝙸𝙵𝙴 𝙶𝙾𝙴𝚂 𝙾𝙽 T̷k̷ (On going)
Fanfiction"ඇයි මට එහෙම කලේ " "ම්...මට..මට සමාවෙන්න" "හිතනවද හැමදේම හරි කියලා" "ටේ ටේ අනේ එහෙම කියන්න එපා " "අනේ අම්මේ ඔයාට මාව දාලා යන්න බෑ අම්මේ අනේ" "රූහි..... ඇයි උබ එහෙම කලේ මන් උබව මරනවා යකෝ😡 " ...