𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 15

123 16 5
                                    

JK's pov

මේ හුත්ත උබේ රෙද්ද හින්දා මට හරියට නින්දක්වත් නෑ

ඉතින් මන් කිව්වයි උබට නිදාගන්න එපා කියලා

ශික් තොගේ වැඩවලට උදව් කරන හින්දනේ මේ හැමදේම . දැන් කිව්වා වගේම් මට කන්න අරන් දීපන්

ඉදපන් අරන් එනකන්

යුන්ගියයි මායි හිටියේ කැෆටේරියා එකේ. හොබියට ලෙක් එකක් නිසා ඌ අපිත් එක්ක ආවේ නෑ. යුන්ගී මේ කෑගහන්නේ ඊයේ ඌව එක්ක ගෙන මහා රෑ රවුම් ගැහුව එකට. ඒක මේ රස්තියාදුවක්මත් නෙවෙයි ඉතින්

ආ ඉදා උබේ කෑම එක

බලපන් ජන්ග්කුකා උබ නිසා මන් ඒ ගමන සෙවල පිස්සෙක් උනානේ. ශික් මට අරූට දෙකක් අනින්නමයි හිතෙන්නේ.

තොට හොදෑඩේ.... 🤣 මන් කිව්වේ නෑ නේ උබට උගේ අතින් අල්ලන්න කියලා.

කිව්වා කියලා හිතාගනින් 😒 වල් බල්ලා

http 🖕

යුන්ගියා මේ ඊයේ උන දේ ගැන තමා තාමත් කියවන්නේ. ඇත්තටම එදා වුනේ........

Flash back

මම හිටියේ අද උනු දේවල් ගැන කිසිම දෙයක් හිතාගන්න බැරුව.

ටේහ්‍යුන් .......

ඇත්තටම එයා ගොඩක් දුක් විදින පොඩි පිරිමි ලමයෙක් කියන එක මට හරියටම තේරුනේ මගේ කකුල් දෙක බදාගෙන කෑගහලා එයා දුක කියලා අඩපු වෙලාවේ. එවෙලේ මන් එක දෙයක් තේරුම්ගත්තා. මේ ඉන්නේ මගේ මිනීව උදුරගත්ත මිනීමරුවා නෙවෙයි කියන එක.

ඇත්ත මම ආදරෙන් අන්ද වෙලා හිටියේ. ඒ අන්දබව තවත් වැඩි වුනේ මිනීගේ මරනින් පස්සේ.... මට එයාගේ මරනෙට වගකියන්න ඕන හැම එකාවම මරලා දාන්න ඕනේ උනා..... ඒත්.... බැදීම්.... ඔව් බැදීම් කියන ඒ සීමාවෙ ඇතුලේ මාත් එක ඉත්තෙක් විතරයි. මන් කෑ ගැහුවා.... උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවා. ඇස්වල කදුලු නැති වෙනකන් ඇඩුවා. ඒත් ඒ එදා විතරයි.... ඒ දවස වේදනාවෙන් කෑගගහා අඩපු කුකී තවදුරටත් එතන හිටියේ නෑ.

ඒ අදුරු මතකේ මතක් වෙන වාරයක් පාසා මට මගේ හුස්ම හිර වෙනවා වගෙයි දැනෙන්නේ... ඒ වේදනාව විදලා තියෙනවද ? නැහැ උබලා කවුරුත් ඒ වේදනාව විදලා නෑ.

𝙻𝙸𝙵𝙴 𝙶𝙾𝙴𝚂 𝙾𝙽  T̷k̷ (On going)Where stories live. Discover now