𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 6

118 23 1
                                    

🐯අනේ මගේ කොන්ද නෑ වගේ.... මහන්සි මහන්සි තව නම් බෑ

ටේහ්‍යුන්ග් මහන්සි වැඩි කමටම ලග තිබුනු පුටුවකින් වාඩි උනා.

" ඒයි කොල්ලෝ! ඔය පුටු තියෙන්නේ customers ලට වාඩි වෙන්න නැතුව හිගන්නොන්නට නෙවෙයි😒"

🐯sorry sir 😔

cafe එකේ වැඩ කරන තවත් කොල්ලෙක් ටේහ්‍යුන්ග් ට බැන්නම ටේහ්‍යුන්ග් ඉක්මනට වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටේ ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා.

🐯*හපෝ පුදුම ලොකු කමනක්නේ තියෙන්නේ. මන් වගේම මෙයාලත් මෙතන වැඩ කරන්නේ සල්ලි හම්බ කරගන්න. ඒත් මමයි මෙතන හිගන්නත් වෙලා තියෙන්නේ 😒 *

ටේහ්‍යුන්ග් එහෙම හිතන ගමන් තමන්ට පැවරුනු රාජකාරිය කිරීමට ගියා.

🐯excuse me sir, can i help you 😁

කටපුරා හිනා වෙලා හරිම ආකර්ශනීය ලෙස ටේහ්‍යුන්ග් customers ලගෙන් එයාලට ඕන දේවල් ඇහුවා.

ලැබුනු order එකත් අරගෙන kitchen එකට ගියේ order එක serve කරන්න.

කොහොම හරි වෙලාව 8.00p.m. පමන වුනා. දැන් ටේහ්‍යුන්ග් ගේ leave time එක. එයා එතන ඉන්න හැමෝටම bow කරලා changing room එකට ගිහින් ඇදුම් change කරන් ඇවිත් bag එකත් අරන් cafe එකෙන් එලියට ආවේ හිත සතුටින් ඉපිලෙද්දි.

🐯දැන් මට රස්සාවක් තියෙනවා.මන් අම්මාට මේ ගැන ඉක්මනට කියන්න ඕන. අම්මගේ බෙහෙත් ටිකත් දැන් ඉක්මනට ගන්න පුලුවන් වෙයි. තව මට phone එකකුත් ගන්න පුලුවන් එතකොට මට අම්මට නිතරම කතා කරන්න පුලුවන්නේ 🙈.අද ඇත්තටම ගොඩක් ලස්සන දවසක්. හාහ්.......

ලොකු හුස්මක් ගත්ත ටේහ්‍යුන්ග් දෑත් දෙපසට කරේ හමා ආ සීත සුලගට මුලි ඇගම හිරි වැටෙද්දි. ලාවට පායපු හද එලියෙන් ටේහ්‍යුන්ග් ඉදිරියට ගියේ ඔහුට ලැබුනු අලුත් රැකියාව ගැන තම මවට පැවසීමේ දැඩි ආශාව නිසා.

පැයක ඇවිදීමකින් පසු ටේහ්‍යුන්ග් පැමිනියේ තම පුංචි නිවස වෙතටයි. එය ඇත්තටම ඉතා කුඩා නිවසක් උනා. කාමර දෙකක් , කුඩා bathroom එකක්, කුස්සියක් වගේම පුන්චි living room එකකින් ඒ ගෙදර සමන්විත වුනා. ටේහ්‍යුන්ග් සහා ඔහුගේ මවට ජීවත් වීමට ඒ ගෙදර බොහෝ ප්‍රමානවත් උනා. ඉතා කුඩා වුවත් පුන්චි garden එකකුත් ඒ ගෙදරට තිබුනේ එයාලගේ හුරුබුහුටි පුන්චි ගෙදර තවත් ලස්සන කරමින්. ගෙදරට දාලා තිබුන කුඩා ගේට්ටුවත් ඇරගෙන ටේහ්‍යුන්ග් ගෙදරට ආවේ අද දවසේ සිදුවීම පිලිවෙලින් මතක් කරමින්. ඒ අතර වැඩියෙන්ම තිබුනේ ටේහ්‍යුන්ග් ගේ අලුත් රැකියාවයි.

𝙻𝙸𝙵𝙴 𝙶𝙾𝙴𝚂 𝙾𝙽  T̷k̷ (On going)Where stories live. Discover now