3

32 10 2
                                    

හන්ජීට දැනිච්ච ලොකූ මහන්සිය නිසාම හන්ජී කෙලින්ම වොශ් රූම් එකට රින්ගුවත් ශවර් එක යටදීත් එයාගේ ඇස් දෙක පියවෙන්න ගියා. එයා ඉක්මනටම වොශ් එකක් දාලා ඇඳුමකටත් බැහැලා වැනි වැනිම ඇවිත් කවුච් එකට වැටෙන ඩිංගට එයාට ඇස් දෙක පියවෙලා ගියේ සැහැල්ලූ නින්දකට වැටෙන ගමන්.


"යාහ්.... තමුසේ ඔතන නිදාගෙන ඉන්නේ මං කියපු වැඩ ඉවර වෙලා ද ආහ්? නැගිටිනවා ඔතනින්... යාහ්.. හන්ජී... කන් දෙක ඇහෙන්නැද්ද?"

කළුවර වැටෙද්දී කොහේද ඉඳන් ගෙදරට ආපු හෝසොක් කවුච් එකේ නිදාගෙන හිටිය හන්ජිව දැකලා කොච්චර කෑගැහුවත් හන්ජිගේ ඇස් දෙක නං පොඩ්ඩක්වත් ඇරුණේ නෑ. වෙනදාට එයාගේ නම එකපාරක් කතා කරපු ගමන් කොහේ හිටියත් එයා ගාවට දුවගෙන එන හන්ජී අද කිසිම සද්දයක් නැති නිසාම හෝසොක්ට අමුතු බයක් දැනුනේ නැතුවාමත් නෙමෙයි. එයා හිමීට හන්ජී ගාවට ඇවිදගෙන ගියේ පොඩ්ඩක් විතර ගැස්සිලා.


"මං දීපු වැඩ නිසා... මේකිට මොකක්හරි වෙලාවත් ද? හුස්ම ගන්නවා ඇති නේද?"

හෝසොක් හිමීට ලංවෙලා එතනම ඇණ තියාගෙන එයාගේ නහය ගාවට ඇඟිල්ලකුත් තියලා බැලුවේ සැකේටමයි. තාලෙට එයාගේ ඇඟිල්ලට වැදෙන හුස්ම නිසා එයා ගොඩාක් තද නින්දකට වැටිලා ඉන්නේ කියල තේරුම් ගත්ත හෝසොක් එයාගේ උරිස්සෙන් දෙතුන් පාරක් හොලවලාත් බැලුවේ හන්ජීට අවුලක් වෙලා නෑ කියලා කම්ෆ[ර්]ම් කරගන්නකම්මයි.


"යාහ්... හන්ජියා... ඕයි....."


"ම්ම්ම්....."

ටික වෙලාවක් තට්ටු දාද්දී හන්ජී උගුරෙන් ලා සද්දයක් දාගෙනම අනික් පැත්ත හැරුනේ කවුච් එකේ ඉඩ මදි වෙලා කෙලින්ම හෝසොක්ගේ අත් දෙකටම හන්ජිව වැටෙද්දී. හෝසොක් බය වෙලා වගේ එයාගේ අත් දෙක උඩ හිටිය හන්ජී දිහා බලාගෙන ඉද්දී හන්ජිට මේ කිසිම දෙයක් ගැන දැනුනේවත් නැත්තේ එයා හිටියේ ගොඩාක් තද නින්දක නිසා. හෝසොක්ගේ හාට් එක හයියෙන් හයියෙන් ගැහෙද්දී උගුර කට වේලිලා ගිහින් කම්මුල් දෙකෙන් ගිනි පිට වෙනවා වගේ දැනුනේ එයාගේ පපුවටම හේත්තු වෙලා තියෙන හන්ජීගේ මූණ දැකලා. එකපාරටම එයාට මොකද්ද වුණේ කියලා හිතාගන්න බැරි වෙච්චී හෝසොක් සෑහෙන්න කළබල වෙලා ඉක්මනට හන්ජිව කවුච් එකෙන් තියලා අඩියට දෙකට වොශ් රූම් එකට පැනගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එයාගේ මූණ අල්ලලා බැලුවා. 

BEAUTY AND THE BEAST || JHS || COMPLETED ||Where stories live. Discover now