"මට තේරෙන්නෑ. ඇත්තටම මාව නං අවුල් වෙලා වගේ. ඇත්තටම ලීනා කරන්නේ මගෙ ඔලුවට විස පුරවන එකද? නැත්තං හන්ජී මොකටද මාව මැරි කරේ? ජුනා කිව්වාත් වගේ මං එයාට කියලා කොච්චර මාව එපා වෙන දේවල් කෙරෙව්වාද? ඇයි තාමත් එයා නොගියේ? ආයිශ්... මට නං හිතලම පිස්සු තද වෙනවා"
මූණත් ඇද කරගෙන එහෙම හිත හිත හිටිය හෝසොක් ඔලුව දෙපැත්තට ගසලා ආපහු ගේ ඇතුළට ආවේ ලීනාත් බොරු තොඳොල් පාරක් දාලා හෝසොක්ගේ ඇඟේ එල්ලෙද්දී.
"හෝසොකී... එන්නකෝ අපි පාටිය එන්ජෝයි කරන්න."
"පාටිය ඉවරයි ලීනා. යනවා මෙහෙන් මට පාඩුවේ ඉන්න දීලා."
හෝසොක් එහෙම කියලා එයාගේ අතත් ගසලා දාලා ඉස්සරහට යද්දී ඒක දැක්ක හන්ජී හිනාව කාගෙන වෙන පැත්තක් බලාගන්නවා දැකලා ලීනාට තවත් තද වුණා.
"යාහ්.... තමුසෙට මොන මඟුලක් ද වෙලා තියෙන්නේ ලීනා?"
ලීනා දුවගෙන ගිහින් හෝසොක් ව බදාගෙන කිස් එකක් දෙද්දී ඒ වගේ දෙයක් වෙයි කියලා හෝසොක් තියා කිසිම කෙනෙක් හිතුවේ නෑ. හෝසොක්ට ඉබේම ඒ දිහා ඇස් දෙක ලොකු අරගෙන බලාගෙන ඉන්න හන්ජී දිහා බැලුණේ ඇයි කියන්න එයාවත් දැනගෙන හිටියේ නෑ. කේන්ති ගියපු පාර හෝසොක් ලීනාව හයියෙන්ම පස්සට තල්ලූ කරලා සද්දෙට කෑගැහුවේ හැමෝම ඉස්සරහා මේ වෙච්චී දෙයින් ලැජ්ජාවක් දැනෙද්දී.
"අනේ හෝසොකී."
"යනවා යන්න මෙහෙන් මගෙන් මොකුත් අහගන්නැතුව"
හෝසොක් හන්ජි දිහාත් එකපාරක් බලලා කාටවත්ම මූණ දෙන්නැතුව රූම් එකට ගියේ මිස්ටර් ජන්ග් කේන්තියෙන් ලීනාට කෑගහද්දී.
"ලීන තමුන්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද? ආහ්? හෝසොක් කියන්නේ මැරි කරපු කෙනෙක් කියලා තමුන්ට අමුතුවෙන් මතක් කරන්න ඕනේද මං ආහ්? මගේ නංගිගේ දුව කියන්නත් මට ලැජ්ජයි. ශිට්... යනවා යන්න මෙහෙන්. ආයේ තමුන්ට මං කටෙන් කියන්නෑ."
"ඉතින් අංකල්ගෙමනේ වැරැද්ද. හෝසොකීව මට දුන්නා නං මේ කිසිම අවුලක් නෑ නේ. මේ වගේ කොහේවත් නැති...."
KAMU SEDANG MEMBACA
BEAUTY AND THE BEAST || JHS || COMPLETED ||
Fiksi Penggemar|| කිරි හොදීයි - බෝල්ට් ඇණයි. ජම්බෝලයි - පොල්සම්බෝලයි. ඔව් එයාලා දිහා බලන ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා. වචනයේ පරිසමාප්තියෙන්ම ඒ බීස්ට්ට නං ඒ බියුටිව කොයි පැත්තෙන්වත් ගැළපෙන්නෑ. ඒත් ඒ බියුටිගෙයි බීස්ට්ගෙයයි මාර්ගයන් එක තැනකදී විතරක් එකටම එකතුවෙලා ඉස්සරහට ග...