"ආයිශ්... මෙයා නං..."
හන්ජී අත් දෙකේ මලු දෙකකුත් උස්සගෙන දෙපැත්ත බල බල ඒ කඩ වීදිය මැද්දෙන් ඇවිදගෙන යන්න ගියේ හෝසොක්ගේ උපන් දිනේට දෙන දෙයක් ගැන හිතාගන්න බැරුව. ඒ නිසාම ගෙදරට ඕනේ බඩු ගන්න මාකට් එකට ගිය වෙලාවේ හන්ජී ඒ ගැන හිත හිතම ඇවිදගෙනම යද්දී එයාගෙ සාක්කුවේ තිබ්බ ෆෝන් එක අතට අරගෙන බලද්දී කෝල් කරන කෙනාව දැකලා හන්ජිගේ කට කොනට ලා හිනාවක් ආවා.
"හෝසොකී"
"කොහෙද හලෝ ඉන්නේ?"
"මාකට් එකේ. පොඩ්ඩක් ඉන්න ඉතින් මේ එන ගමන් නේ."
හන්ජී එයාගේ අතක තිබ්බ මලු දෙක තවත් උස්සගෙන පොඩ්ඩක් එහායින් නැවතුණේ එහෙම කියන ගමන්.
"මාකට් එකේ කිව්වේ කොයි හරියේද? නත්තල් සීයාවත් ඇවිත් ද ඔතනට මට බෙල් සද්දයක් ඇහෙනවා."
හෝසොක් හිනා වෙවී එහෙම කියද්දී හන්ජිටත් හිනාවක් ගියා.
"හ්ම්ම්... සැන්ටා මාවම බලන්න ඇවිත්. ච[ර්]ච් එකේ මොකද්ද සෙරමනි එකක් හෝසොක්. ඒකේ බෙල් සද්දේ ඔය ඇහෙන්නේ. හරි එහෙනං මං එන්න යන්නේ."
"හ්ම්ම්... පරිස්සමින් එන්න."
හෝසොක් එහෙම කියල කෝල් එක කට් කරාම හන්ජී ෆෝන් එක සාක්කුවෙ ඔබාගෙන එතනින් අඩියක් දෙකක් ඉස්සරහට ගියත් එයාව එකතැනම නැවතුනේ එක කඩේක දැක්ක දෙයක් නිසා. දන්නෙම නැතුව ලස්සන හිනාවක් ගියපු හන්ජී ඉක්මනට ඒ කඩේ ඇතුළට දුවගෙන ගියේ සතුටෙන්.
"මැඩම්... කොයි එකද ඕනේ?"
"ම්ම්... අනේ මට අර දම් පාටයි සුදු පාටයි මික්ස් වෙච්චී ක්රිස්ටල් බෝල් එක දෙන්න. ඒක ලස්සනයි"
හන්ජී දිලිසෙන ඇස් දෙකකින් එහෙම කිව්වේ ඒ ශෝ කේස් එකේ ලයිට් එකට දිලිසුන ලස්සන හිම බෝලයක් දැකලා.
YOU ARE READING
BEAUTY AND THE BEAST || JHS || COMPLETED ||
Fanfiction|| කිරි හොදීයි - බෝල්ට් ඇණයි. ජම්බෝලයි - පොල්සම්බෝලයි. ඔව් එයාලා දිහා බලන ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා. වචනයේ පරිසමාප්තියෙන්ම ඒ බීස්ට්ට නං ඒ බියුටිව කොයි පැත්තෙන්වත් ගැළපෙන්නෑ. ඒත් ඒ බියුටිගෙයි බීස්ට්ගෙයයි මාර්ගයන් එක තැනකදී විතරක් එකටම එකතුවෙලා ඉස්සරහට ග...