"මට මේ දැනෙන දේවල් මොනවාද කියලාවත් මං දන්නෑ. ඒත් මට කවදාවත් නැතුව ඒවා නිසා සැහැල්ලුවක් දැනෙන්නේ ඇයි? මොනාද මේ වෙන්නේ? ඒත් ඒ දැනෙන සැහැල්ලු හැඟීම් මාව සන්සුන් කරනවා."
ඇස් දෙක පියාගෙනම එහෙම හිත හිත හිටිය හෝසොක්ව ගැස්සුනේ එයාගේ කම්මුලට දැනිච්ච ලොකු සීතලක් නිසා. එයා ඉක්මනට ඔලුව පැත්තකට කරද්දී හිනාවෙවී එතනට ආපු හන්ජී අයිස්ක්රීම් එක්ක ජෙලි වැඩිපුර දාපු කප් එකක් අතකින් අරගෙන එතනම වාඩි වුණා.
"යාහ්....."
"ස්ශ්...... ශ්.... පස්සේ පස්සේ. ඔයාට කෝල් එකක්"
හෝසොක් කේන්තියෙන් බනින්න යද්දිම හන්ජී එයාව නවත්තලා එයාගේ අනික් අතේ තිබ්බ ෆෝන් එක හෝසොක් අතට දුන්නේ හෝසොක් ෆෝන් එක දිහායි හන්ජි දිහායි කන්ෆියුස් වෙලා මාරුවෙන් මාරුවට බලන ගමන්.
"යි.. යොබුසේයෝ.."
හෝසොක් ෆෝන් එක කනේ තියාගත්තේ ඒකේ නමක් සේව් වෙලා තිබ්බේ නැති නිසා.
"අඩෝ උඹ බල්ටියක් ගැහුවා කියල ආරංචියි. මොකෝ ස[ර්]කස් ටීම් එකකටවත් ජොයින් වෙන්න හිතන් ඉන්නවාද ඈ?"
"පල යන්න ජුනා. තොට විහිලු."
"හ්ම්ම්... මං තව ටිකකින් ෆ්ලයිට් එකට නගිනවා. මට හන්ජීයා දැනුයි විස්තරෙ කිව්වේ. උඹ බොරුවට බය වෙලානේ"
නාම්ජුන් එහෙම කියද්දී හෝසොක්ට ඉබේම බැලුවේ එයා ගාව බිමින් වාඩි වෙලා ජෙලි එක්ක අයිස්ක්රීම් කලවම් කරලා ඒක එක හැන්දකට ගන්න දඟලන හන්ජි දිහා. එයා හෝසොක් දිහා බලලා එකපාරටම එයාගේ කට ගාවට හැන්දක් ලං කරාම හෝස්ක් හන්ජි දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.
"ආ කියන්න..."
හන්ජී සද්ද නැති වෙන්න එයාගේ කට හද හද එහෙම කියද්දී හෝසොක්ට ඉබේම කට ඇරුණේ කෝල් එකටත් අවධානය දෙන්න ඕනේ නිසා. කටට දාපු ජෙලි අයිස්ක්රීම් ටිකත් හප හප හෝසොක් හන්ජී දිහා හොරෙන් බලද්දී තමා නාම්ජුන්ගේ කටහඬ හෝසොක්ට ඇහුණේ.
ESTÁS LEYENDO
BEAUTY AND THE BEAST || JHS || COMPLETED ||
Fanfic|| කිරි හොදීයි - බෝල්ට් ඇණයි. ජම්බෝලයි - පොල්සම්බෝලයි. ඔව් එයාලා දිහා බලන ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා. වචනයේ පරිසමාප්තියෙන්ම ඒ බීස්ට්ට නං ඒ බියුටිව කොයි පැත්තෙන්වත් ගැළපෙන්නෑ. ඒත් ඒ බියුටිගෙයි බීස්ට්ගෙයයි මාර්ගයන් එක තැනකදී විතරක් එකටම එකතුවෙලා ඉස්සරහට ග...