මේ විදිහට සතියක් විතර ගෙවිලා ගියාත් හෝසොක් ගේ ගතිගුණ වෙනස් වුණු බවක් පෙනුනේ නෑ. එයා හැමවෙලේම බැලුවේ හන්ජිට රිද්දවන්න. හන්ජී හෝසොක්ට කරපු කිසිම වැරදි දෙයක් නැති වුණාට හෝසොක්ගෙ හිතේ එයා ගැන ලොකු තරහක් තිබ්බා. ඒ නිසාම එයා එක එක ක්රම වලින් හන්ජිට රිද්දෙව්වා. එයාව අපහසුතාවෙට පත් කරා. ඒත් හන්ජී ඒ හැමදේම ගොඩාක් ඉවසීමෙන් බලාගෙන හිටියේ එයා හෝසොක් ගැන දන්න නිසාමයි.
"ම්ම්ම්.... ම්ම්ම්.. හ්ම්ම්...."
"ඕහ්... හෝසොකී බලාගෙන... ඔයා වැටෙයි ඩාලින්ග්."
දවසක් හොඳටම රෑ වෙලා හෝසොක් ගෙදර ආවේ හොඳ සිහියකින් නං නෙමෙයි. එයාව වත්තම් කරගෙන ආවේ ලීනා. හෝසොක් අසිහියෙන්ම සින්දුවකුත් මුමුණ මුමුණ ලීනාගේ කර වටේ අත දාලා එල්ලිලා එද්දී එයා එනකල් මඟ බලාගෙන හිටිය හන්ජි ඉඳන් හිටිය තැනින් නැගිට්ටේ ලීනා දිහා මරාගෙන කන සයිස් එකෙන් බැල්මකුත් දාගෙන. මොකද ලීනා හෝසොක්ට තමන් ගැන බොරු දේවල් කියලා එයාගේ ඔලුවට විස පුරෝනවා හන්ජීට කිහිප පාරක්ම ඇහිලා තිබ්බේ එයා බලෙන්ම හෝසොක්ව හම්බෙන්න ජන්ග් පැලස් එකට ආපු වෙලාවලදී.
"ඕහ්.. මගේ හස්බන්ඩ්ව පරිස්සමට එක්කගෙන ආවට කුමාවෝ ලීනා."
හන්ජී අත් දෙකත් බැඳගෙන එහෙම කිව්වේ ඇස් දෙක රතු කරගෙන වුණත් එයා ඒක හංගලා ඒක උඩින් බොරු හිනාවක් මවාගෙනමයි.
"ඔයාගේ හස්බන්ඩ්..? හොඳටම විශ්වාසයි ද ඒක? හෝසොකී මගේ. එයා මගේ කසින් කියලා තමුසේ දන්නවානේ. අංකල්ටත් මොළයක් කියලා දෙයක් නෑ නේ තමුසෙලා වගේ ත[ර්]ඩ් ක්ලාස් එකියක්ව මගේ හෝසොකීට බන්ඳලා දුන්නේ."
ඒකට තද වෙද්දී හන්ජී හෝසොක්ව බලෙන්ම වගේ ඇදලා අරගෙන එයාව සැටියෙන් හාන්සි කරවලා අනික් පැත්ත හැරිච්ච ගමන්ම ලීනාට අත පුරවලා හොඳ කම්මුල් පාරක් දුන්නේ ලීනාගේ වෙරි හිඳෙද්දී.
"යාහ්... තමුසේට කොහෙන් ආපු හයියක්ද මට අත උස්සන්න ආහ්? මං කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේද?"
KAMU SEDANG MEMBACA
BEAUTY AND THE BEAST || JHS || COMPLETED ||
Fiksi Penggemar|| කිරි හොදීයි - බෝල්ට් ඇණයි. ජම්බෝලයි - පොල්සම්බෝලයි. ඔව් එයාලා දිහා බලන ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා. වචනයේ පරිසමාප්තියෙන්ම ඒ බීස්ට්ට නං ඒ බියුටිව කොයි පැත්තෙන්වත් ගැළපෙන්නෑ. ඒත් ඒ බියුටිගෙයි බීස්ට්ගෙයයි මාර්ගයන් එක තැනකදී විතරක් එකටම එකතුවෙලා ඉස්සරහට ග...