6

38 10 5
                                    

"පුතේ... ඔයාට හොඳ වෙනවා. තව ටික කාලෙකින් ඔයාට හිටගන්නත් පුලුවන් වෙයි. හන්ජී කිව්ව දේ හරියටම හරි. එයා කිව්වානේ ඔප්පූ කරලා පෙන්නන්නම් කියලා. මතකද?"

මිස්ටර් ජන්ග් ඇස් දෙකේ සතුටු කඳුළු පුරෝගෙන එහෙම කිව්වේ හෝසොක්ගේ ඔලුවත් අත ගාන ගමන්. ඒත් හෝසොක් මොකුත්ම නොකියා ඉස්සරහා බලාගෙන හිටියේ හිතේ ඇතිවෙච්චී ලොකු සතුටකින් ඇස් දෙක බොඳ වෙද්දී.


"තාමත් හිතනවා ද හන්ජී ඔයා එක්ක ඉන්නේ සල්ලි නිසා කියලා ආහ්? එයාට යන්න ඕනේ නං මේ ගෙවිච්ච කාළේ ඕනෙවටත් වඩා ඒකට නිදහස තිබ්බා හෝසොක්. ඒත් එයා එහෙම කරේ නෑ. එයා ඔයා වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. එහේ මෙහෙ දුවලා ට්‍රීට්මන්ට් කරලා ඔයාගේ වැඩ හැමදෙයක්ම බෑ නොකියා කරා නේද ම්ම්ම්? එයා ඔයාට ආදරේ නැත්තං එයා මොකටද එහෙම කරන්නේ? කකුල් දෙක පණ නැති ඇවිදින්නවත් බැරි එකෙක් එක්ක ඉන්නේ මොකටද කියලා එයාටත් ඕන්නං මෙහෙන් යන්න තිබ්බානේ? හරියට අර ඔයාගේ අවස්ථාවාදී යාළුවෝ වගේ. ඒ නිසා එයා ගැන බලාගන්න හෝසොක්. ඔයාට එයා ගැන දැනගන්න ආයේ මේ වගේ කාළයක් කවදාවත්ම එන එකක් නැතිවෙයි."

රිපෝට් එක හෝසොක්ගේ අතටම දීපු මිස්ටර් ජන්ග් හෝසොක්ගෙ පිටට තට්ටු කරලා එතනින් යන්න ගියේ හෝසොක් ලොකූ හුස්මක් පාත දාලා ඈත බලාගෙන ඉද්දී.


"හන්ජියා... ඔයා මාව වෙනස් කරාද එතකොට? ඔයා එතකොට ඔම්මා වගේ මාව දාලා යන්නෙ නැද්ද? මට පුදුමයි මං ගැනම. ඇයි මට ඔයාව තේරුම් ගන්න මෙච්චර කල් ගියේ? මං ඔයාට කොච්චර නරක දේවල් කරා කියලා ද? ඒත් ඔයා එක වචනයක්වත් මට කිව්වේ නෑනේ හන්ජියා. ඔයා ඒ හැමදේම ඉවසගෙන හිටියානේ. මට සමාවෙන්න. මං ලැජ්ජා වෙනවා මං කරපු හැමදෙයකටම. අප්පා කිව්වා හරි මේ කාළේදී තමයි මං හරියටම දැනගත්තේ කවුද මට ඇත්තටම ආදරේ කියලා. මං අබ්බගාතයෙක් කියලා දැනගත්තාම එකෙක්වත් මාව බලන්නවත් ආවේ නෑ. අඩුගානේ කෝල් එකක්වත් දුන්නෑ. එහෙම වෙච්චී එක හොඳයි. නැත්තං තාමත් මං මගේ සල්ලී උන්ට පූජා කරනවා පොට්ටයෙක් වගේ."

හෝසොක් එහෙම හිතලා ඇස් දෙක වහගද්දී හන්ජී උඩ පැන පැන එතනට ඇවිත් එයාගේ ඔඩොක්කුවට ෆෝන් එක අත ඇරිය නිසා හෝසොක් ඇස් දෙක ඇරලා ඔඩොක්කුව දිහා බැලුවා.

BEAUTY AND THE BEAST || JHS || COMPLETED ||Où les histoires vivent. Découvrez maintenant