8

32 10 6
                                    

"පුතේ.... හෝසොක්. මොකද වුණේ?"

කඳුළු පුරෝගෙන තියටර් එක දිහා මැරිච්ච කෙනෙක් ගාණට බලාගෙන ඉන්න හෝසොක් ගේ පිටිපස්සෙන් කටහඬක් ඇහෙද්දී එයා හිමීට ඔළුව හරෝලා ඒ පැත්ත බැලුවා. එතකොටම එය ගාවට මිස්ටර් ජන්ග් දුවගෙන ඇවිත් හෝසොක්ගේ එහා පැත්තෙන් වාඩි වෙලා කළබලෙන් එහෙම අහද්දී හෝසොක් මොකුත්ම නොකියා මිස්ටර් ජන්ග්ව බදාගත්තා.


"පුතේ...?"


"අනේ අප්පා.... හන්ජියාට... මාව දාලා... යන්න එපා කියන්නකෝ.... එයාට අපිව දාලා යන්න බෑ නේද?"

හෝසොක් ඇස් දෙකත් වහගෙන හිමීට මුමුණද්දී මිස්ටර් ජන්ග් හෝසොක්ගේ ඔලුව අත ගෑවේ බය වෙලා වගේ.


"පුතේ හන්ජියාට මොකද වුණේ? කෝ දැන් එයා?"


"එයා...එයාට අර බැල්ලී පිහියෙන් ඇන්නා අප්පා.. හන්ජියාව කිඩ්නැප් කරලා තියෙන්නේ ඒකි. ඇත්තමයි හන්ජියාට මොනාහරි වුණොත් ඕකිව හොයාගෙන ගිහින් මංම මරලා දානවා සත්තයි"

හෝසොක් රතු වෙච්චි ඇස් දෙකේ පිරිච්ච කඳුළු පිටිඅල්ලෙන් පිහදලා එහෙම කිව්වේ කේන්තියෙන් දත් මිටි කන ගමන්.


"කවුද පුතේ? කවුරු ගැනද කියන්නේ?"


"ලීනා ගැන අප්පා. ලීනායි මේ හැමදෙයක්ම කරේ. මං උන් ඔක්කොම පොලීසියට අල්ලලා දුන්නා. අනේ අප්පා... හන්ජියාට මොකුත් එන එකක් නෑ නේද? ම්ම්...."


"බය වෙන්න එපා පුතේ එයාට බෑනේ අපිව දාලා යන්න. එයා ඒක හැමවෙලේම කියනවා මතකද? ම්ම්....?"

මිස්ටර් ජන්ග් ගොඩාක් දුකින් එහෙම කියලා හෝසොක්ගේ උරිස්සෙන් අත තිබ්බාම හෝසොකුත් ඔලුව බිමට නමාගෙන හිමීට ඔලුව වැනුවා.


"හ්ම්ම්... එයා මට පොරොන්දු වුණා ඒක. එයාට බෑ අපිව දාලා යන්න. හන්ජියා... ඒ පොරොන්දුව කඩ කරොත් මං තමුසේට හොඳ පාඩමක් උගන්නනවා."

හෝසොක් තනියම මුමුනද්දී තියටර් එකේ දොර ඇරිලා ඩොක්ටර් කෙනෙක් එළියට එද්දී හෝසොක් එතනට දුවගෙන ගියේ විදිල්ලක් වගේ.

BEAUTY AND THE BEAST || JHS || COMPLETED ||Where stories live. Discover now