1

97 13 9
                                    

"අප්පා.... මේ.... මං තාම එහෙම දෙයකට ලෑස්ති නෑ. මට ටික කාලයක් දෙන්න"

තරමක ගැඹුරු හඬකින් එහෙම කිව්ව ඒ කෙනා බිම බලාගෙන කල්පනා කරේ තොලකුත් හපාගෙන.


"හෝසොක්. ඕන කාළයක් ගන්න. ඒත් මේක වෙන්නම ඕනේ. මොකද මං හන්ට ඒ කාලෙම වෙච්චී පොරොන්දුවක් ඒක. ඔයා ඒක හොඳටම දන්නවානේ."

මිස්ටර් ජන්ග් එයාගේ බස්තමට බර දීලා මෙච්චර වෙලා ඉඳන් හිටිය සැටියෙන් නැගිට්ටේ එහෙම කියන ගමන්.


"ඒත් අප්පා.... මං ඒ කෙල්ලව දන්නෑ. අනික මං කැමති නෑ ඒ වගේ තර්ඩ් ක්ලාස් කෙල්ලොන්ට"


"හෝසොක්. කිසිම කෙනෙක්ව පාතට දාලා කතා කරන්න එපා පුතා. හැමෝටම ඔයාගේ අප්පට වගේ සල්ලි නෑ. හන් කියන්නේ මං අමාරු කාළෙකදී මං ගාව හෙවණැල්ල වගෙ ඉඳන් උදව් කරපු මනුස්සයා. එයා ඒ කරපු උදව්ව නිසයි අද අපි දෙන්නාම මෙහෙම ඉන්නේ."


"අප්පා... මං කිව්වොත් කිව්වම තමයි. මං ඔය සල්ලීකාරයොන්ගේ කරේ එල්ලෙන්න එන කෙල්ලොන්ට පොඩ්ඩක්වත් කැමති නෑ. මං කෙනෙක් හොයාගන්නම් මං කැමති විදිහට."


"ජන්ග් හෝසොක්"

එයා මිස්ටර් ජන්ග් දිහා තද බැල්මක් දාලා එහෙම කියලා එතනින් කේන්තියෙන් පිටවෙද්දී මිස්ටර් ජන්ග් එයාට කෑගැහුවේ කේන්තියෙන්.


ජන්ග් හෝසොක්. අවුරුදු 26 වෙච්චී සල්ලිකාර කඩවසම් කොල්ලෙක්. තද ගතිගුණ තියෙන අහංකාර කොල්ලෙක් කිව්වත් හරි. අවුරුදු ගණනාවකට කලින් මිසිස් ජන්ග් හෝසොක්වයි මිස්ටර් ජන්ග්වයි අත ඇරලා දාලා වෙන පවුලකට එකතු එච්චී දවසේ ඉඳන් යන්තම් අවුරුදු 17ක 18ක කොල්ලෙක් වෙච්චී ජන්ග් හෝසොක් වෙනස් වෙන්න ගත්තා. කාළයක් කිසිම කළබලයක් නැතුව නිසලව පහළට ගලාගෙන බහින ගංගාවක් වගේ ගලාගෙන ගියපු හෝසොක්ගෙ ජීවිතය සුනාමියක් වගේ ප්‍රචණ්ඩ වුණ එකේ සම්පූර්ණ වරද මිසිස් ජන්ග් ගේ කිව්වොත් නිවරදී. මොකද හෝසොක් එයාගෙ ඔම්මා වෙච්චී මිසිස් ජන්ග්ට සෑහෙන ආදරය කරපු කෙනෙක්. හීනයක් වගේ ඒ වගේ දෙයක් එකපාරටම සිද්ධ වෙද්දී හෝසොක්ට ඒක දරාගන්න බැරි වුණු එක පුදුමයක් නෙමෙයි. මිස්ටර් ජන්ග් හෝසොක්ව කොච්චර පෙර තත්ත්වෙට ගන්න හැදුවා වුණත් ඒ වෙද්දීත් හෝසොක් සෑහෙන දුර ගිහින් තිබ්බ නිසා එයාටත් කරගන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. නමුත් මිස්ටර් ජන්ග් එයාගෙ පුරුදු දරදඬු ගතිය දිගටම තියාගන්න උත්සහා කරේ හෝසොක්ව යන්තමින් හෝ පාලනය කරගන්න පුලුවන් නිසාමයි.

BEAUTY AND THE BEAST || JHS || COMPLETED ||Tempat cerita menjadi hidup. Temukan sekarang