"ඔව් සර් අනිවාරෙන්ම. මේ යින් යැන්ග් පෙන්ඩන්ට් දෙකෙන් සිම්බලයිස් කරන්නෙ විශ්වයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලයන්. හරියට හොඳ - නරක, ඉර - හඳ, ස්ත්‍රී - පුරුෂ, ගින්න - ජලය වගේ දේවල්." මම පැහැදිලි කර කර හිටියෙ අපේ ශොප් එකට ඇවිත් හිටපු ටිකක් මැදිවියේ කස්ටමර් කෙනෙක්ට.
"අහ්- එහෙනම් මේක ගොඩක් වටිනවා ඇති නේද?" ඒ කෙනා එහෙම අහද්දි මං ඔලුව වැනුවෙ ඔව් කියන්න. අද මං විතරයි ශොප් එකේ. අයියට උදේ වරුව ලෙක්චර්ස්. මමත් හිටියෙ කොහොම හරි මොනවා හරි කස්ටමර් කෙනෙක්ට විකුණන සිහියෙන්.
"එහෙනම් මේක-" ඒ පිරිමි කෙනාට කතාව සම්පූර්ණ කරගන්න බැරි වුණේ පිටිපස්සෙන් කවුදෝ බාධා කරලා කතා කරපු නිසා.
"එක්ස්කියුස් මී. ඕක ඔයාට වෙන කාටවත් විකුණන්න බෑ." ඒ කටහඬ ගැඹුරුයි. යාන්තමට වගේ හුරු පුරුදු ගතියකුත් දැනුණ නිසාම මං පිටිපස්ස හැරිලා බැලුවා.
සති දෙකකට කලින් මෙහෙ ආපු අර කොල්ලා නේද? අර ෆුල් සූට් එකෙන් ආපු එක්කෙනා. මට පුදුම හිතුණා. ආයෙම මෙහෙ ආවෙ අර පිළිමෙ රිටර්න් කරන්න ඕනි කියලද දන්නෑ.
"ඇයි ඒ?" මං මුකුත් කියන්න කට අරින්නත් කලින් මැදිවයසෙ පිරිමි කෙනා ඒ කොල්ලගෙන් ඇහුවා.
"මෙයා දන්නවද දන්නෑ, ඒත් මං ඕක කලින්ම රිසර්ව් කරලා තිබුණෙ. කෝ ඔයාගෙ අයියා නැද්ද?" එයා ශොප් එක පුරාවටම බැල්මක් හෙලන ගමන් ඇහුවා. අයියා මට එහෙම කතාවක් කිව්වෙ නෑනෙ. වෙනදටනම් අයියා එහෙම මොකක් හරි වෙන් කරලා තියන්න ඕනි නම් කියනවා මට.
"මං-මං-" මං ගොත ගහන්න ගත්තෙ මං එහෙම දෙයක් දන්නෙ නෑ කියලා මට ඒ ගැඹුරු කළු ඇස් දිහා බලාගෙන කියන්න බෑ කියලා හිතුණ නිසා.
"අහ් එහෙනම් කමක් නෑ. ඔයා ගන්න පුතා ඒක. මං කොහොමත් ඒක ගන්නම නෙවෙයි හිටියෙ. මං වෙන දවසක ආයෙම එන්නම්කො." ඒ අංකල් එහෙම කියලා දොරත් තල්ලු කරගෙන එළියට යනකොට මම එතනටම වෙලා හිටගෙන හිටියා. ඒ ඇස් දෙක ගැඹුරුයි. කළුම කළුයි. කළු කුහර තරම් ගැඹුරුයි. අතරමං වෙන සුළුයි. ඒ එක්කම මාවත් ගල් ගැහිලා ගිහින්.
"මට ඒ දෙක දෙනවද?" ඒ කොල්ලගෙ ගැඹුරු කටහඬෙන් මාව ආයෙම ගැස්සිලා ගිහින් පියවි සිහියට ආවා.
YOU ARE READING
දූවිලි වැස්ස | (The Dust Rain) ✔︎
Fanfictionඉතින් මගේ යීබෝ... මං හොඳින්ම දන්න මගේ දේව්... මේ මනූ ආදරෙයි ගණින්න බැරි තරම් ආත්ම ගාණකට... ඇරඹුම : 2023.08.10 අවසානය : 2023.08.11