හතරවෙනි දූවිලි වැස්ස

526 115 14
                                    

"ඔයා අද හවස ෆ්‍රී ද මනූ?" දේව් මගෙන් කවදාවත් නැතුව එහෙම ඇහුවා.

"අද හවස අයියා ඉන්නවා. ඉතින් ඕනෙනම් මට ෆ්‍රී වෙන්න පුලුවන්." මේ මං දේව් ව මුණගැහෙන දොලොස්වෙනි වතාව.

"එහෙනම් මගෙ ගෙදර එක්ක යන්නම් ඔයාව. ඔයා එනවද?" මට දේව් ගැන සැක කරන්න දෙයක් තිබුණෙ නෑ. එයා පහුගිය දවස් ගානෙම කිය කිය හිටියෙ එයා ගාව තියෙන එක එක ජාතියේ ආටිෆැක්ට්ස් ටික මට පෙන්නන්න ඕනි වග. ඒ විතරක් නෙවෙයි එයාගෙ පර්සනල් ලයිබ්‍රි එකත්.

"හරි. හවස තුනෙන් පස්සෙ මං ෆ්‍රී. ඔයා එන්න එහෙනම්." මං එහෙම කියද්දිම අතේ තිබුණ කැපුචිනෝ කප් එකේ අන්තිම උගුරත් බීපු දේව් යන්න නැඟිට්ටා.

"මං හරියටම තුන වෙද්දි මෙතන. අමුතුවෙන් හැඩ වෙන්න ඕනෙ නෑ. ඔය ඇදන් ඉන්න එකම හොඳයි." එයා එහෙම කියලා මගෙ කොණ්ඩෙත් අවුස්සගෙන යන්න ගියා. මං අහම්බෙන් වගේ දැක්කා එයාගෙ මූණෙ හීනි හිනාවක් ඇතිවෙලා නැතිවෙලා යන විදිහ.

පුදුමයි. හිනා වෙන්න අකමැති එයාගෙ මූණෙ සැනෙලියක් වගේ ඇඳුණ හිනාව පුදුමයි.

"මගේ දේව්..." මං එහෙම කිව්වෙ දේව්ගෙ කා එක පුරුදු විදිහටම දූවිලි අවුස්සලා යන විදිහ බලාගෙන.

මට දේව් ගාව ඉන්නකොට දැනුණෙ හරිම හුරු පුරුදු බවක්. ඒ කළුකුහර වගේ ඇස්වල අතරමං වෙන ගතියට මං මීට කල්පෙකට කලින් ඉඳන් හුරු වෙලා ඉන්නවා වගෙයි මට හැම මොහොතකම දැනුණේ. දේව්ගෙ සුවඳ පවා මගෙ නහය හොඳට අඳුනන තරම් ඒ හුරු පුරුදු කම මට දැනෙන්න අරන්. මෙච්චර පොඩි කාලෙකට එයා කොහොමද මට මෙච්චර ළං වුනේ?

හවස් වරුවෙ අයියා ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදරත් ගිහින් ආයෙම එනකොට දෙක හමාරවත් වෙන නිසා මං දවසම එහෙට මෙහෙට ඇවිද ඇවිද නොයිවසිල්ලෙන් බලන් හිටියෙ.

අයියා දෙකයි හතළිහ වෙද්දි ශොප් එකට ගොඩ වෙනවත් එක්කම මං කැප් එකත් දාගෙන එළියට පනින්න ලෑස්ති වෙලා හිටියෙ.

"මල්ලි කොහෙ හරි යනවද?" අයියා එහෙම අහන්න ඇත්තෙ මං වැඩිය ඇවිදින්න යන කෙනෙක් නොවෙන නිසා.

"ඔව් අයියෙ. අද යාළුවෙක්ගෙ ගෙදර යන්න ඉන්නෙ. හවස් වෙද්දි එන්නම්." මං එහෙම කියලා ශොප් එකෙන් එළියට දුවනකොට අයියා කට ඇරගෙන පුදුම වෙලා බලන් ඉන්න හැටි මට මැවිලා පෙනුණා. අයියා දන්නවා මට එහෙම එහෙ මෙහෙ යන්න එන්න තරම් යාළුවො නැති වග.

දූවිලි වැස්ස | (The Dust Rain) ✔︎Where stories live. Discover now