"ඊයේ රාත්රියේ තවත් පුද්ගලයෙක් අභිරහස් ලෙස අතුරුදහන්ව තිබෙනවා. මෙලෙස සිදුවන අතුරුදහන්වීම්වලට වගකිව යුත්කේ කවුරුන්ද? ඔහු තවත් දාම ඝාතකයෙක්ද? මේ සඳහා විමර්ශන කටයුතු දැනටමත් ඇරඹී තිබුණත් කිසිදු සාක්ෂියක් හමුව නැහැ." මේ දවස්වල එළියට බැහැලා යන්නත් බයයි. මේ මාසෙ ඇතුලත සිද්ධවුණ හතරවෙනි අතුරුදහන් වීම. ඒකත් මේ අවටම. මොනවද දෙයියනේ මේ වෙන්නෙ?
මං බල බල හිටපු ටීවී එක වහලා දැම්මෙ හුරු පුරුදු හෝන් එකක් ඇහුණ නිසා.
වෙනදා වගේම දූවිලි අවුස්සගෙන හුරු පුරුදු මෙට්ලික් කලර් කා එක ශොප් එක ඉස්සරහ පාකින් එකේ නැවතෙනකොට මගේ හාට් එකත් පුංචි ගැටබෙර පදේකට නැටවෙන්න ගත්තා.
මේ දේව් මේ මාසෙ ඇතුළත ශොප් එකට එන නවවෙනි වතාව. මුල් දෙවතාවෙම එයා ආවෙ මොනා හරි සල්ලිවලට ගන්න. ඒත් දැන් දැන් එයා මෙහෙ එන්නෙ මාත් එක්ක නිදහසේ කතා කරලා යන්න. දේව් ශොප් එකට එන්නෙ අයියා නැති වෙලාවක් අල්ලලාමයි. හැමවෙලේම කස්ටමර්ස්ලා එන්නෙ නැති මේ ඇන්ටික් ශොප් එකේ පාලුව එයා නිසා මැකෙනවා.
එයා වචනයක්වත් නොකියා මට එයාගෙ එක අතක තිබුණ අයිස්ඩ් කොෆී කප්ස් දෙකෙන් එකක් දුන්නා. ඊට පස්සෙ අර පුරුදු පුටු පේළියේම දකුණු කෙළවරේ එයා ඉඳගත්තාම මම ඊට එහා පැත්තෙන් මැද පුටුවෙ වාඩි වුණා.
"ඉතින්?" මං ඇහුවෙ එයා කවදාවත් කතාව ඉස්සෙල්ලා පටන් නොගන්න නිසා.
"මං ඔයාට කතාවක් කියන්නද මනූ?" එයා මට කවදාවත් දුලාක්ෂ කියලා කතා කරේ නෑ. මන්සිතු කිව්වෙත් නෑ. මනූ කියලා විතරයි කතා කරේ. ඒත් මට ඒ නම ඇහෙන හැම වතාවකම ඇඟ පුරා හිරියක් දුවනවා දැනෙනවා.
"මොකද්ද?"
"ඔයාට මතකද මං දවසක් අරන් ගියපු පෝසිලේන් අයිටම් එක?" මට කොහොම ඒක අමතක වෙන්නද? මේ කොල්ලා එදා එක පාරම ඇවිත් පන්දාහෙ කොළ දෙකක් දික් කරලා ඒක අරන් ගියපු හැටි හොඳට මට මතකයි.
"ඒ පිළිමෙට කියන්නෙ Gwigu කියලා. සවුත් කොරියා වල ඩෝග් බ්රීඩ් එකක් ඉන්නවා sapsal කියලා. ඉතින් ඒ මිනිස්සු හිතන්නෙ මේ බල්ලො වර්ගෙ අඳුරු බලයක් තියෙන සත්තු ජාතියක් කියලලු. එයාලා කියනවා ආත්ම හුවමාරු කරන මායාකාරයොන්ව අඳුනගන්න ඉවක් මෙයාලට තියෙනවා කියලා." දේව් කියද්දි මං හැමදාම වගේ අහන් හිටියා.
YOU ARE READING
දූවිලි වැස්ස | (The Dust Rain) ✔︎
Fanfictionඉතින් මගේ යීබෝ... මං හොඳින්ම දන්න මගේ දේව්... මේ මනූ ආදරෙයි ගණින්න බැරි තරම් ආත්ම ගාණකට... ඇරඹුම : 2023.08.10 අවසානය : 2023.08.11