"You must hand over your research reports on Medieval Asian sculpture works to me by the next lecture. The lecture is over for today"
මං එහෙම්මම ලෙක්චර් හෝල් එකෙන් එළියට එන්න ආවා...
අවුරුදු පහක් ගතවෙලා...
මං මගේ හීනෙට කොහොම හරි ආවා. මම ඉගෙනගත්ත පේරාදෙණිය කැම්පස් එකේ ම හිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ බාහිර කථිකාචාර්ය කෙනෙක් වශයෙන් ඉතාම අඩු වයසකින් මං මගේ හීනෙට ළඟා වුණා...
අද දවසට තිබුණ ලෙක්චර්ස් ඔක්කොම ඉවර නිසා මම පුරුදු විදිහටම මගේ මෙට්ලික් කලර් CH-R එකට ගොඩ වුණේ ගෙදර යන්න බලාගෙන. මගේ කිව්වට, මගේ දේව්ගෙ...
කා එකට නැඟපු මම පුරුදු විදිහටම කා එකේ කැබින් එකේ තිබුණ කෝපි පාට ලෙදර් කවරයක් තිබුණ ඩයරි එක අතට ගත්තා... මං හැමදාමත් වගේ ඒකෙ අන්තිම නෝට් එක කියෙව්වා...
මගේ ආදරණීය කෝපි ඇස් වෙත,
ඔයා මේක කියවනවා කියන්නෙ මං ජීවතුන් අතර නැහැ කියන එක... ඒ වගේම ඔයා මගේ ඇත්තෙන් බාගයක්වත් ඒ වෙනකොට දැනගෙන ඇති. ඉස්සෙල්ලම ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්නවලට මං උත්තර දෙන්නම්.
මේක සුරංගනා කතාවක් කියලා ඔයාට අහක දාන්නත් පුළුවන්, ඇත්තක් කියලා විශ්වාස කරන්නත් පුළුවන්.
මගේ චාන්, අවුරුදු පන්සීයකට කලින් අපි දෙන්නා ජීවත් වුණේ පිහිටීමක් නොදන්න සොන්ග්රිම්වල... මායාකරුවන්ගේ දේශයේ මධ්‍ය නගරය... ඔයා ෂාඕ චාන්, මගේ ආදරණීය ආදරවන්තයා... මං වන්ග් යීබෝ... ඔයාගෙ කළුකුහර ඇස්වල අයිතිකාරයා...
ඔයාට මතකයක් නැතුව ඇති, අපි දෙන්නා නීතිවිරෝධී වුණු ආත්ම රසායනය ගැන ඉගෙන ගත්තා... අත්හදා බලන්න බැරි වුණත් අපි ඒක ගැන නිතර නිතර හොයා බැලුවා. ඒත් අවාසනාවකට වගේ අපේ කළකම් පටිසන් දෙන්න වගේ එදා ආත්ම රසායනය ගැන ඔයාගෙම අත් අකුරින් සටහන් තියමින් හිටපු ඔයාව රාජ්‍යයේ සෙබළු අත්අඩංගුවට ගත්තා.
මට බැරිවුණා රත්තරන් එදා ඔයාව බේරගන්න... මං ඔයාගෙ පස්සෙන් මාලිගාවටම ආවා. සෙබළු මාව නැවැත්තුවා... එක පැත්තකින් ආත්ම රසායනය පුරුදු වුණේ මම කියලා මං වැරැද්ද පටවගන්නකොට ඔයා කෑ ගගහා කිව්වා නෑ ඒ ඔයා කියලා... එයාලා විශ්වාස කළේ ඇහෙන් දැකපු සාක්ෂිය විතරයි... මගේ ඇස් පනාපිටම ඔයාගෙ අන්තිම හුස්ම හෙළන හැටි මට බලන්න වුණා. මට සමාවෙන්න මැණික... අන්තිම මොහොතෙත් ඔයාගෙ කෝපි පාට ඇස්වල රැඳිලා තිබුණෙ සතුටක්. මට මතකයි ඔයා ඉස්සර නිතරම කියනවා 'අහම්බෙකින් හරි මං ඔයාට කලින් මැරුණොත් ඔයා මාව ආයෙම වතාවක් කොහොම හරි හොයාගන්න' කියලා.
YOU ARE READING
දූවිලි වැස්ස | (The Dust Rain) ✔︎
Fanfictionඉතින් මගේ යීබෝ... මං හොඳින්ම දන්න මගේ දේව්... මේ මනූ ආදරෙයි ගණින්න බැරි තරම් ආත්ම ගාණකට... ඇරඹුම : 2023.08.10 අවසානය : 2023.08.11