පස්වෙනි දූවිලි වැස්ස

513 113 14
                                    

"මොකද කරන්නෙ?"  කොෆී පොට් සෙට් එකක් ට්‍රේ එකක් උඩ තියාගෙන ලයිබ්‍රි එකේ දොර ගාව හිටියෙ දේව්.

"අහ් මුකුත් නෑ. මං මේ පොතක් බැලුවා. අර ඔයාගෙ පුරුදු කතා තියෙන එකක්" මං කිව්වෙ හේත්තුවෙලා හිටපු මේසෙන් එහාට වෙන ගමන් වෙනකොට දේව් පඩ්පෙළ බැහැලා ඇවිත් ට්‍රේ එක මේසෙ උඩින් තිබ්බා.

"ම්න්, මේකද?" එයා ඇහුවෙ මං ඉස්සෙල්ලා අහම්බෙන් දැකපු ආත්ම රසායනය ගැන තියෙන පොත පෙන්නලා.

"ඔව්."

"ම්න්... ඔයා දැනගන්න ආසද?" දේව් මං වහලා කිබුණ පොත ආයෙම පෙරළලා ඇහුවත් මං ඔලුව දෙපැත්තට වැනු⁣වෙ මට දැනගන්න ඕනි නැති බව අඟවන්න.

"ම්න්... මේකට කියන්නෙ Alchemy of souls කියලා. ඒක මරු නේද?" එයා මරු කියලා අදහස් කරන්නෙ මොකද්ද දන්නෑ. අනවස⁣රයෙන් වෙන ඇඟකට රිංගන එකද, අනිත් මිනිස්සුන්ගෙ ආත්ම හොරාගන්න එකද, නැත්තන් ලෝක ධර්මතාවෙට එරෙහි වෙලා අමරණීය වෙන්න උත්සාහ කරන එකද?

"කෝපි ටිකක් බොන්න... සීනි හැඳි දෙකක්?" එයා ඇහුවෙ පොට් එකෙන් කොෆී කප් එකට කෝපි වත් කරන ගමන්.

මං දුඹුරු පාට කෝපි වතුර ඇතුලෙ දුඹුරු සීනි දියවෙලා යන හැටි බලාගෙන හිටියා. කෝපි කෝප්පෙ ඇතුලෙ පුංචි දිය සුළියක් හැදිලා තිබුණා. හරිම කලබලකාරීයි.

"ආ බොන්න..." දේව් මගෙ අතට කප් එක දුන්නාම මම බොන්න ගත්තා. රසයි... සුවඳයි... බාල කෝපි නෙවෙයි... කෝපි කියන්නෙ ආදරයේ භාෂාවක්... තමන් හදවතින් බැඳුණ කෙනා එක්ක උණුම උණු කෝපි කෝප්පයක් තොලගාන වෙලාවක් කියන්නෙ ජීවිතේ ආදරණීයම මොහොතක්...

එක කෝපි කෝප්පයක් නෙවෙයි, චුට්ට චුට්ට වුණත කෝපි කෝප්ප දහයකට කිට්ටුව මං බොන්න ඇති. අමුතුවෙන් දේවල් ඕනෙ නෑ, මේ කෝපිවල බර ගතියම ඇති කෙනෙක්ව මත් කරවන්න... මගෙ ඇස් යාන්තමට පියවීගෙන එනවා මට දැනෙන්න ගත්තා.

"නැහැ! ඔහු නොවෙයි එසේ කළේ!" මගෙ කන් ඇතුලෙ දෝංකාර දෙන්න ගත්තෙ මහා අ⁣ඳෝනාවක්.

"මමයි වැරදිකරු!"
"ආත්ම රසායනය පුහුණු කළේ මමයි!"
"කරුණාකර ඔහුට සමාව දෙන්න!"
"අනේ කරුණාකරලා!"
"නැහැ! මගේ චාන්!"

දූවිලි වැස්ස | (The Dust Rain) ✔︎Where stories live. Discover now