පාර පුරා වාහන යන්නෙ හෝ ගාලා. වැස්සක් වැටුණත් ක්ෂණිකව වේලිලා යන කරකුට්ටන් වුණ තාර පාරවල්වල දූවිලි හෝ ගාලා ඇවිස්සෙන්නෙ වාහනවල රෝද කැරකෙන වේගෙට.
ඇන්ටික් ශොප් එකේ තියෙන අනම් මනම් හැම බඩුවකම දූවිලි වැදෙන්නෙ නැති වෙන්න පරිස්සමට බලාගන්න ගමන් මං බලන් හිටියෙ පාරෙ කලබලෙන් එහාට මෙහාට යන වාහන දිහා.
"දුල්, ඔය දූවිලි පිහදාන වැඩේ නවත්තලා මෙහෙ එන්න මේ අලුත් ඇන්ටික්ස් ටික අන්බොක්ස් කරන්න ඕන. මේවා ගොඩක් වටිනවා. කවුරු හරි අරගන්න කැමති වුණොත්නම් සෑහෙන ගාණක් හොයාගත්තෑකි." අයියගෙ කටහඬට උත්තරයක් විදිහට මං අයියා හිටපු ස්ටෝ රූම් එකට ගියේ අලුතින්ම අරන් ආපු ඇන්ටික් බඩු තොගය එළියට ගන්නෙ කොයි වෙලේද කියලා බලන් ඉඳපු නිසා.
මම දුලාක්ෂ මන්සිතු නානායක්කාර. මගේ අයියයි මායි දෙන්නා එකතු වෙලා ඇන්ටික් ශොප් එකක් කරගෙන යනවා. අපෙ අම්මයි අප්පච්චියි දෙන්නම ආකියොලොජිස්ට්ස්ලා. ඉතින් එයාලා නිසාම අයියයි මායි මේ පරණ බඩු එකතු කරන වැඩේට හුඟක් කැමැතියි.
අයියා කැම්පස් යන ගමන් මේකෙ වැඩ කරන්නෙ. මමත් ඉස්කෝලෙ ගියපු කාලෙ නම් මේක ඇරලා තිබුණෙ අයියට ලෙක්චර්ස් නැති වෙලාවල්වල විතරයි. ඒත් මම ඒලෙවල් ලියලා ඉවර කරපු දවසෙ ඉඳන් මේ ශොප් එක දවසම ඕපන් කරලා තියෙන්නෙ.
ඉතින් මේ අයියයි මායි දෙන්නම ශොප් එකේ ඉන්න හැන්දෑ වරුවක්. හැන්දෑව කිව්වට හවස හතරට විතර ඇති.
"අයියෙ මටත් පේපර් කටර් එකක් දෙන්න. මං ටිකක් ගන්නම්" අයියා අන්බොක්ස් කර කර හිටපු අයිටම් එක දිහා එබිලා බලපු මම කිව්වෙ තව බොක්සස් ගොඩක් තිබුණ නිසා.
"ඒ මීයෙක්ගෙ පිළිමයක්ද?" මං ඇහුවෙ පෝසිලේන්වලින් හදලා තිබුණ මීයෙකුගෙ හුරුබුහුටි පිළිමයක් දිහා බලන ගමන්.
ඒක හුරුබුහුටි වුණාට හුරතල් පෙනුමක්නම් තිබුණෙ නෑ.
"ඔව්. මේ පාර අපි මේවා ගෙන්නුවේ දකුණු කොරියාවෙන්. අප්පච්චි තමා වැඩේ සෙට් කරලා දුන්නෙ. සෑහෙන අඩු ගානකට ගත්තෙ මල්ලි මේවා. ඒ වුණාට බලන්නකො මාර වටිනවනෙ. මට පෙනුමෙන් කිව්වහැකි." අයියා ඉගෙනගන්නෙත් ආකියොලොජිස්ට් කෙනෙක් වෙන්න. අයියා මාර විදිහට ඒ දේවල්වලට ආසයි. පොඩි කාලෙ ඉඳන් ලැබුණ ඇසුර හින්දයි එක එක හිස්ටොරිකල් ඉන්සිඩන්ට්ස් ගැන හැම වෙලේම අප්ඩේට් එකේ ඉන්න හින්දයි අයියා විතරක් නෙවෙයි මටත් ආසාව තිබුණෙ ආකියොලොජි පැත්තට.
BINABASA MO ANG
දූවිලි වැස්ස | (The Dust Rain) ✔︎
Fanfictionඉතින් මගේ යීබෝ... මං හොඳින්ම දන්න මගේ දේව්... මේ මනූ ආදරෙයි ගණින්න බැරි තරම් ආත්ම ගාණකට... ඇරඹුම : 2023.08.10 අවසානය : 2023.08.11