01

1K 119 19
                                    

අනේ.. අර කවුද අර බබා..
බෙන්ච් එකේ ඉදපු තරුණ කපල් එකක්..
එක්කෙනෙක්ට අනිත් කෙනා නොපරදින කඩවසම් බවක් එයාලගේ තිබුනා..

එක්කෙනෙක් ටිකක් ඔරවගෙන හිටියේ oversized shirt එකට ශෝට් එකක් දාලා තනි කලු! එයා ඔරවගෙනම උත්තර දුන්නේ ඈත මොනවහරි හොයන ගමන්..

මන් දන්නේ කොහොමද?

අනෙ ඒ වගේ ලස්සන බබෙක් මටත් හිටියනම් කොච්චර හොඳයි ද??
අනිත් කෙනා ආයේ කියුවේ තනියම සෙල්ලම් කරන ලස්සන චූටි කොලු පැටියෙක් දිහා බලාගෙන..

සිරාවටම ද කියුවේ බබා..

ජෝන් ජන්ග්කුක් ඇස් දෙක රෝල් කරලා එයාගේ එහා පැත්තෙන් හවායි බ්ලූ ශර්ට් එකට pure white short එකක් දාලා වතුර බෝතලේකුත් අතේ එල්ලගෙනම ළමයි සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්න කෙනා දිහා බැලුවේ ඇත්තටම මේ එයාම ද කියලා අදුරගන්න වගේ ලුක් එකකින්..

කිම් ටේහියොන්ග් කියන තරුන මහත්තයා එයාගේ හස්බන්ඩ් එක්ක වාඩි වෙලා හිටියේ පාක් එකේ බෙන්ච් එකක් උඩ..

පපා........!!!!!!!

පපා.... !!!!!!

පපා!!!!

පප්පෝඕඕඕ !!!!!!

ප....පාආආආඅ !!!!!

පාක් එකේ පාට පාට සමනල්ලු වහගෙන වගේ පොඩි ළමයි එහෙට මෙහෙට දුව දුව සෙල්ලන් කරන අතරේ එක චූටි බබෙක් මේ කපල් එක දිහාම බලාගෙන හයියෙන් කෑගැහුවා..

ළා දුඹුරු පාට බොකුටු බොකුටු කොන්ඩයක් තිබුනු මේ චූටි බබාට තාම වයස අවුරුදු හතරකට කිට්ටුයි.. ලස්සන චූටි හීනි දිග ඇස් බොත්තම් නහය වගේම එයාගේ කට...

ඒක තනිකරම කොටුවක් !!!

එයා හිනා වෙද්දි ඒක හාට් ශේප් එකක් ගත්තේ එතන ඉදපු ගොඩක් අයගෙ ඇස්  තනියම සෙල්ලන් කරන මේ ලස්සන චූටියට නිකන්ම ඇඳිලා එද්දී...

බබා ඇයි මට පොඩි පගෙක් කෑගහනවා ඇහෙන්නේ..?

ඒපාර නම් ජන්කුක් රවපු රැවිල්ලට මෙච්චර වෙලා බෝල පස්ස රත් කර කර හිටපු ටේහියොන්ග් උඩ විසි වෙලා ගිහින් නැගිට්ටා.. එයාගේ හස්බන්ඩ් හාවෙක් වගේ තමයි හැබැයි තරහ ගියාම ඒක හාවෝ දෙන්නෙක් වෙනවා..

The Bullet🌝  Taekook ✔🔥🍄Where stories live. Discover now