28.. විසි අටවෙනි දිගහැරුම.....💢

1.8K 382 196
                                    

🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊.....................

.
.
.
.

නිෂීට ආහාර සූදානම් කර තබා යන්න යයි පැවසූ යීබෝ සීන් සමඟින් නිවසට එන්නට කඩුල්ල පැන්නේය....

ඒත් ගේට්ටුව අසල ඔවුන් එනතුරු බලාගෙන සිටිනු දුටු රුව නිසා සීන් නතරවී යීබෝ දෙස බැලුවේ ය.....

" එයා ඇයි අදත්............."

**

සීන් යීබෝගේ මුහුණ දෙස බලාගෙන අසද්දී ඔහු සිනාසුනේය.....

" බට වගයක් හදන්න........"

යීබෝ ඉදිරියට ගමන් කරමින් ගණනකට නැතුව කියද්දී සීන් ඇස්දෙක සිහින් කරමින් යීබෝ දෙසත් ගේට්ටුව අසල හිටගෙන සිටින ඩන්කන් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය...

" මම දන්නේ නැතුව කැඩිච්ච බටේ මොකක්ද...."

ඒ සීන්ගෙ ඊළඟ ගැටළුවයි...

" කැඩිලා නෙවෙයි බෝල බබී........ අර පිටිපස්සේ තියෙන බට ලයින් එක අලුත් කරන්න...."

ඉතින් සීන් නිහඩවිය...නමුත් ඉතින් ඔහුගේ හිතට කුතුහලයක් ඇති නොවුණා නොවේ..... මීට දින දෙකකට පෙර පැමිණ යීබෝ සමගින් මොනවාද මොනවාදෝ කතාබහ කරමින් හිඳ ගිය ඩන්කන් යළිත් මට ලයින් එකක් හදන්නට ඇවිත් සිටී....

" සර්............"

නමුත් පුදුමයකට තිබෙන්නේ ඔහු ඉදිරිපස නිවස දෙස බලන්නේවත් නැත...සීන් නිහඩව ගේට්ටුව විවෘත කළ පසු තිදෙනාම වත්තට ඇතුළු වූ අතර යීබෝ ගේට්ටුව වසා දැම්මේය..

" ඩන්කන් වැඩේ පටන්ගන්න....බෝලේ kitchen එකේ දොර ඇරලා තේ හදන්න ගන්න ......මම වොෂ් එකක් දාගෙන එන්නම්......."

ඉතින් ඩන්කන් මුලුතැන්ගෙය පැත්තේ මිදුලට ගිය අතර සීන් තේ හදන්නට වතුර උනුවෙන්නෙට තැබුවේය...

" ඔක්කොම ගලවනවද ඩන්කන් මාමේ......"

සීන් මුළුතැන්ගෙයි මිණිපුරට බසින පඩිය උඩ වාඩිවී වතුර උණු වෙන තුරු ඩන්කන් සමඟ කතාවට වැටුනේය...

" හ්ම්ම්ම්......... මේවා පොළවේ වල දාලා නැති නිසා අව්වට සවුත්තු වෙලා තියෙන්නේ......"

ඉතින් සීන් කම්මුලටත් අතක් තියාගෙන ඩන්කන් බට මාරුකරන දෙස බලාගෙන සිටින්නේය.... දැන් මෙය ඔවුන් සිටින නිවසේ පිටුපස කොටසේ අඩි හතක් අටක් එහාට වෙන්නැති තිබෙන තාප්පයෙන් අනෙක් පස තිබෙන්නේ පස්වැනි මාවතට සම්බන්ධ වන ගෙවල් පේළියේ හතරවෙනි ගෙදරයි...... කොහොමත් ඒ පැත්තට වෙන්න තියෙන තාප්පය නිවස දෙපසින් ඇති තාප්පයට වඩා මදක් උසින් පිහිටා ඇත.....

🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾   🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )Where stories live. Discover now