🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊............
.
.
.
.
." ස්.....සර්.........."
ඔහුගේ තොරතුරු සටහන් කර ගෙන අවසානයේ අනෙක් රෝගියා අසලට ඇවිද යන්නට ගිය යීබෝ යලිත් ඔහු දෙසට හැරුනේය...
" අමාරුම වෙලා අරගෙන ආපු දහ දෙනා අතර අපි දන්න කෙනෙක් ඉන්නවා.."
ඉතින් යීබෝ යළිත් ඔහු අසලින් වාඩි වුණේ ය..
**
" ඔව් කියන්න ........"
" ස්...සර්........ හැමදාම ඔෆිස් එකට එන පොඩි ළමයගෙ පපා.........."
යීබෝගේ හදගැස්ම වේගවත් වන්නට පටන්ගත්තේය...
" ඉතින්.........."
එම පුද්ගලයා එසේත් නැතිනම් පින් යෙන් කතා කරන්නේ තරමක් අපහසුවෙන් නිසා මදක් නිහඬව සිටි අතර යීබෝ කලබලයෙන් නමුත් ඉවසීමෙන් ඔහුදෙස බලාගෙන සිටින්නේය....
" ෂ්.....ෂියාඕ......සො...සොන්....... එයා තමයි අර icu එකට දැම්මේ......."
යීබෝගේ උරහිස උඩින් ෂුවාන් අතක් තැබුවේ නිල ඇඳුම ඇඳගෙන ඉහළ නිලතල දරන බව අඟවන්නට පදක්කම් ගසාගෙන සිටින තම මිතුරා මේ මොහොතේ සන්සුන් විය යුතු බව අවබෝධවූ නිසාවෙනි.... ඇත්තෙන්ම ෂුවන්ගේ ස්පර්ශයෙන් යීබෝ සන්සුන්විය... වසර 5 ක් පුරාවට තම පියා පැමිණෙන තුරු මග බලා ගෙන සිටින සීන්ගේ මුහුණ යීබෝට මැවී පෙනෙන්නට පටන් ගත්තේය...
" එයා කියලා කොහොමද හරියටම කියන්නේ......"
පවසන කතාව ඇත්තක් වන්නට ඇත...නමුත් සැක සැක හැර දැන ගැනීම යීබෝගේ අරමුණයි....
" සොන් ගගාව ෂියාමේන් වල ....නොදන්න......කෙනෙක් නෑ සර්....... දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ට උදව් කරන හිත හොඳ මනුස්සයෙක්....කැහ්.......කැහ්....... එතනට අල්ලගෙන ගිය අපි හැමෝම මුංගෙ ජාවාරම ඇහැට දැකපු මිනිස්සු සර්......... කැහ්.......කැහ්......සොන් ගගාට මීට මාස දෙකකට විතර උඩදී........පැනලා යන්න හොඳටම චාන්ස් එක තිබුණා.......මෝඩ මනුස්සයා.......තනියම පනින්නෙ නැතුව ඔක්කොම අරගෙන යන්න හැදුවා.......ඒ වෙලාවේ ගහපු පාරවල් වලට තමා......ඔත්පල උනේ.......... කැහ්........"
YOU ARE READING
🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )
Fanfictionමිනී කන මෝරුයි සමහර මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ....💚💚 අවුලක් නෑ මම මෝර මාලු කන්නෙ නෑ ...❤❤ මුහුද රලු උනාට බලාගෙන ඉන්නකොට ලස්සනයි ...❤❤ ලස්සන කන්නද .... 💚💚