🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊.............
.
.
.
.සඳුදා දිනයට හිරු උදා වී තිබෙද්දී යීබෝ අලස ලෙසින් නමුත් ඉක්මනින් නැගිට ගත්තේය... සීන් අද තේ හදන්නට එන්නේ නැති බව දන්නා නමුත් වැඩට යන්නට පෙර ඔහු අසල විනාඩි දහයක් පහලවක් වත් රැඳිය යුතු බව යීබෝ පෙරදින රාත්‍රියේ ම හිතා ගත්තේ ය...
පෙරදින රාත්‍රියේ කරන්නට තිබුණු බරපතළ රාජකාරියක් අවසන් කර යීබෝ නින්දට යද්දී වෙලාව පාන්දර 1 පසුවී තිබුණත් හයටත් පෙර නැගිට ගත් ඔහු වොෂ් එකක් දමාගෙන සූදානම් විය... අද ඉතින් උදෑසන වරුවේ සීන් නිවසේ හිටියට ගැටළුවක් නැත....සීන්ගේ මව අද වැඩට යන්නේ රාත්‍රී සේවය සඳහා ය... ඉතින් හය වෙන්නට පෙර ඉක්මනින් එන්නට යිබෝ හිතාගත්තේය ...
බොන්නට තේකක් හදා ගන්න ගමන් යීබෝගේ මුහුණට සිනහවක් මතු වුණේ දැන් දවසේ රාජකාරි සියල්ල තමන් පෙළ ගස්වන්නේ සීන්ගෙ වැඩ කටයුතු සමග බැලන්ස් කරගෙන නොවේදැයි කල්පනා වූ නිසාවෙනි ....
සීන් නිසා ඉක්මනින් එන්න, සීන් අසල රැඳෙන්නට අවශ්‍ය නිසා විනාඩි 15ක් වත් කලින් නිවසින් පිට වෙන්න...... ඉතින් සීනිබෝලයක් කෙරූ හරියක්........යීබෝ හදාගත් තේ කෝප්පය තොල ගාමින් ඉදිරිපස දොර විවර කළේය... දින ගණනාවක්ම......එසේත් නැතිනම් මාස දෙකකට ආසන්න වෙන්නම සීන්ගේ කිරි එකට පුරුදු වී සිටි නිසා අද ඔහු හදාගත්තේය ඒක බොන්නට නොහැකිව යීබෝ අසරණ විය..
" සීනිබෝලේ තමයි රසටම තේ හදන්නේ......"
උගුරු දෙක තුනක් පමණක් පානය කර තේ එක මිදුලට වීසිකෙරූ යීබෝ එලෙසින් කියා යලිත් නිවස තුළට යන්නට හැරෙද්දි කවුරුන් හෝ ගේට්ටුවට තට්ටු කරන හඬක් ඇසුණි... ඉතින් හිස ඔසවා බලද්දි දුටුවේ වෙන කිසිවෙකුත් නොව වැඩට යන්නට සූදානම් වී සිටින සීන්ගේ වචනයෙන් කියනවා නම් ජුන් බඩාය....ඒ නම සිහිවී මුහුණට සිනහවක් නැගුනත් මේ උදේ පාන්දර මොන හේතුවකට ඔහු පැමිණියේ දැයි යන්න සිහි වී යිබෝගේ මුහුණට කේන්තියක් ද මතුවුනේය....
YOU ARE READING
🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )
Fanfictionමිනී කන මෝරුයි සමහර මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ....💚💚 අවුලක් නෑ මම මෝර මාලු කන්නෙ නෑ ...❤❤ මුහුද රලු උනාට බලාගෙන ඉන්නකොට ලස්සනයි ...❤❤ ලස්සන කන්නද .... 💚💚