🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊..............
.
.
." මොනවද කල්පනා කරන්නෙ බුබූ........"
ඉරිදා සවස ඔවුන් යලිත් දුම්රියෙන් ෂියාමේන් එන්නට පිටත්වුනේය.... ගමන ආරම්භ වූ මොහොතේ පටන් හෝරාවක් පමණ යනතුරු සීන් කවුළුවෙන් පිටත බලාගෙන සිටියේ ඉතින් මේ රාත්‍රිය නොවන නිසා වටපිටාව හරි අපූරුවට දැකබලා ගැනීමටයි... කවුළුවේ වීදුරුවෙන් තමන් දෙස බලාගෙන බර කල්පනාවක සිටින යීබෝව සීන් දුටුවේය... නිහඬව විනාඩි කිහිපයක් එලෙසින්ම සිටියත් යීබෝ ඔහුගේ ඉරියව්ව වෙනස් කරන්නෙවත් කල්පනාව නතර කරන්නෙ වත් නැති බව දුටු සීන් ඔහුගේ හිස යීබෝ දෙසට හරවා ඇසුවේය...
" හ්ම්ම්ම්ම්......
යීබෝගේ කල්පනාවෙ තරම කොයිතරම්ද යත් සීන් ඇසුවේ කුමක්දැයි කියා වත් ඔහුට හරිහැටි ඇසුණේ නැත...
" ඔයා මොනවද ඔය තරම් කල්පනා කරන්නේ කියලා ඇහුවේ..."
යීබෝ සිනාසී බර හුස්මක් පිටකර සීන්ගේ අතකින් අල්ලාගත්තේය...
" මීට කලින් මේ වගේ වැඩවලට යද්දී හිතේ තියෙන හයිය අද මට නෑ බෝලේ..... ඔයාට තනි කරලා යන එක මට ටිකක් කරන්න අමාරුයි වගේ......"
ඇත්තෙන්ම මේ මොහොතේ ඔහුගේ හදවතට දැනුනු සැබෑම හැඟීම ඔහු වචන කළේය... සීන්ගේ ඇස්වලටත් ක්ෂනයකින් කදුලු පිරුනේය..
" මාසයයිනේ බුබූ........මටත් වඩා ඔයානෙ අවුල් වෙලා ඉන්නේ......."
සින් යීබෝගේ උරහිසෙන් හිස තියාගත්තේය.....යීබෝ ඒ හිස්මුදුනට දෙතොල් තදකරගත්තේය... පෙරදින රාත්‍රියේ සිදුවූ සිදුවීම් සමඟින් උදෑසන වන විට මව මොන විදිහට ප්‍රතිචාර දක්වයි දැයි කියා කල්පනා කරමින් නින්දට ගියත් උදෑසන තත්ත්වය වෙනදාටත් වඩා සාමකාමී වී තිබුණි.... වෙනදා මෙන්ම ජෙනී සීන් සමඟින් ඉතාමත් ලෙන්ගතුව කථා බහ කළ අතර ඔහු වෙනුවෙන්ම උදෑසන ආහාර වේලක් පවා පිළියෙල කර තිබුණි.. ඇගේ තීරණය කුමක් වුවත් නිහඩව නිවසින් පිට වෙන්නට හිතාගෙන සිටි යීබෝට ඇගේ හැසිරීම ඇත්තෙන්ම සහනයක් විය....
" අංකල් යුන්ග් තරහ වෙච්ච එක ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිද මමා ......"
YOU ARE READING
🏊🏊 A̾q̾u̾a̾ S̾h̾i̾e̾l̾d̾ 🏊🏊....... yizhan fan fiction ......( Complete ✔ )
Fanfictionමිනී කන මෝරුයි සමහර මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ....💚💚 අවුලක් නෑ මම මෝර මාලු කන්නෙ නෑ ...❤❤ මුහුද රලු උනාට බලාගෙන ඉන්නකොට ලස්සනයි ...❤❤ ලස්සන කන්නද .... 💚💚